රෝගී ඔබ නීරෝගී කරවන ආයුර්වේදයේ එන පාන වර්ග…. ආයුර්වේදය යනු ආයුෂය රැකගැනීමේ දැ…

0
11

රෝගී ඔබ නීරෝගී කරවන ආයුර්වේදයේ එන පාන වර්ග….

ආයුර්වේදය යනු ආයුෂය රැකගැනීමේ දැනුම් පද්ධතියයි. එහි මූලික අරමුණ වන්නේ රෝගයන්ගෙන් මිදී නිරෝගී බව පවත්වා ගෙන යාමත්, ඇති වූ රෝගයන්ට ප්‍රතිකාර කිරීමත් වේ. ඒ අනුව සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය ආහාර විහරණ පිළිබඳව මෙන්ම රෝගී පුද්ගලයන් රෝගී අවස්ථා වල දී ගත යුතු ආහාර විහරණ පිළිබඳව ආයුර්වේදයේ වෙන් වෙන්ව මනාව විග්‍රහ කර ඇත.

උණ හෝ වෙනත් රෝග තත්වයකින් පෙළෙන රෝගීන් හට ලඝු ආහාර හෙවත් සැහැල්ලු ආහාර ගත යුතු බව ආයුර්වේදයේ නිර්දේශ කොට ඇත. මේවා මණ්ඩ, පේයා, විලේපි, ප්‍රමථි හා යුෂ ආදී ලෙස හඳුන්වන අතර විශේෂයෙන් උණ රෝගීන්ට ප්‍රතිකාර කරන අතරතුර වෛද්‍යවරු විසින් මෙම ආහාර ලබා දෙනු ලැබේ.

ලඝු ආහාරයක් යනුවෙන් හඳුන්වන්නේ ජීර්ණය කිරීමට පහසු, වැඩි වේලාවක් ගත නොවන ආහාරයි. ආයුර්වේදයට අනුව ශරීරය සමන්විත වන්නේ රස, රක්ත, මාංශ, අස්ථි, මජ්ජා, මෙදස් හා ශ්‍රක්‍ර යන සප්ත ධාතු වලිනි. මේ ධාතු හතෙන් නිර්මාණය වන සාරවත් කොටස ඕජස ලෙස ශරීරයක සරුම පදාර්ථයක් ලෙස හඳුන්වයි. එක් ධාතුවක් පිළිවෙලින් අනෙක් ධාතුව පෝෂණය කරන අතර අවසානයේ ඕජස පෝෂණය වන්නේ එම ධාතු හතෙන් වන සාර කොටසකිනි. අප ගන්නා ආහාර සප්ත ධාතු පෝෂණය කිරීමෙහිලා වැදගත් වන අතර එය නිසි පරිදි ලබා ගන්නේ නම් ඔබට ඉතා සාරවත් එනම් නිරෝගී සවිමත් ශරීරයක් හිමි වනු ඇත. බර ආහාර එනම් අධික තෙල් සහ පිටි සහිත ආහාර ගැනීම, කෑ පිට කෑම සහ දිරවීමට අපහසු විශාල ආහාර ප්‍රමාණයක් ගැනීම නුසුදුසු ආහාර පුරුදු වේ.

එම ආහාර නිසි පරිදි ජීර්ණය නොවීම නිසා පිළියෙල වන ආමය නම් ද්‍රව්‍ය ශරීරයට විෂ වේ. එම ආමය රස ධාතුවට එක්වී සප්ත ධාතු කරාම එලඹීමෙන් සමස්ත සිරුර පුරාම සංසරණය වී සිරුර තවත් රෝගී කරවයි. එම නිසා ගන්නා ආහාරය නිවැරැදිව ලබා ගැනීමට ඔබට ආයුර්වේදීය උපදෙස් වැදගත් වේ.

මණ්ඩ, පේයා, විලේපි, ප්‍රමථි, යුෂ හා ඕදන ලෙස මෙම ආහාර සැහැල්ලු බවේ සිට ගුරු (රළු) බව දක්වා සකස් කර තිබෙන්නේ රෝගී ශරීර බලය ක්‍රමයෙන් වැඩිවන විට ලබාදිය යුතු ආකාරයටයි.

ඒවා සකස් කරන ආකාරය අපි මෙහි දක්වා ඇත්තෙමු. පළමු කොට ද්‍රව පදාර්ථ වැඩි මණ්ඩ ආදිය සිරුරට අවශෝෂණය පහසු කරවයි. එමඟින් දිරවීම පහසු වේ. එසේ ක්‍රමයෙන් රෝගියාගේ සප්ත ධාතු පෝෂණය වූ පසුව “ඕදන” ලබා දේ.

