රාජ්‍ය දේපළ විකුණන්න එපා – මහින්දගෙන් ඉල්ලීමක් – Sri News දේශීය පුවත්

0
6

ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු නව රජයක් පිහිටවන තුරු රජය සතු වත්කම් විකුණා දැමීමට ගෙන ඇති සියලු පියවර අත්හිටවිය යුතු බව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.

රජය සතු වත්කම් සහ ව්‍යාපාර විකිණීම යන මැයෙන්, නිවේදනයක් නිකුත් කරමිනුයි හිටපු ජනාධිපතිවරයා මේ බව සදහන් කරන්නේ.

රජයට අයත් ඇතැම් වත්කම් සහ ව්‍යාපාර විකුණා දැමීමට ආණ්ඩුව ගනිමින් සිටින පියවර හේතුවෙන් දේශපාලන පක්ෂ,  වෘත්තීය සමිති මෙන්ම ජනතාව අතර නොසන්සුන්තාවක් හටගෙන ඇති බව මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා.

වත්මන් ආණ්ඩුවේ මෙම පියවරට පාදක වී ඇත්තේ පාඩු ලබන රාජ්‍ය ආයතන සදහා වන වියදම් අවම කිරීම සහ ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවා ඇති කොන්දේසි සපුරාලීමට බව පෙනෙන්නට ඇති බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

2005 නොවැම්බර් සිට 2015 ජනවාරි දක්වා වසර නවයකට වැඩිකාලයක් රට පාලනය කළ කාලයේ රජය සතු කිසිදු දේපලක් හෝ ව්‍යාපාරයක් විකිණුවේ නැති බවද මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා.

වත්මන් ආණ්ඩුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධුර කාලයේ ඉතිරි කොටස තුළ රට පාලනය කිරීම සදහා පිහිටුවාගත් අන්තර් කාලීන වැඩපිළිවෙළකි. මෙවන් අවස්ථාවක රාජ්‍ය දේපල කඩිමුඩියේ විකුණා දැමීමෙන් රටට වැඩදායක ප්‍රතිඵලයක් ලබාගැනීමට නොහැකි බව පුද්ගලීකරණයට පක්ෂපාත පාර්ශ්ව වලට පවා අවබෝධවිය යුතුය. එපමණක් ද නොව මීළග ජනාධිපතිවරණයට ඇත්තේ තව මාස කීපයක් පමණි. එබැවින් රජයේ දේපල විකිණීමට එරෙහිව රට පුරා ඇතිවී තිබෙන නොසන්සුන්තාවයට විසදුමක් ලෙස මා යෝජනා කර සිටින්නේ ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු නව රජයක් පිහිටුවන තුරු රජය සතු වත්කම් හෝ ව්‍යාපාර විකුණා දැමීමට ගෙන ඇති සියලු පියවර අත්හිටවිය යුතු බවයි. එවිට ඊළග ජනාධිපතිවරණය ජය ගන්නා පාර්ශ්වයට ඔවුන්ට ලැබෙන ජන වරම අනුව රජය සතු දේපල හා ව්‍යාපාර සම්බන්ධයෙන් කටයුතු කළ හැක.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here