රෝග ගණනාවකටම සුවය ගෙනදෙන “පොල් කටුවේ” ප්‍රතිකාරය… අපේ රටේ පොල් විතරක් …

0
15

රෝග ගණනාවකටම සුවය ගෙනදෙන “පොල් කටුවේ” ප්‍රතිකාරය…

අපේ රටේ පොල් විතරක් නෙවෙයි ගුණාත්මයෙන් උසස් තැඹිලි වර්ග ද ගණනාවක්ම තියෙනවා. ඒ අතරින් නවසි, කුන්දිරා වැනි පොල් වර්ගත් රන් තැඹිලි, ගොන් තැඹිලි, රත් තැඹිලි වගේ තැඹිලි වර්ගත් ප්‍රධානයි.

කප්රුකක් වූ පොල් ගසෙහි ප්‍රයෝජනයට නොගන්නා කිසිම දෙයක් නොමැති තරම්. පොල් මුලේ සිට අතු කෙලවර දක්වා හැම අඟලක්ම අපි පරිභෝජනයට ගනු ලබන්නේ සැබවින්ම එය අපට කප්රුකක් වූ නිසයි. මේ අතරින් පොල් වතුර, පොල් තෙල් අපව නිරෝගී කරමින් අපේ සිරුරට ලොකු ඖෂධීය වටිනාකමක් එක්කරන පොල් ගසෙන් අපට ලැබෙන මහා දායාදයන් වෙනවා.

ඒත් අද අපි කතා කරන්න යන්නේ ඔබ මින් පෙර නොඇසූ ටිකක් අමුතු, පුදුම හිතෙන කතාවක්. ඇත්තටම ඒ කතාව අපිට පුදුමයක් වෙන්නේ කාලයත් සමඟ මේ දැනුම් සම්භාරය අපෙන් දුරස්ව ගිහින් තිබූ නිසයි. ඇත්තටම මේ දැනුම අපේ පැරැන්නන් දැනුවත්ව හෝ නොදැනුවත්ව තම එදිනෙදා ජීවිතයේදී භාවිතා කලා. එසේ වන්නට ප්‍රධානම හේතුව වුනේ මෙම දැනුම අපිට සංස්කෘතිකමය වශයෙන් ලැබුනු දායාදයක් වීමයි.

පොල් වතුර, පොල් තෙල් විතරක් නෙවෙයි පොල් ලෙල්ලෙත් ඖෂධීය ගුණ අඩංගු වෙනවා කියලා මීට කලින් ලිපි වල දි අපි ඔබව දැනුවත් කලා. තුනටිය අමාරු වලටත්, තැල්මක් ඇති වූ විට එම ස්ථානය තැවීමටත්, අපේ දේශීය වෛද්‍යවරයා අමු පොල් ලෙල්ලක් භාවිතා කලේ අන්න ඒ නිසයි. ඉතින් මේ පොල් ලෙල්ල විතරක් නෙවෙයි ඒ තුළ පිහිටා තියෙන පොල් කටුවත් ඔසු ගුණ සඟවාගෙන ඉන්නවා කියලා කිව්වොත් සමහරවිට ඔබට පුදුම හිතෙයි. ඔව් ඇත්තටම ඒක එහෙම තමයි.

පොල් ගෙඩියක ලපටි අවධිය හඳුන්වන්නේ කුරුම්බා හෝ වෑවර විදිහට කියලා කවුරුත් දන්නවා. ඉන්පසුව මේ ගෙඩි මෝරලයි පොල් ගෙඩියක් බවට පත්වෙන්නේ. අපි කුරුම්බා වතුර ටික බීලා ඒ මදයත් හූරගෙන කාලා හිස් කෝම්බය නිකම්ම පැත්තකට විසි කලත් අතීතයේ සිටි අපේ මුතුන්මිත්තන් එහෙම කලේ නෑ. ඒ කුරුම්බා ගෙඩියේ ලපටි පොල් කටුවත් විනෝදයට වගේ කෑමට ගත්තා. ඒවට තමයි “කහකඩ” කියන්නේ. මේ කහකඩ කන එකත් විනෝදයක් ගෙන දෙන වෙනම කලාවක්. හපන්න හපන්න කහට රසයත් සමඟ එන කිරි රසය අපේ දිවට ගෙන එන්නේ අමුතුම හැඟීමක්.

