රැක්අගුණ ශාකය ආයුර්වේද බෙහෙත් සදහාම පමනක් නොවේ පළතුරක් හොද හෙවන ගසක් .එ වගේම කොක…

0
3


රැක්අගුණ ශාකය ආයුර්වේද බෙහෙත් සදහාම පමනක් නොවේ පළතුරක් හොද හෙවන ගසක් .එ වගේම කොක්කු කපුටෝ වහන්න වාසයට එන්නැති ගසක්.නගරෙ මැද ගසක් හිටවන්න ඇලක් ගාව හිටවන්න කපුටන් කොක්කු ඉන්න තැනක කූඩුවක් හදන්නනම් එනවා බොරැ.හැදුවොත් වැරදිලා දාලයනවා එතන අත්හැරලා.මෙම ශාකයේ එම විශේෂත්වය මෙම ගස සත්ව විකර්ෂණ ගසක්නිසා.නිවස් තුල ආරක්ෂාවට ඉතාම වටිනවා ඇට පැළයක් හෝ අතු පැළයක් හිටව ගන්න එක.බලන්න බැලුම් මහර කොක්කු විමානයක් ඉන්න හන්දියෙම රැක් අගුන ගහක් තියනවා කාක්කෝ මයින්නු කොක්කු අනිත් ගස් වහගෙන වර්චස් පෙරාගෙන ඉන්නවා.මේ ගස පීදිලා ගෙඩි හැදිලා එකම එක කාක් කූඩයක් හදලා අතහැරලාදාලා.ඈත අතීතයේ පටන් භූමිය බලවත් කරවන්න කියලා හිටවපු ගසක්නෙව මේක.Alangiaceae කුලයේ Alangium salvifolium ලෙස උද්භිද නාමය බාවිත කරන මෙම වර්ගය සර්ප විෂ නැසීමට නොයෙක් ලෙස සැකසූ බෙහෙත් වර්ග වලට බාවිත කරනවා.වරෙක හිස වටාද ශරීරය වටාද ඇතිරිල්ලක් ලෙසටද මෙම වර්ගයේ පත්ර පොතු සර්ප විෂ බැස්ස වීමට ගනුලබනවා.පිස්සු බලු උග්රම අවස්තාවේදී ප්‍රරමාදව නිවසට ගෙනාවෝත් කසාය පිස දෙන්නේ ඉතිරි ක්‍රම කිරීමට යම් කෙටි කාලයකට රෝගියාගේ ප්රතිශක්තිය ශරීරයේ මෙන්ම කල්පනාවත් රෝගියාට ඇතිවන නිසාය.තරමක් විශාල ගසකි.මෙහි හදුනාගත් රසායනවල පොත්තේ පොටෑසියම් ක්ලෝරයිඩ් ,ටැනින්,ඇලැන්ජින් ශාරයද,ඇලන්ජියම්AහාB සහ ඇල්කොලින් අන්තර්ගතය.කෘමිරෝග ආර්ථව අවදිය ප්රමාදනම් ක්රමවත් නැති කොට පෙකනිය වටා අමුගෙඩි සාරය ආලේප කරන අතර දාහ දැවිලි සදහා දලු අඹරා සම මත ඇතිරීම.හිසේ මෙහි ගෙඩි ආලේප කොට ස්නානය මගින් උකුණන් ඉස්හොරි මෙන්ම තුවාල සුවවේ.කකුල් දොවනයට පත්ර තම්බා ගත් ජලය ඉතාම සුවයි.ස්නායු පනගන්වන ශරීරයට පහසුව දැනේ.අතීසාර රොග සදහා ඒ ඒ රෝග විනිස්චය මත ඔසු සකසා දියහැක.මෙහි මුල් අතීසාරයට ඉතාම අගෙයි.මී විෂ සර්ප විෂ රක්ත රෝග සියල්ලටම සුබයි.උන රොගියකුට කසායට ගතහැක .විෂක් ඇතිවිට සුලුවෙන්ම මෙහිමුල් එඵ ගව මූත්රවල අඹරා ආලේප කලහැක .ප්රසව වේදනා සමනයට මෙන්ම ඉක්මන් ප්‍රරසූතිය අවශ්ය මොහොතට පවා වෙදදුරන් මෙහි ආලේපන මෙන්ම තෛලයන් සකසා තබා ගත්හ.අන්කෝලා වල ඇට වලින් තෙල් ගන්නේනම් ගොන්කැකිරි කාඩියෙන් ඇඹරෑ රැක්අගුණ මදය චූර්ණ සමග එකට මිස්රකොට තදම අව්වේ එල්ලා තබන්න තෙල වෑස්සේ.
තවද කාඩි යෙන් අඹරා ගුළිකර වන්ඩුවේ තම්බන්න.පසුව පැය දෙකකින් පමන පසු යම් යන්තරයකින් මිරිකා ගන්න.
ඇට තලතෙලින් අඹරා ගත්තද තෙල් ගුණ එමටයි.තෙලක් බාවිතයට ගන්නවනම් මිලි තුනක ප්රමානයත් ගහේ කිසියම් සාරයක් අනෙකුත් කැද වලට එක්කරනවනම් හො මිලි පහක ප්රමානය බව සලකන්න .වමනකාරක නිසා එ් මාත්රාවම දියයුතුයි.
වයසට නොගොස් කෙස් මස් සම නිය අභායට යෑම පාලනකල හැකි බේත් නිපදවන්ට හැකීවීම මෙම ඔසුවේ වටිනාම ගුණයයි.
බෙලිමද තිප්පිලි සම බාග ගෙන රැක්අගුණ තෙල් සමග අඹරා දින පහලොවක් වී ගොඩක් මැද අස්සකට දමා තබන්ට.එම තෙල සුදු හිසකෙස් කලුහිස කෙස් බවට ක්රමයෙන් හැරේ.පාද පිරිමැදීමෙන් කැළැල් මැකේ සුමුදු වේ.පළතුරක් හැටියට වවා ගතහොත් රෝග ගනනාවකටම ප්රතිෂක්තිය හිමිවේ.තේජාන්විත සෞබාග්‍ය උදාවන ගසකි.
උනට හිනටිහාල් සමග මිලි පහයි
අාම රොගද එම පමනට
සම මතුපිට දෙහි ඉස්මෙන් ගැනිම යොග්යයි.






Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here