රවී වෛද්‍යාලංකාරට විදෙස් ගමන් තහනමක් – Sri News ප්‍රධාන පුවත

0
21

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතා ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසට  අධිකරණය නියෝග කර  තිබෙනවා.

නිවාස ලබා දෙන බවට පවසා මුදල් වංචා කර බවට පැවසෙන සිද්ධියකට අදාළ නඩුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ වැඩිදුරටත් නියෝග කර ඇත්තේ ඒ මහතාව රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසයි

හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතාට විදෙස් ගමන් තහනමක් පැනවීමට ද එහිදී අධිකරණය නියෝග කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුව ලබන සැප්තැම්බර් මාසයේ 25 වනදා කැඳවීමට නියමිතයි.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here