ලොහාන් ඇප ඉල්ලයි. පෙත්සමට දින නියම කෙරේ

0
27


රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ඇප මත නිදහස් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම සලකා බැලීම සඳහා ලබන 19 වනදා කැඳවීමට අභියාචනාධිකරණය අද (නොවැම්බර් 11) තීන්දු කර තිබේ.

ඒ, එම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ අද කැඳවූ අවස්ථාවේදී ය.

එදිනට මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසත් විනිසුරු මඬුල්ල පෙත්සම්කාර පාර්ශ්වයට නියම කළේය.

ලොහාන් රත්වත්තේ මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ මිරිහාන ප්‍රදේශයේ නිවසක තිබී ලියාපදිංචි නොකළ සුඛෝපභෝගී මෝටර් රථයක් සොයාගැනීමේ සිද්ධියට අදාළව ය.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here