රවීන් නොසිතූ මොහොතක ජීවිතයෙන් සමුගනී

0
15


මුලතිව්, පුදුකුඩිඉරිප්පු, සුදන්තිරපුරම් ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.

පොලීසිය පැවසූවේ, බට්ටා වර්ගයේ ලොරි රථයක ගොයම් කපන යන්ත්‍රයක් පටවාගෙන ගිය ට්‍රැක්ටර් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බවය.

අනතුරින් බට්ටා වර්ගයේ ලොරි රථයේ ගමන්ගත් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි රවීන් නමැති තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

අනතුර සම්බන්ධයෙන් ට්‍රැක්ටර් රථයේ  රියදුරු අත්අඩංගුවට ගත් බව ද පොලීසිය පැවසීය‍.

මියගිය පුද්ගලයාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් මුලතිව් රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති අතර, අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here