Google search engine
Home ගොසිප් පුවත් රූමත් තරු­ණි­ය­කගේ වෙස් ගත් නපුං­ස­ක­යෙකු තෑගි දෙනවාට හයිලෙවල් පාරේ බයික්රේස් – 29...

රූමත් තරු­ණි­ය­කගේ වෙස් ගත් නපුං­ස­ක­යෙකු තෑගි දෙනවාට හයිලෙවල් පාරේ බයික්රේස් – 29 ක් අත්අඩංගුවට

0
9

කොළඹ දිස්ත්‍රි­ක්කයේ විවිධ ප්‍රදේ­ශ­යන්හි පදිං­චිව සිටින තරු­ණ­යන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හා වට්සැප් මෙන්ම අන්ත­ර්ජාල යෙදුම් තාක්ෂ­ණික ක්‍රම උප­යෝගී කර­ග­නි­මින් කැඳ­වීම් සිදු­කර මහ­ර­ගම හයි­ලෙ­වල් මාර්ගයේ අප­රී­ක්ෂා­කාරී අයු­රින් පැවැත් වූ යතු­රු­පැදි තර­ග­යක නියැ­ළුණු තරු­ණ­යන් 29ක් (12) වන දින අලු­යම යතු­රු­පැදි 21ක් සමඟ අත්අ­ඩං­ගු­වට ගත් බව මහ­ර­ගම පොලි­සිය පව­සයි. තර­ගයේ පළමු ජය­ග්‍ර­හ­ක­යාට ත්‍යාග වශ­යෙන් රූමත් තරු­ණි­ය­කගේ වෙස්ගත් නපුං­ස­ක­යෙකු ලබා දීමට නිය­මි­තව තිබිණි. 

ඒ අර­මු­ණින් යතු­රු­පැදි පැදවූ තරු­ණ­යන් 14 ක් සහ තර­ගය නර­ඹ­මින් සහාය දක්ව­මින් ඔල්ව­ර­සන් දෙමින් සිටි තරු­ණ­යන් 15ක් (12) වන දින අලු­යම තරග සඳහා යොදා­ගත් යතුරු පැදි 21 ද සමඟ අත්අ­ඩං­ගු­වට ගත් බවත් එදි­නම දහ­වල් නුගේ­ගොඩ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව මැයි මස (15) වන දින තෙක් රක්ෂිත බන්ධ­නා­ගාර ගත කරන ලෙස නුගේ­ගොඩ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් තනූජා ජය­සිංහ මහ­ත්මිය නියෝග ලබා දුන් බව මහ­ර­ගම පොලි­සිය පව­සයි.

මෙලෙස බන්ධ­නා­ගා­ර­ගත කෙරුණු 14 දෙනා අතර රත්ම­ලාන, පිළි­ය­න්දල කැස්බෑව, කොට්ටාව, කිරු­ළ­පන, ඉංගි­රිය, හෝමා­ගම හා බොර­ලැ­ස්ග­මුව, මීගොඩ, පාදුක්ක, වට­රැක වැනි ප්‍රදේ­ශ­වල පදිංචි වයස අවු­රුදු 18 සහ 25 වැනි වියේ පසු­වන තරු­ණ­යන් සිටි බවත් පොලි­සිය පැව­සීය.

