රසය පිරි ඔසු ගුණ සපිරි තැල්කොළ තැල්කොළ වල ඉතිහාසය හෙළ ඉතිහාසයේ සිදුවූ මහා සංග…

0
17


රසය පිරි ඔසු ගුණ සපිරි තැල්කොළ

🔴 තැල්කොළ වල ඉතිහාසය

හෙළ ඉතිහාසයේ සිදුවූ මහා සංග්‍රාමයක් ලෙස සැලකෙන රාම රාවණා යුද්ධයේදී හී සර වලින් තුවාල ලද්දන්ට ඔසු පිණිස හිමාල වනයෙන් ශ්‍රී ලක්ෂ්මන විසින් රැගෙන එන ලද ඉතා වටිනා ඔසු පැළෑටියක් ලෙස මෙම තැල්කොළ ලාංකික ජනප්‍රවාදය තුළ පැවතගෙන එයි.

——————————————————————–
🔴 තැල් ශාකය හමුවන වෙනත් රටවල්
——————————————————————–
• ඉන්දියාව
• චීනය
• ඔස්ට්‍රේලියාව
• දකුණු අප්‍රිකාව
• මලයාසියාව

——————————————————————
🔵 තැල් ශාකය හඳුන්වන වෙනත් නම්
——————————————————————
සංස්කෘත හා දමිල භාෂා වලදී…

• ලක්ෂ්මණ
• කුලිනී
• නාගිනී
• මංජිකා
• විරුතාලි
• විරුඩාලි
——————————————
🔴 තැල් ශාකයේ ප්‍රභේද
——————————————
🌿. වස තැල්
🌿. රස තැල්
🌿. ලප්තැල්
🌿. ගොතැල්

තැල් ශාකයේ ලා දම්, සුදු සහ කහ පැහැති මල් හටගන්නා ප්‍රභේද ඇති අතර මේ අතරින් ආහාරය පිණිස වැඩිපුර යොදාගන්නේ දුඹුරු දම් පැහැති ලප සහිත කොළ ඇති රස තැල් නම් විශේෂයයි.

🔵 තැල්කොළ ආහාර ලෙස සකසා ගත හැකි ආකාර..

• තැල්කොළ ඇඹුලක් ලෙස (මෙය ජනප්‍රියම ආකරයයි)
• තැල්කොළ කඳ මැල්ලුමක් හා නියඹලාවක් ලෙස

🔵 රසගුණයෙන් සපිරි තැල්කොළ ඇඹුල නම් සුපිරි…

ලංකාවේ ඇති පලා වර්ග වලින් රසවත් පලා ඇඹුල තැල්කොළ බව එය අනුභව කළ අයෙකු කියනවා නොඅනුමානයි.

මෙහි නැට්ට පිසූ පසු වුවද අමු ගතියකින් යුක්ත වන නිසා නැට්ට කෙටි වන සේ කොළ කඳෙන් කඩා වෙන්කර ගන්නවා.

කුඩා පත්‍ර ඇති ප්‍රභේද (හීන් තැල්කොළ) ලොකු පත්‍ර ඇති ප්‍රභේද වලට වඩා (මහ තැල්කොළ) වඩා රසවත්.

——————————————————————–
🔴 ආහාරයට සකසාගන්නේ මෙහෙමයි.
——————————————————————–

පලා ඇඹුල සැකසීමේදී පත්‍ර හොඳින් සෝදා සියඹලා, ලුණු, කොච්චි දමා වතුර නොයොදා තැම්බෙන්නට තබනවා.

පත්‍ර මාංශල නිසා පත්‍ර වල වතුර බහුලයි. රත් වීමේදී පත්‍ර වලින් වතුර උනනු ලබනවා.

ඉන්පසු ලුණු, මිරිස් හා මිටි පොල්කිරි අවශ්‍ය පමණට දමා සකස්කරගන්නවා.

පලා අඩංගු භාජනය වසා රත් කලහොත් රසය තරමක් විකෘති වන නිසා භාජනය විවෘත වන සේ තැබීම යෝග්‍ය ක්‍රමය බවයි ගෘහණියන් පවසන්නේ.

තවත් පලා වර්ග සමඟ මිශ්‍රකර මිශ්‍ර පලා ඇඹුලක් ද සාදාගත හැකියි.

