​ලොව විශාලතම ඇමසන් වනය ගැන පුදුම හිතෙන තොරතුරු – Sri News

0
3

ලෝකේ විශාලතම වනාන්තරය තමයි ඇමසන්. ජීවින් අතින් ගත්තත්, විශාලත්වය අතින් ගත්තත්, ​ඇමසන් වලට ගහන්න වෙනත් වනාන්තරයක් ලෝකේ නැති තරම්. දකුණු ඇමරිකාවේ තියෙන නිසා අපිට නම් ඇමසන් දැකබලාගන්න අමාරුයි. ඒත් ඇමසන් වනාන්තරය ගැන විවිධ වැඩසටහන් නම් අපිට ඩිස්කවරි නැශනල් ජියෝ නාලිකා හරහා නිතරම දැකගන්නට ලැබෙනවා. එහෙනම් අපි ඇමසන් ගැන සරල කාරණා ටිකක් දැනගනිමු.

 

ඇමසන් වනාන්තරය වර්ග කිලෝමීටර මිලියන 5.5ක් තරම් විශාලයි. ලංකාව එක්ක බැලුවොත් ඇමසන් වනාන්තරය ලංකාව වගේ 83 ගුණයකට වඩා විශාලයි. ග්‍රී​ක මිත්‍යා කතා වල ඉන්න සැමියෙකු නැති කාන්තා වීරවරියක් වන ​ඇමසන් කියන වීරවරියගේ නම තමයි ඇමසන් වනයට ඇවිල්ලා තියෙන්නේ. ස්පාඤ්​ඤ ගවේෂකයෙකු වන ෆ්‍රැන්සිස්කෝ ඔරෙල්ලනා විසින් තමයි ඒ සුපිරි නම තියලා තියෙන්නේ.

 

මේ මහා ඇමසන් වනාන්තරය අයිති වෙන්නේ දකුණු ​ඇමරිකා මහද්වීපයට. මේ වනාන්තරය මූලික වශයෙන් බ්‍රසීලයට අයිතියි. පහුගිය කාලේ ලැව්ගිනි ඇතිවුණු වෙලාවේ ඒ ලැව්ගිනි ව​ළක්වන්න බ්‍රසීලය නිසි ක්‍රියාමාර්ග ගත්තේ නැහැය කියලා බ්‍රසීලයට චෝදනාවකුත් ආවා. ඊට අමතරව බොලීවියාව, පේරු, ඉක්වදෝර්, කොලොම්බියාව, වෙනිසියුලාව, ගයානාව සුරිනාම් සහ ප්‍රංශ ගිනියාව කියන රටවලටත් ​ඇමසන් වනාන්තරය අයිති වෙලා තියෙනවා.

 

ඇමසන් නදිය ඇමසන් වනාන්තරයේ උතුරු දිගින් පිහිටලා තියෙනවා. ඇමසන් නදිය එහි අතු ගංගාත් එක්කම කිලෝමීටර 6,840ක් පමණ දිගයි. ගොඩක් විද්‍යාඥයෝ නයිල් ඇරුනාම ලෝකේ දිගම ග​ඟ විදිහට ඇමසන් නදිය දක්වනවා. ඇමසන් නදියෙන් තත්පරයකට ගැලුම් මිලියන 55ක් අත්ලාන්තික් සාගරයට ජලය එකතු කරනවා.

 

දැනට දියුණු ලෝකේ එක්ක නොගැටුණු ගෝත්‍රිකයෝ ඉන්න තැනක් තමයි ඇමසන් වනාන්තරය. එහි ඉන්න අමෙරින්ඩියන් කියන ගෝත්‍රිකයන්ගෙන් කොටසක් කිසිදාක අවට ලෝකේ මිනිස්සු එක්ක ගැටිලා නැහැය කියලා තමයි විශ්වාස කරන්නේ. ඔවුන් මුලු ලෝකෙටම ඉන්නේ 400ක් විතර ජනගහ​ණයක්. ඒකත් ලේසියෙන් දැකගන්න අමාරු ඇමසන් වනාන්තරය ඇතු​ළේ.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here