Home ගොසිප් පුවත් රුසියානුවන් රැගත් වෑන් රිය මංචි ලොරියේ හැපී 9 ක් රෝහලේ

රුසියානුවන් රැගත් වෑන් රිය මංචි ලොරියේ හැපී 9 ක් රෝහලේ

0
6


expressway-accident

රුසියානු ජාතික සංචාරකයින් පිරිසක් රැගත් වෑන් රථයක් අද (09) අලුයම 5.45ට පමණ දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී ලොරියක හැපී අනතුරට ලක්ව 9 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. වෑන් රථයේ සහ ලොරි රථයේ ගමන් කළ දෙපිරිසම තුවාල ලබා ඇත.

අධිවේගී මාර්ගයේ සූරියවැව අන්දරවැව අන්තර් හුවමාරුව ආසන්නයේ දී අධිවේගය දෙසට ධාවනය වූ මංචි බිස්කට් සමාගමට අයත් ලොරි රථයක පිටුපස ගැටී අනතුර සිදුව ඇත.

අනතුරින් වෑන් රථයේ ගමන් ගත් සංචාරකයින් සිව්දෙනෙකු සහ රිය සහායක තුවාල ලබා තිබේ.
තුවාල ලැබූවන් අතර වයස අවුරුදු 8ක රුසියානු ජාතික ගැහැනු දරුවෙකු ද සිටින බව පොලීසිය පවසයි.
අනතුරින් ලොරි රථ රියදුරු, රියදුරුගේ බිරිඳ සහ අවුරුදු 2 සහ 11 යන වයස්වල පසුවන දරුවන් දෙදෙනා ද තුවාල ලබා හම්බන්තොට රෝහලට ඇතුළත් කර ඇත.
වෑන් රථයේ ගමන්ගත් සංචාරකයින් පිරිස අහුංගල්ලේ සිට ඇල්ල බලා ගමන් කරමින් සිටිය දී අනතුරට ලක්ව තිබේ.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here