ලෝකයේ විස්මයජනක බෞද්ධ ලෙන් විහාර 7ක් – Sri News

0
7

අපේ රටේ බොහොමයක් ලෙන් විහාර දකින්නට ලැබෙනවා. සාමාන්‍යයෙන් අපේ කතාවක් තියෙනවා වළගම්බා රජ්ජුරුවෝ හැංගිලා හිටපු නැති ගල්ගුහාවක් නෑ කියලා. පස්සේ කාලෙදි වළගම්බා රජතුමා හැංගිලා හිටපු බොහෝමයක් ගල් ගුහාවල ලෙන් විහාර කරවලා තියෙනවා. ඒ නැතත් අනුරාධපුර යුගයේ මුල් කාලෙදි භික්ෂූන් වහන්සේලා භාවනා කරන්න තෝරගෙන තියෙන්නෙ ගල් ගුහා. පස්සෙ කාලෙකදි මේ ගල් ගුහා ආශ්‍රිතව විහාරාරාම සංකීර්ණය ගොඩනැගිලා තියෙනවා. අපි අද කතා කරන්න යන්නේ ලංකාවේ ලෙන් විහාර ගැන නම් නෙමෙයි. ලෝකය පුරා වන්දනාමානයට පත්වෙන බෞද්ධ ලෙන් විහාර කීපයක් පිළිබඳවයි.

 

 

උතුරුදිග බුරුමයේ පිහිටා තිබෙන මේ ලෙන් විහාර සංකීර්ණය පිහිටලා තියෙන්නෙ චින්ඩ්වින් නදියේ බටහිර ඉවුරේ. මේ ලෙන් විහාර සංකීර්ණයට නම ලැබිලා තියෙන්නෙ තනිව බවුන් වඩන විහාරය යන අර්ථයෙන් කියලා විශ්වාස කරනවා. සමස්ත විහාරාරාම සංකීර්ණය තුළ 947 ක් පමණ වූ ලොකු කුඩා ලෙන් පිහිටා තිබෙනවා. මේ සෑම ලෙනක්ම පාහේ බුද්ධ ප්‍රතිමා වලින් සහ සිතුවම් වලින් අලංකාර වෙලා තියෙනවා.

 

ලෝකයේ අනෙකුත් ලෙන් විහාර පිළිබඳව සළකා බලද්දී මෙම විහාරයේ ඉතිහාසය සියවස් එකහමාරකට පමණ සීමා වෙනවා. තායිලන්තයේ ඇති මෙම විහාරාරාම සංකීර්ණය නිර්මාණය කළ තැනැත්තා ලෙස සැළකෙන්නේ චූලාලංකාර රජුයි. ඔහු විසින් සිය පිය රජු වන මොන්කුට් සිහිපත් කිරීම සඳහා මෙම විහාරය තනවා තිබෙන බව සඳහන් වෙනවා.

 

 

සීගිරි චිත්‍ර වලට සමාන බිතුසිතුවම් සම්ප්‍රදායක් ඇති නිසා අජන්තා ලෙන් විහාරය ගැන යම්තාක් තොරතුරු අපේ පාසල්වල විෂය නිර්දේශවලටත් ඇතුළත් වෙලා තියෙනවා. වර්තමාන ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයට අයත් වෙලා තියෙන මෙම විහාර සංකීර්ණය ගල් කැටයම් වලින් සහ විශිෂ්ට ගණයේ සිතුවම් වලින් අනූනයි.

 

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here