ලොව කැළඹු සත්‍ය දාම ඝාතන කතා – Sri News

0
5

දාම ඝාතකයන් එහෙමත් නැතිනම් සීරියල් කිලර් කියන නමෙන් හඳුන්වන්නේ එක්තරා විදියක උමතුවකින් මිනිසුන් ඝාතනය කරන්න යෙදෙන අමුතු මනුස්ස කොට්ඨාසයකට. සාමාන්‍ය මිනිමරුවෙකුට වඩා අතිශය භයානක දාම ඝාතකයන් අල්ලා ගන්නත් හරිම අමාරුයි. හැබැයි මෙයාලගේ අපරාධ සිදු කරන එක රටාවක් තියෙනවා. ලෝකයේ බොහෝ චිත්‍රපටවලට මේ වගේ සිදුවීම් හේතුපාදක වෙලා තියනවා. කොහොම හරි අද මේ කතා කරන්නේ එහෙම බයිස්කෝප් කතාවක් නෙවෙයි ඇත්තට ම මේ ලෝකේ සිද්ධ වුණ හඳුනාගත් සහ නොගත් දාම ඝාතන සිදුවීම් කීපයක් ගැනයි.

 

ඔයාලා “Memories of Murder” චිත්‍රපටය බලලා ඇති. ඒක හදලා තියෙන්නේ 2003 අවුරුද්දේ. ඒ අවුරුද්දේ එහෙම ෆිලුමක් හැදුවේ එකදාස් නවසිය ගණන්වල මුළු කොරියාව ම විතරක් නෙවෙයි ලෝකය ම භීතියට පත් කරපු ඝාතන රැල්ලක් එක්ක. දකුණු කොරියාවේ හ්වාසෙන්ග් පළාතේ හිටිහැටියේ ම කාන්තාවන් දස වද දීලා මරා දාන්න පටන් ගත්තා. එහෙම මරපු ගණන 10ක්. වැඩේ කියන්නේ මේ මිනීමැරුම් සිද්ධ කරලා තියෙන්නේ ඒ කාන්තාව සතු ඇඳුම් ආයිත්තම්වලින්මයි. ඒ කියන්නේ ස්ටොකින්ග්ස්, බෙල්ට් වගේ ඒවයෙන්. ඒ වගේ ම සෑහෙන ජුගුප්සාජනක විදියට ලිංගික අවයවවලට හානි කරලා තිබ්බා. සැකකරුවා ගැන තිබුණ සෑහෙන හොඳ සාක්ෂියක් වුණේ එයාගේ අත් දෙක සුමුදුයි කියන එක. කොහොමින් හරි මිනිස්සු 21000කගෙන් විතර ප්‍රශ්න කරලත් තියෙනවා. මේක කොපි කැට් මර්ඩර් කේස් එකක් වුණා. ඒ කියන්නේ ඇත්ත ම ඇත්ත මිනීමරුවාගේ ක්‍රමය අනුගමනය කිරීමක්. එහෙම ඝාතනයක් කරපු කෙනෙක් ඉස්සෙල්ලා ම අල්ලා ගත්තා. ඊයේ පෙරේදා ඇත්ත ම ඇත්ත මිනීමරුවා පාපොච්චාරණයක් කරලා තිබුණා. ඔහු ඇත්තෙන් ම කාන්තාවන් 15ක් මරලා තිබුණා. ඉන් 9 දෙනෙක් ම හ්වාසෙන්ග් දාම රැල්ලට අහු වුණ යුවතියන් වුණා. එක මිනීමැරුමක් කරලා බසයකට ගොඩ වැදුණු වෙලේ කොන්දොස්තරයි ඩ්‍රයිවර් උන්නැහැ කිව්ව කරුණුයි එක්ක පොඩි ස්කෙච් එකක් ඇඳලා තිබුණා. මොහුගේ රූපය ඒකට හොඳට ම ගැලපෙනවා. අදටත් කොරියාව කම්පනය කරන කතාවක් තමයි මේ. 

 