——————————————————–
🔴 ඔසු ගුණ පිරුණු තැල්කොළ
——————————————————–

🔸වා, පිත්, සෙම් යන තුන් දොසම සමනය කරයි
🔸මුත්‍රකාරකයි
🔸රෝගී වූ අවස්ථාවල ද කටට තිත්ත ගතිය ඇති විට කෑම දීම සඳහා ද මෙම පලා ඇඹුල බොහෝ ගම් ප්‍රදේශ වල අතීතයේ පටන් අද දක්වාම භාවිතා කෙරෙයි. (ආහාර රුචිකාරකයක් නිසා)
🔸ගර්භණී මාතාවන්ට ඇතිවන වමනය හා ආහාර අප්‍රිය කාලයේදී ද යෝග්‍ය ආහාරයකි.
🔸අනෙකුත් ආහාර වල අඩංගු විෂ අඩු කිරීමේ හැකියාවකින් සතුයි.
🔸ඇස් රෝග අඩුකර පෙනීම වැඩිදියුණු කරයි.
🔸හදවත් රෝග, වකුගඩු රෝග හා අක්මා රෝග වලට ගුණ දෙයි.
🔸අම්ලපිත්තය හෙවත් ගැස්ට්‍රයිටිස් වලට සහනය ලබාදෙයි.
🔸ස්වාශ කාශ ආදී ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග සඳහා ගුණදායකයි.
🔸ගර්භාෂ ආශ්‍රිතව ඇතිවන ප්‍රදර හා ආර්තව රෝග තත්වයන් පලවා හරියි.
🔸දරුවකු පිළිසිඳ ගන්නා මුල් සමයෙහි ඇතිවන වමනය ඔක්කාරය වැනි අපහසුතා දුරුකරයි.
🔸මව්කිරි වර්ධනය කරයි.

———————————————————–
🔴 තැල්කොළ වලින් අත්බෙහෙත්…
———————————————————–
🔹තුවාල හා සැරව ගෙඩි වල සැරව ඉවත් කිරීමට තැල්කොළ හා කරඳ දළු තලා බැඳීම සිදුකරයි.

🔹කැපුම් තුවාල සඳහා නටුව සමඟ අඹරා තුවාලය මත තැබීමෙන් රුධිර වහනය නැවතී සුවවීම ඉක්මන් වේ.

🔹තැල්කොළ යුෂ පොල්කිරි සමඟ මිශ්‍ර කර බඩේ කැක්කුම, බඩේ දැවිල්ල, ගැස්ට්‍රයිටිස් වැනි රෝග සඳහා ලබාදෙනු ලබයි.

🔹තැල්කොළ යුෂ, එළඟිතෙල් සමඟ මිශ්‍ර කර දින 03 ක් පානය කිරීමෙන් මුත්‍රාආබාධ පාලනය කරගත හැකියි.

🔹තැල් කොළ කැඳ සහ මැල්ලුම් ලෙස සකසා භාවිතා කිරීමෙන් දීර්ඝ කාලීන කැස්ස සමනය කරගත හැකියි.

🔹තැල් කොළ යුෂ, එළකිරි සමඟ නිසි කල්හි පානය කිරීමෙන් දරුපල අහිමි කාන්තාවන්ට දරු සම්පත් හිමිකරගත හැකියි.

🔹වස තැල් නම් ප්‍රභේදය සර්ප විෂ දුරලීමටත් ඇස් වෙදකමටත් උපයෝගීකරගන්නා අතර සිරුරේ ඇතිවන තැලීම් වලදී එහි කොළ අඹරා බඳිනු ලබයි.

🌸 පසුගිය ලිපි 🌸
°°°°°°°°°°°°°°°°°°°°°°°°

☘️. ඔසු ගුණයෙන් අනූන හීන් ගෙඳ 👇
https://m.facebook.com/story.php?story_fbid=2435237610104061&id=1839559759671852

☘️. සිංහල බොජුන් පතේ ගුණම මැල්ලුම “පස් කොළ මැල්ලුම”
https://m.facebook.com/story.php?story_fbid=2352350405059449&id=1839559759671852

☘️. හෙළ ජාතියට පණ දුන් අපේ විටමින් අලය 👇
https://m.facebook.com/story.php?story_fbid=2385617341732755&id=1839559759671852

☘️. සිරුරට නිසි පෝෂණය දෙන ඇඹුල් දළු සම්බෝලය 👇
https://m.facebook.com/story.php?story_fbid=2381409005486922&id=1839559759671852

👨 තොරතුරු :- අන්තර්ජාලය සහ වෙනත් වෛද්‍ය මූලාශ්‍ර
✍️ සැකසුම :- හෙළ අරණ™️
🌍 www.helaarana.lk
© All Rights Reserved
………………………………………………………………
🔶 මෙවැනි වටිනා විස්තර දිනපතා දැන ගැනීමට අපගේ හෙළ අරණ facebook පිටුවට #Like කරන්න. ඒ වගේම අනිත් යාලුවන්ට දැනගන්න මේ ලිපිය #Share කරන්නත් අමතක කරන්න එපා.

📌️ ඇමුණුම් ( # Tags )
—————————————–
#හෙළඅරණ #හෙළ_අරණ #Hela_Arana #helaarana #තැල් #තැල්කොළ #convolvulceae #Merremia_hederacea #Merremiahederacea #Ipomoeaobscura #Ipomoea_obscura



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here