ලාල් කාන්තට, වසන්ත බණ්ඩාරගෙන් ලොකු සද්දයක්…

0
5

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා විසින් එම පක්ෂයේ මැයි දින රැළිය අමතමින් කරන ලද ප්‍රකාශයක් පිළිබඳව දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අදහස් පළ කරයි.

මැයි දින වේදිකාව මත සිට ජවිපෙ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත මහතා විසින් සිදු කළ ප‍්‍රකාශයක අන්තර්ගතය විකෘති කරමින් මේ දිනවල විවිධ දේශපාලන සංවාද මණ්ඩප ගොඩනැගෙන ආකාරය දැක ගත හැක. ඒ තුළ ඊට පෙර තවත් ජවිපෙ ප‍්‍රබලයකු වූ නලින් හේවගේ මහතා රූපවාහිනී සංවාදයකදී සිදු කළ ප‍්‍රකාශයකටද විවිධ අර්ථකථනයන් ලබාදෙන ආකාරය දැකගත හැක. නමුත් නලින් හේවගේ වැනි 1989 වකවානුවේ සැබැවින්ම සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව ගැඹුරු පුද්ගලික අත්දැකීම් අඩු අයෙකුගේ ප‍්‍රකාශයක් සහ ලාල්කාන්ත වැනි යම් අත්දැකීම් සහිත පුද්ගලයෙකුගේ ප‍්‍රකාශයක් සමාන තලයක තබා කියවා ගැනීම වරදක් බව ඉතා පැහැදිලිය.

ඊට අමතරව නලින් හේවගේ මහතාගේ ප‍්‍රකාශය විවාදයකදී බුරාගෙන් පනින ප‍්‍රතිවාදීන් නිහඬ කිරීම සඳහා එල්ල කරනු ලැබූ වාග් වෙඩි ප‍්‍රහාරයක් සේ සලකා බැහැර කළ නොහැක. ඔහුට අනුව එදා ජවිපෙ විසින් ‘‘කැන්ගරු උසාවි’’ මගින් නඩු අසා ස්ත‍්‍රී ¥ෂකයන් බවට චෝදනා එල්ල වූ පුද්ගලයන්ට මරණ දඬුවම නියම කර ඇත. ඒ අනුව ලාල්කාන්තගේ ගමට අධිකරණ බලය ලබාදීම නැමැති සංකල්පය එම සන්දර්භය මත තබා විග‍්‍රහ කිරීමේදී අනාගතයේදී ගම්වල ජ.වි.පෙ. සාමාජිකයින් නලින් හේවගේගේ ප‍්‍රකාශය යථාර්ථයක් බවට පත්කිරීමට ඉඩ ඇතැයි භීතියක් මැවීමට ඉඩක් විවර වේ. කෙසේ වෙතත් ජ.වි.පෙ. අතීතයට සාධාරණය ඉටු කිරීම සඳහා, ජාතික ජන බලවේගයට එම අතීතය ප‍්‍රශ්නයක් වුවද, යම් පැහැදිලි කිරීමක් සිදු කිරීමේ වගකීමක් මෙම ලියුම්කරුට ඇත.

ඒ අනුව අනුර කුමාර දිසානායක මහතා විදේශීය රටකදී 89 සිදුවීම් පිළිබඳව සැබවින්ම කණගාටුව ප‍්‍රකාශ කළා නම් එහි වරදක් නැති බව පළමුවෙන්ම කිව යුතුය. එම වකවානුවේදී සිදුවූ ඝාතන රැුල්ල පිළිබඳව අත්දැකීම් ඇත්තෙකුට ඊට අදාළ කණගාටුවක් ඇති නොවන්නේ නම් ඔහු මනුෂ්‍යයකු විය නොහැක. නමුත් ඔහු විසින් ඊට අදාළව සමාව ඉල්ලා සිටියා නම් එය බලවත් වරදකි. කණගාටුව ප‍්‍රකාශ කිරීම කිරීමේ දිගුවක් ලෙස සමාව ඉල්ලා සිටීමට පොදු බලපෑමක් ඇත්නම් ඊට පෙර තම මාමා විසින් ආරම්භ කළ සහ තමා විසින් උච්ච ස්ථානයකට ඔසවා තැබූ ප‍්‍රචණ්ඩ ඝාතන සංස්කෘතිය පිළිබඳව පළමුවෙන්ම රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් සමාව ඉල්ලා සිටිය යුතුය. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරිය විසින් බටලන්ද සිදුවීම් පිළිබඳ සොයා බැලීම සඳහා 1995 දී පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාව අනුව බටලන්ද වධකාගාරය ආශ‍්‍රිතව සිදුවූ අපරාධ ‘‘මිනිස් සංහතියට එරෙහිව සිදුවූ අපරාධ’’ ලෙස සලකා නඩු පැවරීම පිළිබඳව සලකා බැලිය යුතුය.

