රැල්ලට එන අය රැල්ලටම යනවා,NPPආණ්ඩුවත් සදාකාලික නැහැ – ලාන්සා

0
24


අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ජනතාවට දුන් පොරොන්දු කිසිවක් ඉටු කළ නොහැකි බවත්, වේදිකාවේ දුන් පොරොන්දු, ආදායම අඩු කර වියදම වැඩි කරන පොරොන්දු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පැවසීය.

නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ වත්තල පල්ලියවත්ත පැවති ජන හමුවකට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් ලාන්සා මහතා,

” අනුර කුමාර මහතා ජනාධිපති වීමට පෙර පොරොන්දු විශාල ප්‍රමාණයක් ලබා දුන්නා. සාමන්‍යයෙන් ජනාධිපතිවන කෙනෙක් ජනතාවට ලබා දුන්න පොරොන්දු යම් ප්‍රමාණයක් ලබා දීලා මැතිවරණයකට යන්නේ. අනුර කුමාර මහතා මැතිවරණ පොරොන්දු ඉටු නොකර මැතිවරණයකට යාමට සූක්ෂම වුනා. වැට් එක අඩු කිරීම, ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම, රාජ්‍ය සේවකයින්ගේ වැටුප් මාස හයෙන් හයට වැඩි කිරීම, ඇප නැතිව ණය දීම වැනි විශාලා පොරොන්දු රාශීයක් ජනතාවට ලබා දුන්නා.

මෛත්‍රීපාල සිරිසේන මහතා ආපු ගමන් දින 100 වැඩසටහන ක්‍රියාත්මක කළා. ගෝඨාභය රාජපක්ෂ වැට් එක අඩු කළා. සාමන්‍යයෙන් ජනාධිපතිවරු තමන් දුන් පොරොන්දු වලින් යම් කොටසක් ඉටු කරලා මැතිවරණයකට යන්නේ. අනුර කුමාර මහතා ඒ එකක්වත් කරන්නේ නැතිව මැතිවරණයට ගියා. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක ගිවිසුමක ඉන්නේ. ඒ නිසා අපිට ඕන ඕන විදියට රාජ්‍ය ආදායම අඩු කරන්න බැහැ. අදායම අඩු කරනවනම් අනිත් පැත්තෙන් ඒක ගන්න විදිය කියන්න ඕනේ. වියදම අපිට ඕන ඕන විදියට වැඩි කරන්නත් බැහැ. වියදම වැඩි කරනවනම් ඒ වැඩි වන වියදමට ආදායම එකතු කරන්නේ කොහොමද කියලා කියන්න ඕනේ.

අනුර කුමාර මහතා වේදිකාවක් වේදිකාවක් ගානේ වියදම වැඩි කරන හැටි හා ආදායම අඩු කරන හැටි කිව්වා. දැන් අනුර කුමාර මහතා පත් වෙලා දින පනහක් ගියා. මාස හයක්, අවුරුද්දක්, අවුරුදු පහක් ගියත් දුන් පොරොන්දු ඉටු කරන්න බැහැ. අනුර කුමාර, විජිත හේරත් ඕනෑම විවාදයකට එන්න මම ඔප්පු කරලා පෙන්නන්නම් එකින් එක දුන්න පොරොන්දු ඉටු කරන්න බැහැ කියලා.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here