රුසියාව විජයග්‍රහනයේ දිනය සමරයි – Sri News දේශීය පුවත්

0
5

ශ්‍රේෂ්ඨ දේශප්‍රේමී යුද්ධය (දෙවන ලෝක යුද්ධය) ජයග්‍රහණයේ 79 වෙනි සංවත්සරය රුසියාව විසින් මැයි 09 වෙනිදා සමරනවා.

රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් මහතා හා ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා රුසියානු තානාපති කාර්යාලයේ ප්‍රථම ලේකම් මරීයා පොපෝවා, රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ, හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක, රුසියානු මන්දිරයේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධප්‍රිය රාමනායක මහතා ඇතුළු තානාපති නිලධාරීන් හා ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් 79 වෙනි විජයග්‍රහනයේ සැමරුම් උත්සවයක් පසුගියදා කොළඹ රුසියානු මන්දිරයේදී පැවැත්වුනා.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here