පළමු තරඟ වටය අව­සන් වීමෙන් අන­තු­රුව අනෙක් තර­ග­යට සූදා­නම්ව සහාය දක්ව­මින් ඔල්ව­ර­සන් නග­මින් මුදල් ඔට්ටු අල්ල­මින් සිටින විට මහත් පරි­ශ්‍ර­ම­යක් දරා අත්අ­ඩං­ගු­වට ගත් තරු­ණ­යන් පිරිස දැඩි අව­වාද සහ ඇප කොන්දේසි මත පොලිස් ඇප මත මුදා හැරී­මට පිය­වර ගත් බවද පොලි­සිය පව­සයි. මෙම තර­ඟයේ විශේ­ෂ­ත්වය වනුයේ ප්‍රථම ස්ථානය ලබා­ගන්නා තර­ඟ­ක­රුට ලබා දෙන ජය­ග්‍රාහි මුද­ලට අම­ත­රව රූමත් තරු­ණි­ය­කගේ වෙස් ගත් නපුං­ස­ක­යෙකු ලබා­දීම බව සිදු­කළ මූලික විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වූ බවත් ඒ වෙනු­වෙන් ගෙන්වා තිබූ නපුං­සක පුද්ග­ල­යන් දෙදෙනා ද අත්අ­ඩං­ගු­වට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන විත් පරී­ක්ෂණ කට­යුතු සිදු­කොට පොලිස් ඇප මත මුදා හැරී­මට පිය­වර ගත් බවත් පොලි­සිය පව­සයි.

කාන්තා වෙස්ගත් නපුං­සක පුද්ග­ල­යන් දෙදෙ­නකු ගෙන්වා ඇත්තේ ප්‍රථම ස්ථානය ලබා ගන්නා තර­ග­ක­රුගේ සිතැඟි පරිදි ලිංගික ක්‍රියා­වන්හි නියැ­ළී­මට එක් අයකු තෝරා ගැනී­මට බවද පොලිස් විම­ර්ශ­න­ව­ලදී වැඩි­දු­ර­ටත් අනා­ව­ර­ණය වූ බවද පොලි­සිය පව­සයි. ඝෝෂා­කාරී අයු­රින් අප­රී­ක්ෂා­කාරී ලෙස තරු­ණ­යන් පිරි­සක් මහ­ර­ගම පන්නි­පි­ටිය හයි­ලෙ­වල් මාර්ගයේ ටැංගෝ බෝඩ් හන්දියේ සිට පන්නි­පි­ටිය දෙසට අධික වේග­යෙන් මනු­ෂ්‍ය­යාගේ කනට දැරිය නොහැකි ශබ්ද නිකුත් කර­මින් තර­ග­යට පද­වන බවට පොලි­සි­යට ලද තොර­තු­ර­කට අනුව මෙම සැක­කාර තරු­ණ­යන් පිරිස අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. සැක­කාර තරු­ණ­ය­න්ගෙන් සිදු­කළ ප්‍රශ්න කිරී­මේදී අන්ත­ර්ජා­ලයේ ප්‍රසිද්ධ කර තිබූ ඇප් එකක් හරහා සම්බන්ධ වී මුදල් ඔට්ටු­වට යතු­රු­පැදී පැද­වීම සඳහා පැමිණි බවට අනා­ව­ර­ණය කළ බව පොලිස් නිල­ධා­රි­යෙක් පැව­සීය.

නුගේ­ගොඩ කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධි­කාරී ජේ. බී. එස් ජය­මහ මහ­තාගේ සෘජු අධී­ක්ෂ­ණය මත මහ­ර­ගම පොලිස් ස්ථානයේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක සී. රාජ­පක්ෂ මහ­තාගේ උප­දෙස් මත රථ­වා­හන අංශයේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක එස්. එම්. ඒ. බණ්ඩාර මහ­තාගේ මෙහෙ­ය­වීම මත උප පොලිස් පරී­ක්ෂක එදි­රි­සිංහ, පොලිස් සැර­යන් 56876 වික්‍ර­ම­තුංග, 42892 වීර­සිංහ, 30674 ප්‍රියං­කර, 5007 කම­ල්සිරි, 51891 ජීවන්ත පොලිස් කොස්තා­පල් 69596 සම්පත්, 39126 අරුණ ශාන්ත, 93762 විජය බණ්ඩාර, 31627 ධන­සේ­කර, කාන්තා පොලිස් කොස්තා­පල් 12028 හර්ෂණී ඇතුළු නිල­ධා­රීන් විසින් පරී­ක්ෂණ පව­ත්වනු ලැබේ.

(සමීර අබේ­සිංහ – බිමල් ජය­සිංහ )

Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here