ලෙඩට දුකට ගුණදෙන කෙසෙල් වර්ග…. ආයුර්වේදයට අනුව කෙසෙල් ශීත වීර්යයෙන්, මධුර රස…

0
4

ලෙඩට දුකට ගුණදෙන කෙසෙල් වර්ග….

ආයුර්වේදයට අනුව කෙසෙල් ශීත වීර්යයෙන්, මධුර රසයෙන් හා ගුරු ගුණයෙන් යුතු ගුණවත් පලතුරකි.

📗 සාරාර්ථ සංග්‍රහය තුළ (බුද්ධදාස රජු විසින් රචිත) සඳහන්ව ඇති පරිදි කෙසෙල් වල ගුණ…

🔶. සිසිල් ගුණයෙන් යුක්තයි
🔶. මධුර රසයෙන් යුක්තයි
🔶. ධාතු පෝෂණය කරයි
🔶. දේහ බලය හා ශක්තිය වඩවයි
🔶. ප්‍රමේහ රෝග නසාලයි
🔶. පිපාසය හා දැවිල්ල සංසිඳුවයි
🔶. තුවාල සුව කිරීමේ ගුණයෙන් යුක්තයි
🔶. වාත රෝග නසයි
🔶. ලේ කෝප වීම නිසා හටගන්නා රෝග නසයි
🔶. සිරුර පෘෂ්ඨිමත් කරයි
🔶. ආහාර රුචිය වඩවයි
🔶. තරබාරු අය කෙට්ටු කරවයි
🔶. කෙට්ටු අය තරබාරු කරවයි
🔶. අමු කෙසෙල් ගෙඩි සෙම වඩවයි

දැනට කෙසෙල් වර්ග 40 කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන ඇති අතර ඒ අතරින් ආයුර්වේද චිකිත්සාව සඳහා බහුලවම යොදාගන්නේ අළු කෙසෙල් ය.

🔴 අළු කෙසෙල්
================

• රක්තපිත, දාහය සංසිඳුවයි
• දියවැඩියාවට ගුණදායකයි
• දේහ බලය හා ශක්තිය වඩවාලයි
• අධික ඔසප් වීම් වලදී සහ පාචන, ග්‍රහණි වැනි රෝග තත්ව වලදී ඖෂධ පිණිස යොදාගනී

🌸. අළු කෙසෙල් ගසේ පතුරු සහ අළු කෙසෙල් කොළ පුළුස්සා ගත් අළු වලින් සකසන විශේෂිත ඖෂධය ගැස්ට්‍රයිටිස් සහ ආමාශයික තුවාල සඳහා මෙන්ම සර්ප විෂ සඳහාද දෙනු ලබයි.

🌸. අළු කෙසෙල් මුව ලියා එය ලා කෙසෙල් දල්ලක ඔතා උණු අළු යට තම්බා මිරිකා ගත් ඉස්ම අතීසාර හා අජීර්ණ වලට ඉතා ගුණදායකයි.

අළු කෙසෙල් අල
—————————–
• සිසිල් ගුණයෙන් යුක්තයි
• හිසකෙස් වලට ඉතා හිතකරයි
• දේහ බලය වඩවාලයි
• දැවිලි රෝග නසාලයි
• කුසගිනි වඩවයි

අළු කෙසෙල් මුව
——————————-
• බර ආහාරයකි
• කුසගිනි වඩවාලයි
• වාත රෝග හා පණු රෝග නසයි
• ධාතු පෝෂණය කරයි
• රක්තපිත හා ලේ ගැලීම්

🔴 සුවඳැල්
===========

• ඉතා මිහිරි රසයෙන් යුක්තය
• වැඩි පොටෑසියම් ප්‍රමාණයක් අඩංගුය
• පෝෂණ ගුණයෙන් ඉහළයි
• කුඩා දරුවන්ටද සුදුසුයි

