ලක්ෂ 10කින් වෙඩින් එකක් ප්ලෑන් කරමුද? මෙන්න ඒකට උපදෙස්! – Sri News

0
9

වෙඩින් එකක් කියන්නෙ ජීවිතේට එකපාරක් විතරක් ලැබෙන අත්දැකීමක්නෙ. හැමෝම කැමතියි තමන්ගෙ දවස ලස්සනට ප්ලෑන් කරන්න. අපි අද ඔයාලට කියන්​නෙ ලක්ෂ 10ක බජට් එකක් ඇතුලෙ වෙඩින් එකක් කොහොමද ලස්සනට ප්ලෑන් කරගන්නෙ කියලායි. මේක කොස්ට් කටින් වෙඩින් එකක් උනත් හැමදෙයක්ම ඇතුව ලස්සනට කරගන්න හැටි තමයි අපි අද කියන්නෙ.

 

වෙඩි​ං එක දවසට ප්‍රධාන තැනක් දෙන්න ඕනෙ මේ මනාල යුවලටනෙ. එතැනිනුත් මනමාලි​ට. ඒ නිසා මනමාලිව ඩ්‍රෙස් කරන වැඩේ දන්න කියන, වැඩ හො​ඳයි කියලා පිළිගන්න කෙනෙක්ට කියලා අඩුවට කරගන්න පුළුවන්. හරියටම කිව්වොත් 80,000 – 100,00 වගේ ඇතුලත මනමාලි හා එයාගෙ කෲ එකේ මේකප්, ​ඩ්‍රෙස් මේකින්, ෆ්ලවර් බොකේස් මේ සියල්ලම කරගන්න පුළුවන්. ඒ වගේම තමුන්ට අතින් කරගන්න පුළුවන් සියලුම වැඩ කරගන්න බලන්න. උදාහරණයක් විදියට  ඔය මල් බොකේස් ටික හදන්න පිටකොටුවෙන් තීම් කලර් එකට මැච් වෙන්න මල් ගෙනල්ලා අපිට ගෙදරදිම හදාගන්න පුළුවන්. ඒ වගේම බ්‍රයිඩ් ෆ්‍රොක් එකක් අඳිනවනම් රු 15,000/= ඉ​ඳලා රෙන්ට් එකට ගන්න තියනවා. සාරි එකක් නම් අස්ලාම් මාකට් එකට ගියාම පිස්සු හැදෙන්න සාරි තියනවා. ඒවයින් ලස්සන චාම් එකක් රු.20,000/=කට වගේ අරන් අතින් ස්ටෝන් වර්ක් එකක් වගේ දාගෙන ලස්සන කරගන්න අපිට පුළුවන්. ඒ වගේම බ්‍රයිඩ්ස්මේඩ්, ෆ්ලවර්ගර්ල් ඇඳුම් හදන වැඩේ උනත්. ලස්සන චාම් ඩිසයින් එකක් බලලා මැටීරියල් ගන්නවනම් ඉතින් කෝකටත් තෛ​ලෙට වගේ පිටකොටුවෙන් වගේම, මල්වාන, එයාපෝට් එක හරියෙ කෝවින්නේ අඩුවට ලස්සන රෙදි වර්ග ගන්න පුළුවන්. එහෙම අරන් ඔයාලා දන්න හො​ඳට මහන කෙනෙක්ට දීලා මහගන්න. වර්ක් එකක් වගේ ඉතින් ඔයාලට කරගන්න පුළුවන් නෙ. ඒ දේවල් කරගත්තොත් බියුටීශියන්ගෙන් අපිට අඩුවට අන්දන වැඩේ කරගන්න පුළුවන්. මොකද බ්‍රයිඩ්ල් පැකේජස් තියෙන්නෙ ඔය උඩින් කිව්ව ඔක්කොම ඇතුළත් කරලා නිසා නිකන්ම ගණන් වැඩි වෙනවා. මනමාලය​ගෙ සූට් එක නම් මනමාලි​ට ගැලපෙන කලර් එකකින් මහගන්න හරි රෙන්ට් එකට ගන්න හරි පුළුවන්. රු.12,000 ඉ​ඳලා බ්ලේසර් මහන තැන් තියනවා. ඒ වගේම බෙස්ට්මන්ලට  බ්ලේසර්ස් හරි මුල් ඇඳුම් වගේ අඳින​වනම් රෙන්ට් කරවගන්නත් පුළුවන්.