එදා 1987 ජුලි 28 දින ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව පිටකොටුවෙන් ආරම්භ කළ විරෝධය මර්ධනය කිරීම සඳහා එදින අහිංසක නිරායුද පුද්ගලයින් 140 දෙනෙකු ඝාතනය කෙරුණි. එම ඝාතනවලට පොලිසියට අමතරව බාහිර මැර පිරිස් ද යොදාගත් බවට චෝදනා එල්ල විය. ඊට පෙර 1983 සිට බොරු චෝදනා එල්ල කරමින් ජවිපෙ තහනම් කර මර්ධනයට යටත් කළද ඊට පිළිතුරු ලෙස හෙවත් මර්ධනයට ප‍්‍රති අවියක් ලෙස හෝ ජවිපෙ විසින් ප‍්‍රචණ්ඩත්වය හෝ ඝාතන යොදාගත්තේ නැත. ඉන්දු ලංකා ගිවිසුම අනුව ඉන්දියානු මැදිහත්වීම මත පළාත් සභා පිහිටුවීම මගින් රට බෙදීමට එරෙහිව දියත් කළ දේශපාලන ව්‍යාපාරයට ජ.වි.පෙ විසින් ප‍්‍රචණ්ඩත්වය යම් මාත‍්‍රාවකට එකතු කරන්නේ දේශපාලන අවියක් ලෙසය.

දේශපාලන ජයග‍්‍රහණ සඳහා ප‍්‍රචණ්ඩත්වය සුළු මාත‍්‍රාවකින් යොදාගැනීම පිළිබඳව ලෝක ඉතිහාසයේ ඕනෑ තරම් අත්දැකීම් ඇත. එවැනි උත්සාහයන් සාර්ථක වීම පිළිබඳව කෙසේ වෙතත් මහා ඛේදවාචක බවට පත්වීම පිළිබඳව බොහෝ උදාහරණ ඇත. එල්සැල්වදෝරයේදී ශ‍්‍රී ලංකාවේ සිදුවූ දේ ඊට වසර කිහිපයකට පෙර ඒ ආකාරයටම සිදු වූ ආකාරය පිළිබඳව සුවිශේෂී හෙළිදරව්වක් සුප‍්‍රසිද්ධ WITNESS TO WAR (By DX CHARLES CLEMENT නම් වූ ග‍්‍රන්ථය මගින් ඉදිරිපත් කර ඇත.

ඊට අනුව වාමාංශික ව්‍යාපාරය විසින් රාජ්‍ය ප‍්‍රචණ්ඩත්වයට එරෙහිව මහජනයා විසින් ප‍්‍රචණ්ඩත්වය ප‍්‍රති අවියක් ලෙස කුමන මාත‍්‍රාවකින් යොදා ගත්තද එම ක‍්‍රියාවලිය චක‍්‍රීයව වර්ධනය වන විශම චක‍්‍රයක් බවට පත්වේ. එම ක‍්‍රියාවලිය තුළ රාජ්‍ය ත‍්‍රස්තවාදය සාධාරණිකරණය කෙරෙන අතර විවිධ සමාජ විරෝධී බලවේගවලටද පවතින තත්වය යොදාගනිමින් තම පටු පුද්ගලික අරමුණු ඉටුකර ගැනීමට අවකාශය නිර්මාණය වේ.

කෙසේ වෙතත් එවැනි ඛේදවාචකයක් පිළිබඳව ප‍්‍රත්‍යාවලෝකනය කිරීමේදී වරදක් සිදුවී ඇති බව පිළිගැනීම මූලික කොන්දේසියකි. දෙවන්න දැනුම්වත්ව ඊට දායක වූ ප‍්‍රමාණය සහ යම් තත්ත්වයන් වැළැක්වීම සඳහා ගනු ලැබූ පියවර කුමක්ද යන්න පිළිබඳ විමසා බැලීමයි. මෙම ලියුම්කරු 1983 සිට 2008 දක්වා ඉතා සමීපව සහ 2008 සිට මරණය තෙක් දුරස්ව සෝමවංශ අමරසිංහ සහෝදරයා දේශපාලන වශයෙන් මෙන්ම පුද්ගලිකවද ඇසුරු කර ඇත. එසේම රෝහණ විජේවීර සහෝදරයා 1984 සිට 1989 දී අත්අඩංගුවට පත්වීමට මාස කිහිපයකට පෙර කාලය දක්වා ඉතා සමීපව ඇසුරු කර ඇත. ඒ නිසා ඔවුන්ගේ දේශපාලන සහ පුද්ගලික මනෝභාවයන් පිළිබඳව ඉතා ගැඹුරු අවබෝධයකින් යුක්තව සහ වගකීමෙන් යුක්තව සඳහන් කළ හැක්කේ ඔවුන් දෙපළ නායකයින් ලෙස එදා රටේ සිදුවූ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා පිළිබඳව බලවත් සිත් වේදනාවකින් සහ කම්පනයකින් යුක්තව ක‍්‍රියාකළ බවය. යම් විශේෂිත සිදුවීම් පිළිබඳව ඔවුන් පුද්ගලිකව දුකට පත්වූ ආකාරය පිළිබඳව අත්දැකීම් රාශියක් මෙම ලියුම්කරුට ඉදිරිපත් කළ හැක.

