රිය අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙක් මරුට

0
5


පුත්තලම, පල්ලම පොලිස් වසමේ, නන්දි මිත්‍ර පාසල අසලදී හලාවත දෙස සිට ආණමඩුව දෙසට ධාවනය වූ යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරින් පොලිස් නිලධාරියෙකු ඊයේ (පෙබ. 10) මිය ගිය බව පොලිසිය පවසයි.

මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 23ක්වූ දෙකේ කණුව, රිදීබැඳිඇල්ල ප්‍රදේශයේ පදිංචි හලාවත පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයෙකි.

පොලිසිය සඳහන් කළේ, අනතුරින් බරපතළ තුවාල ලැබූ පොලිස් නිලධාරියා හලාවත රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බව ය.

මෘත ශරීරය හලාවත රෝහලේ තැන්පත් කර ඇති බව පොලිසිය සඳහන් කළේ ය.

මේ පිළිබඳව පල්ලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here