ශරීයට ගුණ දෙන ආයුර්වේදයේ එන පාන වර්ග

🔴 පාන වර්ග

ශරීරයට ගත යුතු පාන වර්ග අතුරින් දිව්‍යමය පානය ලෙස ආයුර්වේදයේ දක්වා ඇත්තේ පිරිසිදු ජලයයි. උණුකරගත් ජලය 1/8 ට, 1/4 ට හෝ 1/2 ට සිඳ පානය කිරීම “උෂ්ණම්බු පානය” හෙවත් උණු ජලය පානය කිරීම ආයුර්වේදීය මතයයි. මෙසේ ජලය සකස් කර හැකිතාක් පානය කරන්නේ නම් ආහාර ජීර්ණය ක්‍රමවත් වීම, උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව ආදී රෝග මැඩලමින් තුන්දොසම සමනයට එය ඉතාම යෝග්‍ය බව පැරණි ආචාර්යවරුන් පවසා ඇත. කොරෝනා වසංගතය පවතින මෙම කාලයේදී ගත යුතු ආහාර ලෙස ජීර්ණයට පහසු ලඝු ආහාරයක් එනම් සැහැල්ලු ආහාරයක් ගත යුතු අතර උණ සෙම්ප්‍රතිශ්‍යාව ආදී රෝග තත්වයන්ගෙන් පසුවන යම් කිසි අයෙක් සිටී නම් ඔහු හෝ ඇය සඳහා පහත සඳහන් ආහාර සංස්කරණයන් ලබා දෙන්නේ නම් මැනවි.

🌸 මණ්ඩ
••••••••••••••••••

හාල් කොටස් 1 කට ජලය කොටස් 14 ක් දමා හොඳින් තම්බා ගත් පසුව ලැබෙන ජලීය කොටස පෙරා හාල් කොටස ඉවත් කර පානය සකස්කර ගත් විට එය “මණ්ඩ” වේ. කඵ පිත් නාශන ගුණ ඇති මෙම ආහාරය ශරීරයේ ධාතු සාමාන්‍යතාව ඇති කොට ආහාර ජීර්ණය උත්තේජනය කරනු ලබයි. ශරීර බලය වඩවයි. උණ රෝගීන් සඳහා ඉතාමත්ම සුදුසු ආහාරයකි.

🌸 පේයා
•••••••••••••••••

දේශීය සහල් හෝ රතු සහල් කොටස් 01 කට ජලය කොටස් 14 ක් දමා හොඳින් පිස ගත් බත පේයා ලෙස දෙනු ලබයි. ඔබට අවශ්‍ය නම් ලුණු, ගම්මිරිස්, සුදුළූණු එයට රසයේ ප්‍රමාණයට එක්කර ගන්න. රෝගී භාවයට පත්වී කය දුර්වල වූ රෝගියෙක්ට මෙය ඉතා ගුණදායක වේ.

🌸 විලේපී
•••••••••••••••••

වතුර කොටස් 04 ක් සමඟ මිශ්‍ර කරගත් සහල් කොටස් 01 ක් හොඳින් තම්බා සකසාගත් ආහාරය විලේපී වන අතර එමඟින් ආහාරයකින් ලැබිය යුතු සියලුම ගුණ පුද්ගලයාට ලැබේ. ශරීරය බලය හා ඕජාව වඩවන අතර මතකය බුද්ධිය ආදී මානසික ශක්තියද වර්ධනය වන බව ආයුර්වේදයේ සඳහන් වේ.

🌸 ප්‍රමථි
••••••••••••••••

කව්පි, කඩල මුං ආදී ලෙස ආයුර්වේදයේ හඳුන්වන ශිම්බි ධාන්‍ය නැතහොත් කොපුවක් තුළ හටගන්නා ධාන්‍ය වර්ග ප්‍රමථි සකස් කිරීමට යොදා ගනී. එවැනි ඕනෑම ධාන්‍ය වර්ගයක 40g තලපයක් සේ සකස් කර එයට වතුර 240ml පමණ දමා එය 60ml ක් පමණ එනම් 1/4 ට සිඳ සකස් කල පානය ප්‍රමථි නම් වේ. වරකට මෙයින් 60ml පමණ වන ලෙස දිනකට දෙවරක් සකස්කර පානය කිරීම ඔබට කල හැක.