ඊට අදාලව හොඳම උදාහරණය සපයන්නේ ජනතා විමුක්ති පෙරමුණ විසින් වගකීම බාරගත් කටුනායක ගුවන් හමුදා කඳවුරට එල්ල කළ ප‍්‍රහාරයේදී ගුවන් හමුදා බටයකු මරණයට පත්වීමේ සිදුවීමය. එම සිදුවීම පිළිබඳව ඔවුන් පුද්ගලිකවද කම්පාවට පත්වූ අතර ප‍්‍රසිද්ධියේ මහජනයාට කණගාටුව ප‍්‍රකාශ කරනු ලැබීය. ඒ මගින් අභ්‍යන්තරවද ප‍්‍රවේසම් විය යුතු ආකාරය පිළිබඳව මානසික බලපෑමක් ඇති කරනු ලැබීය. කෙසේ වෙතත් එල්සැල්වදෝරයේ ඛේදවාචකය ශ‍්‍රී ලංකාවේ ඛේදවාචකය සමඟ සංසන්දනය කිරීමේදී ජාතියක් ලෙස අප විසින් ගෙවා ඇති වන්දියට සාපේක්ෂව ලැබී ඇති ප‍්‍රතිලාභය සැලකිල්ලට ගත යුතුය. නමුත් බොහෝ අ`දබාල දේශපාලඥයින් ප‍්‍රකාශ කරන්නේ රෝහණ විජේවීර තම ජීවිතය සහ සාමාජිකයන් 60,000 කගේ ජීවිත පූජාකර ලබා ගත් ප‍්‍රතිලාභය කුමක්ද යනුවෙනි. ලාල්කාන්ත සහෝදරයාගේ ප‍්‍රකාශය සාකච්ඡුාවට ගත යුත්තේ ඊට අදාළ සංදර්භය තුළය.

එදා 1987දී ඉන්දු ලංකා ගිවිසුම අනුව 13වැනි ව්‍යවස්ථා සංශෝධනය යෝජනාවන්නේ අවසානයේදී රට බෙදා වෙන් කිරීමේ අරමුණු සහිතව බව මේ වන විට එදාටත් වඩා හොඳින් පැහැදිලි වී ඇත. ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයා නීති උපදෙස් ලබාගත් එච්.එල්. ද සිල්වා, එස්.එල්. ගුණසේකර වැනි විද්වතුන් මෙන්ම හිටපු අග විනිසුරු රාජා වනසුන්දර මහතා පසුකාලීනව එළිදරව් කළ ආකාරයට 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සකස්වන්නේ පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහාය. එය බෙදුම්වාදී මාර්ග සිතියමේ පළමු පියවර වන අතර ජාත්‍යන්තරය ද මැදිහත් වන ගැටුම් යොදා ගනිමින් ෆෙඩරල් රාජ්‍යය වෙනම රාජ්‍යයක් බවට පත් කිරීමේ ක‍්‍රියාවලිය දෙවන පියවර ලෙස සැලකේ. ලාල්කාන්ත සහෝදරයා මැයි දින වේදිකාවේදී සුමන්දිරන් මහත්මයලා සතුටු කිරීම සඳහා ව්‍යවස්ථාදායක බලය සහ විධායකය බලය පමණක් නොව අධිකරණ බලයද ඇතුළත් වන ආකාරයට බලය බෙදීම තමාගේ ප‍්‍රතිපත්තිය බව සඳහන් කිරීම මගින් අදහස් වන්නේ කුමක්ද? ඔහු දැනුවත්ව හෝ නොදැනුවත්ව පෙනී සිටින්නේ පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක ආකාරයට බලය බෙදීම සඳහා බව ඉතා පැහැදිලිය.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here