ලෝකයේ ධනවත්ම කුමාරිකාවන් 7 දෙනා සහ ඔවුන්ගේ අරුම පුදුම ජීවින රටා – Sri News

0
3

ලෝකයේ ධනවත්ම පුද්ගලයන් සහ එයාලගෙ වත්කම් ගැන අපිට නිතර නිතර අහන්න ලැබෙනවා. ඒත් ලෝකයේ රාජකීය පරම්පරාවලට නෑකම් කියන කුමාරිකාවන් සතු ධනය ගැන නම් අහන්න නොලැබෙන තරම්. ඔයාල දන්නවද ධනවත්ම කුමාරිකාවන් අතර වයස අවුරුදු 7ක් තරම් ළාබාල කුමාරිකාවකුත් ඉන්න බව? ඔව්! ඉන්නවා. ඉතින් ඇයත් ඇතුළුව ලෝකයේ ධනවත්ම කුමාරිකාවන් ගැන කතා කරන්නයි lifie අපි සූදානම් වෙන්නේ.

World's richest princesses

ලෝකයේ ධනවත්ම කුමාරිකාවන් අතර 7 වන ස්ථානය හිමිකර ගන්නේ සොෆියා කුමරිය. ඇය සතු ශුද්ධ වටිනාකම ඩොලර් මිලියන 10ක් කියල තමයි සදහන් වෙන්නේ. ඇය ස්විඩනයේ රාජකීය පවුලේ කාල් පිලිප් කුමරුගේ බිරිඳ. 1984 දෙසැම්බර් 6 වනදා තමයි ඇය ස්විඩනයේ උපත ලබන්නේ. ඇය නිරූපිකාවක් සහ රියැලිටි තරුවක්. මේ නිසාම කාල් පිලිප් කුමරා විවාහ කරගන්නට පෙර සිටම ඇය ස්වීඩනයේ ප්‍රසිද්ධියට පත්ව සිටියා. සොෆියා කුමරිය දරුවන් දෙදෙනෙකුගේ මවක්.

World's richest princesses

ඈන් කුමරිය කියන්නේ එංගලන්තයේ මහ රැජිනගේ එකම දියණිය. ඇය සිහසුනට පත්වන ලැයිස්තුවේ 12 වැනි ස්ථානයේ තමයි ඉන්නේ. ඇය එංගලන්තයේ ඔලම්පික් ක්‍රීඩා උළෙලකට සහභාගී වූ එකම රාජකීය කුමාරිය ලෙස ඉතිහාසගත වෙනවා. ඈන් 1976 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට තරඟ කළේ අශ්වාරෝහක ක්‍රීඩිකාවක් විදිහ⁣ට.

ඇය සතු ධනයේ ශුද්ධ වටිනාකම ඩොලර් මිලියන 30 ක්. ඈන් උපදින්නේ ඇගේ මවගේ සීයා වන හයවන ජෝර්ජ් රජුගේ පාලන සමයේදී. ඒ 1950 අගෝස්තු 15 වන දින.

World's richest princesses

මොනාකෝවේ කැරොලයින්, හැනෝවර් කුමරිය, මොනාකෝ හි කැරොලයින් කුමරිය ලෙසද හැඳුන්වනවා. ඇය ග්‍රේස් කෙලී සහ රේනියර් කුමරුගේ වැඩිමහල් දුව. කැරොලයින් පැරිසියේ සෝබෝන් හි දර්ශනය හැදෑරූ උගත් කාන්තාවක්. ඇය තුන් වතාවක් විවාහ වී තියෙනවා. ඇගේ වර්තමාන සැමියා හැනොවර් හි අර්නස්ට් ඔගස්ට් කුමරු.

ඇය සතු ශුද්ධ වටිනාකම ඩොලර් මිලියන 100 ක් වෙනවා. ඇය උපදින්නේ 1957 ජනවාරි මස 23 වන දා.

World's richest princesses

මොනාකෝවේ ස්ටෙෆනි කුමරිය, ග්‍රේස් කෙලී සහ රේනියර් කුමරුගේ බාලම දරුවා. ඇය සතු ශුද්ධ වටිනාකම: ඩොලර් මිලියන 100ක්. ඇය ලෝකයේ (80 දශකයේ) නිරූපිකාවක් සහ ගායිකාවක් ලෙස ඉතා ප්‍රසිද්ධියට පත්වුනා. 1965 පෙබරවාරි 01 තමයි ඇය උපත ලැබුවේ. මේ වන විට මේ ධනවත් කුමරිය ගායිකාවක්, පිහිනුම් ඇඳුම් නිර්මාණ ශිල්පිනියක් සහ විලාසිතා නිරූපිකාවක් ලෙස කටයුතු කරනවා.

ඇය ගායිතාවක් කියල කව්වනේ. ඉතින් ඇයගේ පළමුවන ගීතය වන 1986 පෙබරවාරියේදී නිකුත් කළ “Ouragan” ගීතය සහ එහි ඉංග්‍රීසි පිටපත “Irresistible” යන දෙකම ලෝකයේ ඉතා ජනප්‍රිය වුනා. පිටපත් මිලියන 2 කට වඩා අලෙවි වූ බවත් සදහන් වෙනවා ඒ වගේම ඇයගේ “ෆ්ලෑෂ්” ගීතය, මෙන්ම එහි ඉංග්‍රීසි අනුවාදය වන “One Love to Give” ද යුරෝපය පුරා ජනප්‍රිය වුනා. මේ නිසා ඇය ගායිකාවක් විදියට වඩාත් ප්‍රසිද්ධයි වගේම ලෝකයේ 4 වන ධනවත් කුමාරිකාව විදියටත් ප්‍රසිද්ධයි.

World's richest princesses

ඇය සතු ශුද්ධ වටිනාකම ඩොලර් මිලියන 150ක්. ඇය මොනාකෝ හි සාමාන්‍ය පවුලක ඉපදුනු අයෙක්. ඇය ඉපදුනේ 1978 ජනවාරිය 25 දා.

ඇය සාමාන්‍ය පවුලක හැදී වැඩුණු අයෙක්. ඒ වගේම හිටපු ඔලිම්පික් පිහිනුම් ක්‍රීඩිකාවක්. ඇය පිහිනුම් ක්‍රීඩිකාවක් වීම නිසා තමයි රාජකීය පවුලට සම්බන්ධ වෙන්න ලැබෙන්නේ.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here