හොංකොං සය සාමාජික ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායම තමන් නියෝජනය කළ ඩි කාණ්ඩයේ පෙරමුණ ගන්නට සමත් වුණා.ශ්‍රී ලංකාව සහ එම කාණ්ඩායේ සිටි ඕමානට මෙන්ම බංගලාදේශය ද පහසුවෙන් පරාජය කරන්නට ශ්‍රී ලංකාවට හැකි වුණා.අද ජයග්‍රහණයට පැමිණි බොහෝ කණ්ඩායම් දැවන්ත ලකුණු ප්‍රමාණයකට යන්න සමත් වුණත්,ශ්‍රී ලංකාව හොඳ ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට සමානව එම ලකුණු ප්‍රමාණය පන්දු යැවීමෙන් ආරක්ෂා කිරීමටත් හැකියාව දැක් වූවා.
ඉතා කුඩා හොංකොං පිටිය තුළ සය සාමාජික තරගයක ප්‍රහාරයන් හා සසඳා බලන විට කණ්ඩායමකට ලකුණු සියයක් ලබා ගැනීම වුවත් ජයග්‍රහණයට ප්‍රමාණවත් යැයි සිතන්නට අපහසුයි.එවැනි තත්ත්වයක ශ්‍රී ලංකාව පළමු තරගයේදී ඕමානය ලකුණු 80 ට සීමා කිරීමත්,එම තරගයේදී සිය පන්දු ඕවරය ලකුණු 4 ට කඩුල්ලක් ලබා තරගයේ වීරයා වීමට ධනංජය ලක්ෂාන් සමත් වීමත් සුවිශේෂී කරුණක් ලෙස ගත හැකියි.
බංගලාදේශය සමඟ පැවති තරගයේ දී අවසාන පන්දු කිහිපය තුළ හොඳින් පන්දුවට පහර දෙමින් සිටි නායක ලහිරු මධුශංක අර්ධ ශතකය ආසන්නයේ සිටියදි යම් මානසික පීඩකයකට මුහුණ දුන් අතර පන්දු කිහිපයක්ම දිගු පහර සඳහා ගත් උත්සාහයන් අසාර්ථක වෙමින් ඔහුට ශ්‍රී ලංකා ඉණිම නිමා වෙන විට නොදැවී ලබා ගන්නට හැකි වුණේ ලකුණු 48 ක් පමණයි.එය ආධාර කරගෙන පන්දු ඕවර් 6 නිමා වන විට ලකුණු 107 ක් කඩුලු 3 ක් දැවී රැස් කළ ශ්‍රී ලංකාව එම ලකුණු ප්‍රමාණය ලබා ගැනීමට බංගලාදේශය දැරූ උත්සාහයට මුල සිටම සාර්ථක අන්දමෙන් බාධාවන් යෙදුවා.
පළමු තරගයේ වීරයා වෙමින් කැපී පෙණුන ධනංජය ලක්ෂාන් පළමු ඕවරයේම පිඩනයක් එල්ල කරමින් කඩුල්ලක් ලබා ගත් අතර,දනංජයට එරෙහිව සයිෆුඩීන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දුන් උඩ පන්දුව නායක ලහිරු මධුශංක අතින් ගිලිහී නොයන්නට බංගලාදේශය ලබන පරාජය මීටත් වඩා දැඩි එකක් වෙන්නට තිබුණා.පන්දු ඕවර් 6 නිමාවේ බංගලාදේශය ලබා ගත්තේ කඩුලු 3 ට ලකුණු 89 ක් පමණයි.එයින් දැවී යාමේ අවස්ථාව මඟ හැරුණ සයාෆුඩීන් නොදැවී ලකුණු 42 ක් ලබා ගෙන ඉණිම නිමා වෙන විටත් කඩුල්ලේ සිටියා.ලහිරු සමරකෝන් ලකුණු 36 ට කඩුලු 2 ක් යැවූ අතර ඔහු තරගයකදී එක් පන්දු යවන්නෙකුට පමණක් පන්දු ඕවර් දෙකක් යැවීමට ලැබෙන අවස්ථාව භාවිතයට ගන්නා ශ්‍රී ලංකා පන්දු යවන්නා වූවා.
අද පළමු වටයේ තරග සියල්ල පැවතියේ නැති අතර හෙට දිනයේ ද කාණ්ඩ දෙකක තරග දෙකක් පැවත්වෙනවා.ඒ ඔස්ට්‍රේලියාව සහ නේපාලය අතර තරගය සහ ඉන්දියාව සහ එක්සත් එමීර් රාජ්‍යය අතර තරගයයි.
http://www.sportwaynews.com
Sri News Media