19වන සියවසේ ඉහත්තාවේ සිද්ධ වෙච්ච අමුතු මිනීමැරුම් ජාලාවක්. අදටත් හොයාගන්න බැරි වුණා මේ මිනීමරුවාගේ වගතුගක්. ඒ කාලයේ එංගලන්තයේ බලන බලන ​අත දුප්පතුන් හිටියා. මිනීමැරුම්, හොරමැරකම් සෑහෙන වුණා. ඒත් මේ වගේ දෙයක් මුළු එංගලන්තයටම වුණේ එක පාරයි. ලන්ඩනයේ වයිට්චැපල්වල තමයි මිනීමැරුම් සිද්ධ වුණේ. ගණනින් 5යි. ඇත්තම කියනවා නම් මේ කියන කාලයේ මිනීමැරුම් 11ක් වුණා. සමානකම් තිබ්බේ 5ක විතරයි. ඔක්කොම කාන්තාවෝ. ඔක්කොම වුණේ මහා රෑ. නිකන් ම මරලා දාන්නේ නැතුව බල්ලෙක් කෑවා වගේ සිරුර විකෘති කරලා තිබ්බා. ඉතින් මේ විකෘති එක්ක තමයි පොලිසිය තීරණය කරේ මේවා කරන්න ඇත්තේ එකම එක කෙනෙක් තමයි කියලා. ඒ විතරක් නෙවේ. එයාලා හොයා ගත්තා වමත හුරු කෙනෙක්ගේ වැඩක්ය කියලා මේක. එච්චර තමයි ඉතින් හොයා ගත්තේ. සමහර අයගේ ගර්භාෂ, වකුගඩු විතරක් නෙවේ හදවතත් උගුලාගෙන ගිහින් තිබ්බා. පොලිසිය අසාර්ථක වුණා. අසතුටට පත් මිනිස්සු ස්වේච්ඡා සේවයේ යෙදුණා. ඒ මොනවා කරත් මනුස්සයව අල්ලගන්න බැරි වුණා. මිනීමැරුම් කරපු සාහසික විදිය මොන තරම් ද කියනවා නම් මිනීමැරුමට සැක පිට අල්ලා ගත් ගොඩක් අය මස් මරන්නෝ සහ ශල්‍යකර්ම කරන දොස්තරලා. 1881න් පස්සේ නැවතුණ මේ ඝාතන උමතුව අදටත් ලොව බිහිසුණුම දාම ඝාතන කතාව විදියට සැලකෙනවා.

 

ටෙඩ් බන්ඩි නාමය කියූ සැනින් අදටත් මුළු ඇමරිකාව ම බියට පත්වෙනවා. මොහු ගැන කතාබහක් මේ ළඟ දී ආයෙත් ඇති වුණේ Extremely Wicked, Shockingly Evil and Vile කියන නමෙන් යුත් ටෙඩ් බන්ඩි ගැන කරපු සලරුව නිසයි. ඇත්තටම ටෙඩ් කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. උගත් පුද්ගලයෙක්. නීති ශිෂ්‍යයෙක්. හැබැයි ඉතින් ඔක්කොටමත් වඩා කාන්තාවන් 30කටත් අධික ගණනක් මරා දමපු සහ දූෂණයට ලක් කරපු මනෝ ව්‍යාධිකයෙක්. කාන්තාවක් දුටු ගමන් එහෙම පිස්සුවක් ඇති වුණත් ඔහුටත් දිගු කාලීන පෙම්වතියක් හිටියා. ඇයට ඔහුගේ නොවන දුවණියක් හිටියා. එතකොට ටෙඩ්ගේ අම්මා. මේ කාටවත් ටෙඩ්ගෙන් කරදරයක් වුණේ නැහැ. ටෙඩ් ඔවුන්ට ඉතාම ආදරයෙන් සැලකුවා. කොහොම හරි ටෙඩ්ට තොණ්ඩුව වැටෙන්නෙත් මේ පෙම්වතිය නිසාමයි. ටෙඩ් ගැන ඔත්තුව දෙන්නේ ඇයයි. කිසිම නීතිඥයෙක් ඔහු වෙනුවෙන් පෙනී සිටින්න ප්‍රතික්ෂේප කරනවා. ඉතින් මේ දක්ෂ නීති ශිෂ්‍යයා තමන් වෙනුවෙන්ම පෙනී සිටිනවා. ඔහු ඉතාම කඩවසම්. ඔහුගේ නඩුව රූපවාහිනියේ පවා සජීවී විදියට දෙනවා. අන්තිමේ විදුලි පුටුව හිමි වුණ ටෙඩ් ඉතාම සන්සුන් විදියට ඊට පෙර දිනයේ මාධ්‍යයට කතා කරන ආකාරය ඔබට යූටියුබයෙන් නරඹන්න පුළුවන්. සුරූපී තරුණියන් මැරෙන තුරුම දූෂණය කර මරණයෙන් පසුවත් මළ සිරුර සමඟ මොහු ලිංගිකව එකතු වුණ බව කියවෙනවා.

 

මේ සිදුවීම ඉන්දීය පුවත්පත් විසින් වාර්තා කරලා තිබුණේ Stoneman Killer කියලයි. ඇත්තෙන් ම මේ මිනීමැරුම් කරලා තියෙන්නේ ගලක් වගේ බර දෙයකින්. පාරක තොටක නිදන් ඉන්න කාගේ ද කියන්න දන්නේ නැති අහිංසකයන් 12ක් මරලා දමා තිබුණා. ඒක කරලා තිබුණේ බරැති ගලක් හෝ යමක් ඔළුවට අත ඇරීමෙන්. 1985 අවුරුද්දේ මේක ඉස්සෙල්ලා ම වාර්තා වෙන්නේ මුම්බායෙන්. පස්සේ මිනීමරුවා කල්කටාවට යනවා. සමහර විට කොපි කැට් සිද්ධියක් කවුරු හරි පටන් ගත්තද කියන්න දන්නේ නැහැ. කොහොම හරි අදටත් මිනීමරුවා සොයාගෙන නැහැ. ඉන්දීය සිනමාව මේ ආශ්‍රයෙන් කරපු නිර්මාණයක් තමයි “Stoneman Murders”.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here