අපි විනෝදයට කන මේ කහකඩ වල ඇත්තටම ලොකු ඖෂධීය වටිනාකමක් තියෙනවා. දියවැඩියාවට, ලේ අතීසාරයට, රක්ත අර්ශස් වැනි රෝග සුව කරගන්න මේ කහකඩ ඉතා ගුණදායක බවයි දේශීය වෙදකමේ සඳහන් වෙන්නේ. ඊට අමතරව තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටළු, ගලගණ්ඩය වැනි රෝග වලටත් මේ කහකඩ කෑමට ලබාදෙනවා.

මේ ලපටි කහකඩ වල විතරක් නෙවෙයි මෝරපු පොල් කට්ටෙත් එයට ආවේණික ඔසු ගුණ අඩංගුයි. තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය දුර්වල අයට, අතපය වල ඇඟිලි ඇදවීම්, නවන්නට බැරි අමාරුකම් තියෙන අයට වගේම කොරගති තියෙන අයටත් පොල් කටුවෙන් වතුර පානය කිරීම ගුණදායක බවයි කියැවෙන්නේ. මේ සඳහා අවම වශයෙන් විනාඩි 15ක් වත් පොල් කටුව තුළ ජලය ගබඩාකර තැබිය යුතුයි.

ඉතින් මෙච්චර ගුණ පොල් කට්ටට අපේ පැරැන්නන් බෙලිමල්, රණවරා වගේ ඔසුපැන් දාගෙන බොන්නත්, මැටි කලයෙන් වතුර ටිකක් නවාගෙන බොන්නත්, ගෙදර තියෙන ලුණු ටික, ගලේ අඹරපු මිරිස් තුනපහ ටික ගබඩා කරලා තියාගන්නත් හේතු වුනේ එහි තියෙන ශක්තිමත් භාවය නිසාම වෙන්න බෑ. මෙහි තියෙන ඖෂධීය සංයෝග කෑම බීම වලට මුසුවෙන බව සමහරවිට ඔවුන් ඉවෙන් වගේ දැනගෙන ඉන්න ඇති. ඉතින් මේ පොල් කට්ට පුච්චලා අඟුරු ටිකක් හදාගත්තත් ඒ අඟුරු වලටත් විස හොඳින් අවශෝෂණය කරගන්නා ගුණ ඇති නිසයි ජලය පිරිපහදු කරන කොට පොල්කටු අඟුරු භාවිතයට ගැනෙන්නේ. දැන් ඉතින් පොල් කට්ටත් නිකම්ම නිකන් දෙයක් විදිහට අපිට අහක දාන්න බෑ කියලා ඔයාට හොඳට තේරුම් යන්න ඇති.

🌸 පසුගිය ලිපි 🌸
•••••••••••••••••••••••••

🔸ඔසුපැන් පානයට ලස්සනට ඔප දමපු පොල් කටු කෝප්පයක් හදමු 👇
https://m.facebook.com/story.php?story_fbid=2208719099422581&id=1839559759671852

🔹පොල් ලෙල්ලෙන් සුවකරන තුනටිය අමාරුව 👇
https://m.facebook.com/story.php?story_fbid=2465549120406243&id=1839559759671852

🔸රන් තැඹිලි තෙලේ බල මහිමය 👇
https://m.facebook.com/story.php?story_fbid=2221441348150356&id=1839559759671852

🔹ජීවිතය දෙන පොල් වතුර 👇
https://m.facebook.com/story.php?story_fbid=2363355307292292&id=1839559759671852

🧑 තොරතුරු :- දේශීය වෛද්‍ය පාලිත ශ්‍රී ගීගන ආරච්චිගේ මහතා
✍️ සැකසුම :- හෙළ අරණ™️
🌍 www.helaarana.lk
© Copyright Protected
………………………………………………………………
🔶 මෙවැනි වටිනා විස්තර දිනපතා දැන ගැනීමට අපගේ හෙළ අරණ facebook පිටුවට #Like කරන්න. ඒ වගේම අනිත් යාලුවන්ට දැනගන්න මේ ලිපිය #Share කරන්නත් අමතක කරන්න එපා.

📌️ ඇමුණුම් ( # Tags )
—————————————–
#හෙළඅරණ #හෙළ_අරණ #Hela_Arana #helaarana #පොල්කටු #කහකඩ #ඔසුපැන් #polkatu #kahakada #coconut #coconutshell








Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here