රාජධානි සටන මහා ක්‍රිකට් තරගයේ ජය අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයට – Sri News ක්‍රීඩා

0
5

අනුරාධපුර  මධ්‍ය විද්‍යාලය සහ පොළොන්නරුව රාජකීය විද්‍යාලය අතර සිව්වන වරටත් පැවති රාජධානි සටන ක්‍රිකට් තරගාවලිය පසුගිය දෙදින පුරා අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් රාජකීය කණ්ඩායම සිය ප්‍රථම ඉණිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 59ක් පමණයි. කාවින්ද දයාරත්න පන්දු යැවීමේ දී ලකුණු 25ට කඩුලු 5ක් බිදහෙළුවා.

අනුරාධපුර මධ්‍ය විද්‍යාලය සිය ප්‍රථම ඉණිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 138ක් රැස්කළා.

පොළොන්නරුව රාජකීය විද්‍යාලය සිය දෙවන ඉණිම වෙනුවෙන් ලකුණු 242ක් රැස්කළා. හසිදු ලලින්ත අගනා ශතයක් රැස්කළා.

අනතුරුව ජයග්‍රහනය සදහා පහසු ඉලක්කයක් හඹාගිය අනුරාධ පුර මධ්‍ය විද්‍යාල කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 167ක් රැස්කරමින් තරගයේ ජය හිමිකර ගත්තා.

තරගයේ වීරයා අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ අශාන් ඉසුරංග.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here