🌸 යුෂ
••••••••••••

මුං කඩල කව්පි ආදී ධාන්‍ය 40g ක් ඉඟුරු හා තිප්පිලි 5g ක් සමඟ මිශ්‍ර කර සකසාගත් තලප‍යට වතුර 640ml සමඟ තම්බා සකස් කල පානය ද යුෂ ලෙස භාවිතා කරයි.

අප ගන්නා ආහාර අධික ලෙස උණුසුම් කිරීම හෝ සිසිල් කිරීම කිසිසේත්ම නොකළ යුතුයි. ඒවා ආහාරයට ගත යුත්තේ ද මද උණුසුම් පිටයි. එවිට ඒවා සිරුරට මනා ලෙස අවශෝෂණය වේ. එමෙන්ම ආහාර නැවත නැවත රත්කර ආහාරයට නොගත යුතුයි. ශීත කර පසුව භාවිතා නොකළ යුතුයි. මේ සෑම දෙයක්ම වැටෙන්නේ වැරදි ආහාර පුරුදු ගනයටයි.

එම නිසා ඔබ සකස් කරගත යුතු කරගත යුතු ආහාරය ඉහත ආයුර්වේද උපදෙස් පරිදි ලබා ගැනීම ඔබගේ සෞඛ්‍යයට හිතා හිතකර බව කිව යුතුයි.

🔴 මොනවද මේ “ඕදන”?

ආයුර්වේදයේ ” ඕදන” ලෙස දක්වා ඇත්තේ අපගේ ප්‍රධාන ආහාරය වන බත සම්බන්ධවයි. නමුත් බොහෝ විට වර්තමානයේ ජනතාව බත පිළියෙල කරනු ලබන්නේ එලෙස නියමිත ක්‍රමවේදයන්ට අනුව නොවේ.

ඕදන පිළියෙල කරගත යුත්තේ හාල් කොටස් 01 කට ජලය කොටස් 05 ක් දමා තැම්බීමෙනි. මෙලෙස තැම්බීමේදී ජලය හට්ටියෙන් උතුරා නොයන ලෙසත්, සහල් හොඳින් තැම්බෙන ආකාරයටත් පිළියෙල කළ යුතුයි.

රෝගී අය සඳහා මේ බත පිළියෙළ කරන විට එයට සුදුළූණු, සූදුරු, මාදුරු එක් කල හැකි නම් එහි ගුණාත්මකභාවය තවත් වැඩි කරගත හැක. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ එලෙස පිළියෙල කරගත් බත “රසෝදන” ලෙස හඳුන්වයි. මෙම ආහාර පරිභෝජනයට ඉතා සුදුසු අතර ආහාර ජීර්ණයද ක්‍රමවත් වන නිසාත් රෝගී අවස්ථා වලදී මෙන්ම ස්වස්ථ බව හෙවත් නිරෝගී බව රැක ගැනීමට ආයුර්වේද ආචාර්යවරුන් මෙය නිර්දේශ කර ඇත.

🌸 පසුගිය ලිපි 🌸
•••••••••••••••••••••••••

🔸ගැහැණු ළමයින්ට නිතර අවශ්‍ය වන පාන වර්ග 👇
https://m.facebook.com/story.php?story_fbid=2064483393846153&id=1839559759671852

🔹යුවතියන් ලස්සන කරන පාන වර්ග 10 👇
https://m.facebook.com/story.php?story_fbid=2427859514175204&id=1839559759671852

🔸දියවැඩියාවට සුදුසු ඖෂධීය පාන වර්ග 👇
https://m.facebook.com/story.php?story_fbid=2131504697144022&id=1839559759671852

🔹ගැහැණු ළමයින්ට සුදුසු ඖෂධීය පාන වර්ග 👇
https://m.facebook.com/story.php?story_fbid=2075360509425108&id=1839559759671852

📗 මූලාශ්‍රය :- දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය
✍️ සැකසුම :- හෙළ අරණ™️
🌍 www.helaarana.lk
………………………………………………………………
🔶 මෙවැනි වටිනා විස්තර දිනපතා දැන ගැනීමට අපගේ හෙළ අරණ facebook පිටුවට #Like කරන්න. ඒ වගේම අනිත් යාලුවන්ට දැනගන්න මේ ලිපිය #Share කරන්නත් අමතක කරන්න එපා.

📌️ ඇමුණුම් ( # Tags )
—————————————–
#හෙළඅරණ #හෙළ_අරණ #Hela_Arana #helaarana #පාන #මණ්ඩ #පේයා #විලේපි #යුෂ #ඕදන #රසෝදන #ලඝු #සැහැල්ලු #ආහාර #Ayurvedicdrinks #Ayurvedicbeverages #herbaldrinks #healthylife #ayurvediclifestyle








Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here