 

ඊලඟට ලොකුම දේ මේක.වෙඩින් එකක් කරනකොට මුලින්ම කරන්න ඕනේ දේවල් ගැන අපි කලින් ආටිකල් එකක කතා කළානේ. පහත ලින්ක් එක ක්ලික් කරලා ඒ ආටිකල් එක කියවන්න පුළුවන්.

එතකොට අපි ගෙස්ට් ලිස්ට් එක මුලින්ම හදාගෙන ඉන්නවනෙ. දැන් අපි සිලෙක්ට් කරන හෝල් එකේ අනික් දේවල් ඇතුළුව මෙනු එකක ගාණ තමයි අපිට වැදගත් වෙන්නෙ. අපේ බජට් එක ලක්​ෂ 10 නම් අපි අවම වශයෙන් රු.2200/= ක වගේ ප්ලේට් එකක් තමයි සිලෙක්ට් කරගන්න වෙන්නෙ. ඒ ගාණට හො​ඳ මෙනු එකක් හොයාගන්න අමාරු නෑ. ගෙස්ට්ස්ලා 200කට ඉන්වයිට් කළා කියලා හිතමු. එතකොට හෝල් එකට මුළු වි‍යදම රු.440,000ක් වගේ වෙද්දි ඉවර කරගන්න පුළුවන්. සෙටිබැක්, පෝරුව, හෝල් ඩෙකෝස් ලැබෙන ඒවා, ඔයිල් ලෑම්ප්, එන්ට්‍රන්ස් ඩෙකෝ, අශ්ටක වගේම DJ එකත් මේ ගාණට එන පැකේජ් එකටම ඇතුළත් කරන හොටෙල්ස් තියනවා. එහෙම පහසුකම් ගොඩක් දෙන හොටෙල් එකක් බලලා ගන්න එක පොකට් එකට වාසියි.

 

ජීවිතේට එකපාරක් වෙන දෙයක මතක සටහන ලස්සනට තියෙන්න ඕනේ. දැන් මාකට් එක යන විදියට නම් ෆොටෝග්‍රැෆි වලට රු.185,000 – රු.200,000 වගේ යනවා. ඒත් අපේ බජට් එකේ හැටියට අපිට ඒ වගේ ගාණකට යන්න අමාරුයි. හැබැයි  ප්‍රසිද්ධ නැති වුනත් ලස්සනට සුපිරියටම වැඩේ කරන අය ඕන තරම් ඉන්නවා. කැමති නම් වීඩියොග්‍රැෆි, ප්‍රීශූට් වගේ අමතර වියදම් කපලා දාලා ෆොටෝස් ඇල්බම්ස් විතරක් ගන්න රු.100,000කට වැඩේ කතා කරගන්න පුළුවන් තැන් තියනවා.

 

වැඩිම තැනක් දෙන්න ඕනෙත් නෑ හැබැයි, ඒත් ඉතින් නැතුවත් බෑ වගේ සීන් එකක් නේද තියෙන්නෙ? වැඩියෙන්ම පිරිමි පාර්ශවයට වැදගත් දෙයක්නෙ. වෙඩින් හෝල් එකෙන් නම් ලැබෙන්නෙ සර්විස් එක විතරයි. අපි ලිකර් තෝරනකොට අපේ බජට් එකට ගැලපෙන විදියට අවශ්‍ය ප්‍රමාණය ගන්න ඕනේ. බයිට්ස් උනත් සමහර හොටෙල්ස් වලින් කිලෝ ගණන් ගන්න පුළුවන්. චිකන්/පෝක් ඩෙවල් කිලෝ එකක් රු.1,300 වගේ ඉ​ඳලා තියනවා. ඉස්සො/මාළු  කිලෝ එක රු 2200/= ඉඳන් උඩට තියනවා. ඒවා බලලා මෙතනින් ගන්න පුළුවන්. නැතිනම් දෙන බයිට්ස් වර්ග ඔක්කොම කුක් කෙනෙක් දම්මලා වෙනම හදවනවා නම් ඒකත් පහසුයි. හැමදේම ලක්ෂ 10 ඇතුලෙ රැ​ඳෙන්න ඕනේ කියන දේ ඔලුවෙ තියන් වැඩ කළානම් හරි.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here