ලංකාවේ කාන්තා බැඩිමින්ටන් වෘතාන්තයේ පෙත්තක් – රනිත්මාට බහරේන් ජය ගන්නට සුබ පැතුම්!

0
8


ශ්‍රී ලංකාවේ බැඩිමින්ටන් ක්‍රීඩාවේ අනාගතය පැහැබරව දැකිය හැකි මොහොතක් අද (නොවැම්බර් 17) ඉර බැස යන්නට මත්තෙන් දකින්නට හැකි වනු ඇතැයි සිතිය හැකිය.ඒ රනිත්මා ලියනගේනම් 17 හැවිරිදි ක්‍රීඩිකාව බහරේන් ජාත්‍යන්තර තරගාවලිය් සූරිය වීමෙන්ය.ඇය තවමත් සූරතාවය දිනා නැත.දිනනු ඇතැයි හැඟෙන පරිදි ක්‍රීඩා කරමින් ඇත.ඒ හැඟීම සිහිනයක් නොවී යථාර්තයක් කිරීමට ඇයට හැකියාවත්,එය යථාර්තයක්ව දැකීමට අපට වාසනාවත් අවශ්‍යය කරන මොහොතක මේ සටහන ලියා තබන්නෙමු.

මිට පෙර කෞශලී දිසානායකලාගේ සිටම,සමහර විට ඊටත් පෙර සිට අප නොදන්නා ඉතිහාසයකට බැදුණු, ලංකාවේ බැඩිමින්ටන් ජයග්‍රහණ ජාත්‍යන්තර වශයෙන් වාර්තා වී ඇති අවස්ථා තිබිය හැකිය.ඉනික්බිති චන්ද්‍රිකා ද සිල්වා,තිළිණි ජයසිංහ,අචිනි රත්නසිරි,උපුලි වීරසිංහ,තිළිණි හෙන්දහේවා වැනි ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර තලයේ තබා ඇති ඓතිහාසික මතක කිසිවක් මේ වචනවලින් සැහැල්ලුවට ලක් වෙන්නේ නැත.එහෙත් මෑත කාලීනය බොහෝ පහරවල් දරා ගනිමින් අනාගතයට වඩා පලදායි ආයෝජන කිරීම කෙරෙහි ශ්‍රී ලංකා බැඩිමින්ටන් යොමු කළ අවධානය මල්පල ගැන්වෙමින් තිබෙන බව බහරේන් ජාත්‍යන්තර සූරතාවලිය හරහා දැක ගන්නට හැකි වි තිබේ.

දැන් ඊ ළඟට මේ සඳහා විරුද්ධ වන්නට ඇති අයිතිය ඔස්සේ මේ තරගාවලියේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල සිටින ක්‍රීඩකයන්ගේ වතගොත ඉදිරියේ තබා ගන්න තර්ක ඉදිරිපත් වන්නට ද ඉඩ ඇත.එහෙත් ජාත්‍යන්තර ජයග්‍රහණ යනු ශ්‍රී ලංකාවට අභියෝගයක් වන්නේ බැඩ්මින්ටන් පෝෂ්‍යදායක ලෙස පොහොසත් රටවල ක්‍රීඩා සංස්කෘතීන් සමග ලබන ජයග්‍රහණ ශ්‍රේණිගත අංකවලින් මැනීමට නොහැකි බව අප විසින් කියා ඇති නිසාත්,එය ඇත්තක් නිසාත්ය.

ඊට හේතුව පොහොසත් සංස්කෘතික තත්ත්වයන් සහ ඒ ඇතුළෙ ක්‍රීඩකයාට හෝ ක්‍රීඩිකාවට ලැබෙන විශාලතම පහසුකම වන්නේ අති දක්ෂයන් සමඟ තරගකාරී අත්දැකීම් හුවමාරුවට ලැබෙන ඉඩය.වෘත්තිමය පසුබිමක වැඩ කරන්නට ලැබෙන ඉවය.භෞතික වශයෙන් හිමි වන පහසුකම්ය.එවැනි පසුබිමක හැදී වැඩෙන පිරිස් අතර ඇතිවන ඉහළ තරගකාරිත්වය නිසා ජාත්‍යන්තර ශ්‍රේණි අංකය කුමක් වුව ද,එවැනි සංස්කෘතික අනන්‍යතාවයක් රහිත රටක ජාතික සූරයෙකු හා සමාන දස්කමක් එවැනි සංස්කෘතියක් සහිත රටක සාමාන්‍ය ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් තුළ දැකිය හැකිය.

එවැනි අලුත් සංස්කෘතික විහිදීමක් අපේක්ෂා කරන්නේනම්,ඒ සඳහා ගත වෙන තත්පරයේ දක්ෂතා ස්පර්ශ කිරීමට වඩා අනාගතය වෙනුවෙන් වැඩ කිරිම වැදගත්ය.මේ තත්පරය සහ දියුණු පොහොසත් සංස්කෘතික පරාසය තුළ ඇති දුර අතික්‍රමණය කිරීම අපහසුය.එහෙත් අනාගතයට සූදානම් වීමේදී ඒ දුර අතික්‍රමණය කරන්න කාලය විසින් සකස් කරන දුර, අතිශයින් වැදගත් සහ පලදායී විදිහට භාවිතා කරන්නට හැකිය.

උදාහරණයකට ලංකාවෙන් නිර්මාණය වූ නිලූක කරුණාරත්න යනු සාමාන්‍ය මට්ටමට ඇතින් සිටි ක්‍රීඩකයෙක්ය.ඔහුට අභියෝග කිරීම,ඔහුගේ කාලය තුළම ඔහුට සමාන ක්‍රීඩකයන් පොකුරක් තනා ගැනීමට සිහින දැකපු බැඩිමින්ටන් උත්සාහය ඊට දශක ගණනකට පසුපසින් හැඳෙන පරපුරක් දෙස අද සතුටෙන් බලා ඉන්නේ සැළසුම් සකස් කිරීමේ ක්‍රමය අතින් වර්ථමානයේ ඉදරියෙන් සිටින බැවින්ය.නිලූකව අභිබවා යන්නට,නිලූකට ලැබිය යුතු සම්පත් කප්පාදුවට වෙහෙස වූ විශාල පරිසරයක් අපි අත් විඳ ඇත්තෙමු.එහෙත් නිලූක හිටිය දුරට ළඟා විමට අපහසු මොහොතක,ඒ දේ වෙනුවට ඊට පසු පරම්පරාවන් සැළසුම් සහගතව මෙහෙයවීම ගැන සිතුවේනම් බැඩිමින්ටන්වලට කාලයක් බලාපොරොත්තු සහගතව ජාත්‍යන්තරය තුළ රැදී සිටින්නට ඉඩ සැළසෙනු ඇත.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here