🔴 ඇඹුල් කෙසෙල්
=================

• සෙම වඩවයි
• විටමින් B බහුලයි
• ඇදුම, පීනස හා කැස්සට අහිතකරයි
• නීරෝගී අයෙකු වුවත් රාත්‍රියේදී ඇඹුල් කෙසෙල් ආහාරයට ගැනීමෙන් වැළකීම සුදුසුයි

🔴 සීනි කෙසෙල්
===============

• සිසිල් ගුණයෙන් යුක්ත වුවත් සෙම් රෝගීන්ට එතරම් අගුණ නොවේ
• ලොකු කුඩා හැමෝටම එකසේ පරිභෝජනය කල හැකි පලතුරකි
• ක්ෂය රෝගය, මාන්දම වැනි රෝග වලට ගුණදායකයි
• පුරුෂ ශක්තිය වඩවාලයි

🔴 රත් කෙසෙල්
===============

• දියවැඩියාව පාලනය කරගැනීමට උපකාරී වෙයි
• උදරයේ හටගන්නා ගෙඩි, ශරීර දැවිල්ල සඳහා ගුණදායකයි
• ඇදුම රෝගයටද ගුණදායකයි

🔴 පුවාලු
==========

• සීතල ගුණයෙන් යුත් කෙසෙල් වර්ගයකි
• ඉතා ඉහළ පෝෂණ ගුණයකින් යුක්තයි
• දේහ ශක්තිය වඩවාලයි
• කෘෂ බව නැතිකරයි
• සැමට එක හා සමාන ගුණ ලබා දේ

🔴 නේත්‍රාපලම්
==============

• අක්ෂි රෝග හා ශීර්ෂ රෝග වලට ගුණදායකයි
• පෝෂණ ගුණයෙන් ඉහළ කෙසෙල් වර්ගයකි.
• ඇස් පෙනීම දියුණු කරයි.
• අක්ෂි රෝග වලට හා ශීර්ෂ රෝග වලට ගුණදායකයි

🔴 බිං කෙසෙල්
===============

• පෝෂණ ගුණයෙන් ඉහළයි
• සෙම රෝගීන්ට අගුණයි
• කුඩා දරුවන්ට සුදුසුයි

🔴 කෝලිකුට්ටු
==============

• පෝෂණ ගුණයෙන් ඉහළයි
• සිරුර පෘෂ්ඨිමත් කරයි
• දිරවීමට තරමක් අපහසුයි
• ජීර්ණ අපහසුතා සහිත අයට සුදුසු නොවේ
• සෙම් රෝග සහිත අයටද සුදුසුයි

🔴 ආනමාලු
============

• සීත ගුණයෙන් ඉහළයි
• සෙම් රෝග සහිත අයට නුසුදුසුයි
• රාත්‍රී කාලයේදී වැඩිපුර ආහාරයට ගැනීම අහිතකරයි
• ඌෂ්ණාධික රෝග වලින් පෙලෙන අයට සුදුසු පලතුරකි
• බඩවැල් වල තුවාල, අර්ශස් සහ පාචනය වැනි රෝග වලට ඉතා සුදුසුයි

🔴 ඇටි කෙසෙල්
================

• කුඩා ළමයින්ගේ අස්ථි හා පේශි වර්ධනයට උපකාරී වෙයි
• දියවැඩියාවට හිතකරයි
• අජීර්ණ රෝග වලට ගුණදායකයි
• කෑම අරුචිය නසාලයි

🔵 පර්‍යේෂණාත්මකව සොයාගෙන ඇති කෙසෙල් වල ගුණ
••••••••••••••••••••••••••••••••••••••••••••••••

🍌. කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන හා කැලරි ඉහළ ප්‍රමාණයක් අඩංගු පලතුරකි.

🍌. අත්‍යාවශ්‍ය විටමින් හා ඛණිජ ලවණ රැසක් අඩංගු නිසා නිරෝගී අස්ථි හා පේශි පද්ධතියක් ලබාදෙයි.

