ලිබරල් තරුණ ව්‍යාපාරය ආණ්ඩුවෙන් විමර්ශනයක් ඉල්ලයි!

0
25


ලිබරල් තරුණ ව්‍යාපාරය විසින් ,කථානායක අශෝක රණ්වල මහතාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ආණ්ඩුවෙන් විමර්ශනයක් ඉල්ලා සිටී. ඒ අනුව ඒ බව සඳහන් කරමින් එම තරුණ ව්‍යාපාරය විසින් රජයට ලිපියක් යොමු කර ඇත.

එය පහතින් දක්වා ඇත.

කථානායක ගරු අශෝක රණ්වල මහතාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ආණ්ඩුවේ විමර්ශනයක් ඉල්ලා සිටිමු

කථානායක ගරු අශෝක රණ්වල මහතා විසින් සහ ආණ්ඩු පක්ෂය විසින් මැතිවරණයට පෙර සහ පාර්ලිමේන්තු කටයුතු තුළ ඉදිරිපත් කර ඇති අධ්‍යාපන සුදුසුකම් හි නිරවද්‍යතාවය පිළිබඳ සැකයක් පොදු ජනතාව අතර දැඩි සාකච්ඡාවකට මූලික වී ඇති අතර, දේශපාලඥයන් විසින් සිය ඡන්දදායකයන් වෙත ඉදිරිපත් කරන ලද තොරතුරුවල සත්‍යතාවය පිළිබඳ බරපතළ සැකයක් ජනිත කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හෝ කථානායකවරයෙකු වීම සඳහා අධ්‍යාපන සුදුසුකම් අනිවාර්ය නොවුණද, මෙම අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් මැතිවරණ කාලසීමාවකදී දේශපාලඥයන්ගේ විශ්වසනීයත්වය වැඩි කිරීම සඳහا යොදා ගනු ලැබේ. එවැනි සුදුසුකම් පිළිබද අසත්‍ය තොරතුරු සපයමින් ජනතාව මුලා කිරීම මහජන විශ්වාසය හීන කරන අතර ප්‍රජාතාන්ත්‍රික ක්‍රියාවලියේ යහපැවැත්මට හානි කරයි.

ක්‍රමවේදයේ වෙනසක් අපේක්ෂා කරමින් 2022 වර්ෂයේ සිදු වූ “අරගලය” සිවිල් විරෝධතාවයෙන් පසුව ජනතා ඡන්දයෙන් තේරී පත් වූ පලමු ආණ්ඩුව විසින් විශ්වාසනීයභාවය, පාරදෘශ්‍යතාව, වගවීම සහ ඒකාග්‍රතාවය යන සුවිශේෂි මිනුම් දඩුවලට අනුකූලව කටයුතු කරනු ඇතැයි ජනතාව අපේක්ෂා කර සිටියි. මෙම චෝදනා සම්බන්ධයෙන් කඩිනමින් කටයුතු නොකිරීම, ආණ්ඩුව කෙරෙහි ජනතාවගේ විශ්වාසය පළුදු කිරීමට හේතු වනු ඇත.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here