ලිංගික සේවාවන්ට තාක්ෂණය යොදාගන්නා විවිධ ආකාර – Sri News

0
2

තාක්ෂණය, සන්නිවේදනය දියුණු වෙද්දි මිනිස්සුන්ගේ විනෝදාස්වාදයත් දියුණු වුණා. මිනිසාට පරිණාමිකව ඩිෆෝල්ට් සෙටින් එකක් විදිහට ලිංගික ආසාව එනවා. සරලවම අපේ මී මුත්තාට සහ අත්තාට ලිංගික ආසාව තිබුණෙ නැතිනම් අපි කියන ජීවියා මේ ලෝකයට එන්නේ නැහැ. ඒ නිසා ලෝකය තුළ ලිංගික ආසාව නැති මිනිස්සු ඉතාම දුර්ලභයි. ඒ ලිංගික ආසාව සම්පූර්ණ කරගන්න ආකාරයත් තාක්ෂණය එක්ක එක් පසෙකින් සරළ වෙලා තවත් පැත්තකින් සංකීර්ණ වෙලා. ඉතින් අපි බලමු ලිංගික සේවාවන් සැපයීමේදී තාක්ෂණය කොහොමද උදව් වෙලා තියෙන්නේ කියලා. 

 

චීනයේ බොහෝ කලක් තනි දරුවා සංකල්පය තිබුණා. තනි දරුවා සංකල්පය නිසා බොහෝ ගම්බද පළාත් වල සවිමත් පිරිමි දරුවන් ලබාගන්න ගොඩක් දෙමාපියන් උත්සාහ කළා. මොකද ගොවිතැන් වැඩට ගෑණු දරුවෙක්ට වඩා පිරිමි දරුවෙක් වැදගත් කියල ඔවුන් හිතුවා. මිලියන සිය ගාණක් ජනතාව මේ විදිහට හිතපු නිසා සමහර චීන ගම්වල ගෑණු අඩුයි. ඒ තරුණයෝ දැන් චීනයේ නගර කරා ආවත් ඒත් ගෑණු අය අඩුයි. අනෙක් පැත්තෙන් ඇතැම් රටවල පවුල් වෙනවා කියන සංකීර්ණ තත්ත්වයට වඩා තනියෙන්ම සතුටු වෙලා පාඩුවේ ඉන්න කැමති පිරිස වැඩියි. මේ අයගෙන් පිරිමි අය ලිංගික බෝනික්කන් හරහා සතුටු වෙන්නට උත්සාහ කරනවා. සෙක්ස් ඩෝල් කියා හැඳින්වෙන මේ ලිංගික බෝනික්කන් ඒ සේවාවන් ලබාගන්නා උදවියට උපරිම සතුටක් ලැබෙන විදිහට තාක්ෂණය ආධාරයෙක් සකසා තිබෙනවා. ස්වාභාවික යුවතියකගේ පහසට ආසන්නම වන ආකාරයෙන් සේක්ස් ඩෝල් සකසා දෙන්නයි ඒ නිපදවන සමාගම් නිතර උත්සාහ කරන්නේ. 

 

ලිංගික කාර්යයට ඉන්ද්‍රිය සම්බන්ධය වැදගත්. ඒත් තාක්ෂණය ආධාරයෙන් ලිංගිකව සතුටු වෙන ක්‍රම දැන් ජනප්‍රිය වෙලා තියෙනවා. මීට අවුරුදු විස්සකට විතර කලින් රටකින් එහා දුර රටක ඉන්න අයව දැකගන්නට ලැබුණේ කලාතුරකින් එවන පොටෝ එකකින් විතරයි. නැතිනම් ඉතින් ආයේ මවු රටට එන්නම ඕනි එයාලව බලාගන්න. ඒත් අද ඒ අය ඔන්ලයින් දැක බලාගන්න විතරක් නෙමෙයි, අඹු සැමියන් හෝ පෙම්වතුන් නම් ඔවුන්ට ඉතාම පුද්ගලික විදිහට ලිංගික සතුට වීඩියෝ චැට් හරහා ලබාගන්නට පුළුවන්. මේ ක්‍රමයෙන් ළඟ ඉන්නවා වගේ සම්පූර්ණ හැඟීමම එන්නේ නැති වුණත්, නැතුවාම ඉන්නවාට වඩා යම් හෝ ලිංගික සන්තර්පණයක් ලබාගන්නට වීඩියෝ චැට් උපකාර වෙනවා. 

 

කෑම වලත් තියෙනවා ලොකු ලොකු රෙස්ටෝරන්ට් කෑම සහ හෝම්මේඩ් කියලා වර්ග දෙකක්. ඒ වගේ අසැබි වීඩියෝ වලත් දැන් වර්ග දෙකක් තිබෙන බව විදෙස් ආරංචි මාර්ග කියනවා. ඒ අනුව නවතම කලාව විදිහට අඩු පහසුකම් ෆෝන්, කැමරා ආදිය ඔස්සේ නිවසේ සිටම අඹු සැමියන් රූගත කරන ලිංගික දර්ශන කාමුක වෙබ් අඩවිවල මෑතකදි ජනප්‍රිය වෙලා තියෙනවා. එහිදී ඒවායේ පෙනී සිටින අයට අන්තර්ජාලය හරහා මුදල් හරි හම්බ කරගන්නත් අවස්ථාව ලැබිලා තියෙනවා. මේකෙදිත් අනෙක් කලාවන් වගේම රඟපාන හැමෝටම තරු වෙන්න ලැබෙන්නේ නැහැ. ඒ ආධුනික පෝන්ස්ටාර් වරියන්ටත් තැනකට එන්න නම් හොඳ හැකියාවක්, කුසලතාවයක් ඒ අය කැමරාව ඉස්සරහා විදහා පෙන්වන්නටත් ඕනි. 

 

 

ඔන්ලයින් ඩේටින් කියා හඳුන්වන මේ සිද්ධිය ලංකාවේ මංගල කිංකිණි වලට වඩා වෙනස්. මංගල කිංකිණි වලදී වෙන්නේ විවාහ අපේක්ෂිත ගැහැණියකු හා පිරිමියෙකු එකිනෙකා සම්බන්ධ කිරීම. ඔන්ලයින් ඩේටින් වලදී වෙන්නේ විනෝදය සතුට අපේක්ෂා කරන යුවළක් එකිනෙකා මුණ ගැස්වීම. ලංකාව ඉන්දියාව වගේ දකුණු ආසියාතික රටවල නම් මේ ඔන්ලයින් ඩේටින් කරන ටින්ඩර් වගේ ඇප්ස් එතරම් ජනප්‍රිය නැහැ. ඒත් බටහිර රටවලදි පිරිමි වගේම ගැහැණු අයත් වඩාත් විවෘතව හිතනවා. ඒ නිසා ඌබර් ඊට්ස් වලින් ළඟම කඩෙන් කොත්තුවක් ගෙන්වාගන්නවා හා සමානවම ඒ රටවලදි ළඟම සිටින, සම්බන්ධතාවයක් බලාපොරොත්තුව සිටින අය සොයාගන්නට පුළුවන්කම ලැබෙනවා. 

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here