🍌. කෙසෙල් වල පොටෑසියම් බහුල නිසා හෘදයට ඉතා හිතකරයි.

🍌. රුධිර පීඩනය පාලනය කරගැනීමට උපකාරී වෙයි.

🍌. ආහාර මාර්ගයේ හිතකර බැක්ටීරියාවන් ආරක්ෂා කර ආහාර ජීර්ණ ක්‍රියාවලිය යහපත්ව පවත්වා ගෙන යෑමට උපකාරී වේ.

🍌. මලබද්ධය සහ අර්ශස් වැනි රෝග තත්වයන් වළකයි.

🍌. විටමින් C සහ ප්‍රතිඔක්සිකාරක ගුණ බහුලව අඩංගු වන නිසා පිළිකා සෛල ඇතිවීම වළකාලයි.

🍌. වයසට යාම පාලනය කර තරුණ පෙනුම රැකදෙයි.

🍌. විටමින් B බහුල නිසා කෙසෙල් ස්නායු පද්ධතියට හිතකර පලතුරකි.

🍌. මතක ශක්තිය වැඩි කරයි.

🍌. මානසික ආතතිය දුරලයි.

🍌. රුධිරගත සීනි මට්ටම ස්වාභාවිකවම සමනය කරයි.

🍌. ඉදිමුම් තත්ව වලට ගුණදායකයි

🍌. ඉහළ පෝෂණ ගුණයක් සහිත නිසා ගර්භණී මව්වරුන්ට ඉතා හිතකරයි.

🚫 ඔබේ අවධානයට
—————————————-

🔶. සෙම් රෝග වලට හා රාත්‍රියේදී ඇතැම් කෙසෙල් වර්ග ආහාරයට නුසුදුසු වේ.

🔶. ඉහළ පොටෑසියම් ප්‍රමාණයක් අඩංගු නිසා වකුගඩු ආබාධ සහිත අය බහුලව කෙසෙල් ආහාරයට ගැනීම නුසුදුසුයි. ඔවුන් වෛද්‍ය උපදෙස් මත කටයුතු කල යුතුයි.

🌸 පසුගිය ලිපි 🌸
•••••••••••••••••••••••••

🔸ශරීර ශක්තිය වඩවන රත් කෙසෙල් 👇
https://m.facebook.com/story.php?story_fbid=2375775972716892&id=1839559759671852

🔸ඖෂධ ගුණයෙන් ඉහළ වැඩිපුර ඉදුන, ලප වැටුන කෙසෙල් ගෙඩි 👇
https://m.facebook.com/story.php?story_fbid=2372724329688723&id=1839559759671852

🔸සුන්දර පිරිපුන් සිරුරක් ලබාදෙන විශ්මිත ප්‍රෝටීන පානය 👇
https://m.facebook.com/story.php?story_fbid=2344411819186641&id=1839559759671852

🔸මව්කිරි වඩවන ආහාරපාන 👇
https://m.facebook.com/story.php?story_fbid=2069486636679162&id=1839559759671852

👩‍⚕‍ තොරතුරු :- ආයුර්වේද වෛද්‍ය නිශාන් මහතා, ස්වර්ණා ආරියවංශ මහත්මිය
✍️ සැකසුම :- හෙළ අරණ™️
🌍 www.helaarana.lk
© All Rights Reserved
………………………………………………………………
🔶 මෙවැනි වටිනා විස්තර දිනපතා දැන ගැනීමට අපගේ හෙළ අරණ facebook පිටුවට #Like කරන්න. ඒ වගේම අනිත් යාලුවන්ට දැනගන්න මේ ලිපිය #Share කරන්නත් අමතක කරන්න එපා.

📌️ ඇමුණුම් ( # Tags )
—————————————–
#හෙළඅරණ #හෙළ_අරණ #Hela_Arana #helaarana #කෙසෙල් #banana #plantain #රඹ #රඹකැන්








Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here