රුසියාව තුළ සැඟවුණු රටවල් – Sri News

0
3

රුසියාව කියන්නේ ලෝකයේ විශාලතම රට වගේම යුරෝපා සහ ආසියා මහද්වීප දෙක පුරා දිවයන රටක්. කාල කලාප එකොළහක් ආවරණය කරන රුසියාව ලෝකයේ සමස්ථ භූමි ප්‍රමාණයෙන් අටෙන් එකකට හිමිකම් කියනවා. අද අපි කතා කරන්න යන්නේ මේ රුසියාව ඇතුළේ සැඟවිලා තියෙන සමූහාණ්ඩු  ගැන. 

 

මේ සමූහාණ්ඩුව ඇති වෙන්නේ අඩෛජියා ජන වර්ගය වෙනුවෙන්. නිරිතදිග රුසියාවේ පිහිටා ඇති මෙම සමූහාණ්ඩුව කූබන් නදියේ සිට කොසෙක්ස් කඳු පන්තිය පාමුල දක්වා විහිදී යනවා. මෙරට ප්‍රධාන ජීවනෝපාය වන්නේ කෘෂිකර්මාන්තයයි. එසේම රටෙන් බොහෝ කොටසක් වනාන්තරයෙන් වැසී පවතිනවා. රටේ අගනුවර මයිකොප් නම් වන අතර එය එරට විශාලතම නගරය වනවා. එමෙන්ම එහි රටේ ජනගහණයෙන් තුනෙන් එකක් වාසය කරනවා.

 

තුර්කි සම්භවයක් සහිත අල්ටායි ජනතාව වෙනුවෙන් මේ සමූහාණ්ඩුව වෙන්ව පවතිනවා. කෙසේ නමුත් එරට ජනගහණය විශ්ලේෂණය කර බලද්දී බහුතරය සැදුම් ලන්නේ රුසියානුවන්ගෙන්. ගෝනෝ ඇල්ටයිස් එරට විශාලතම නගරය සහ අගනුවර ද වනවා. රටේ බහුතරයක් ජනතාව කෘෂිකර්මාන්තයට සහ පශු පාලනයට යොමුව තිබෙන අතර එරට වනාන්තර බහුලවීම නිසා ලී වෙළෙඳාමද දියුණු වෙමින් පවතිනවා.

 

නැගෙනහිර යුරෝපයේ වොල්ගා නදිය සහ ඌරල් කඳුවැටිය අතර පවතින මෙම සමූහාණ්ඩුව රුසියානු සමූහාණ්ඩු අතරින් වැඩිම ජනගහණයක් සහිත සමූහාණ්ඩුව වනවා. බාෂ්කිර් ජන වර්ගය වෙනුවෙන් වෙන් වී තිබෙන මෙම සමූහාණ්ඩුව රුසියාව තුළ දේශීය ජනවර්ගයක් වෙනුවෙන් වෙන් වූ පළමු සමූහාණ්ඩුව ලෙසත් හැඳින්විය හැකියි. ස්වභාවික සම්පත්වලින් අනූන එරට ස්වභාවික ගෑස් සහ තෙල් නිසා ආර්ථික වශයෙන් යම් සමෘද්ධිමත් බවත් අත්පත් කර ගෙන තිබෙනවා. එරට ප්‍රධාන අගනුවර ඌෆා ලෙස හැඳින්වෙනවා.

 

නැගෙනහිර සයිබීරියා මායිමේ පිහිටා ඇති මෙම සමූහාණ්ඩුව සුප්‍රකට බයිකල් විලේ වැඩි කොටසක් ආවරණය කරනවා. කඳු ශිඛර බහුල මෙම ප්‍රදේශ වෙත රුසියානුවන් ගේ පැමිණීම දාහත්වන ශතවර්ෂයේ පටන් ඇතිවුණු අතර ඔවුන්ගේ බලාපොරොත්තුව වූයේ රත්තරන් සහ ලෝම වෙළඳාමයි. මුල් කාලයේදී මෙරට ආශ්‍රිතව ජීවත් වුණු සංචාරක එඬේර ජන කොට්ඨාසයක් වන බුර්යාත් ප්‍රජාව ඊට දැඩි ප්‍රතිරෝධයක් දැක්වූවත් පසුව ක්‍රමක්‍රමයෙන් රුසියානු බලපෑම මත කෘෂිකාර්මික ජිවිතයකට හුරු වන්නට පටන් ගත්තා.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here