රනිල්ගේ විදුලි ඇමති කංචන අනුමැතිය දුන් සූර්ය බලාගාර ව්‍යාපෘතියක ටෙන්ඩර් වංචාවක් ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

0
14


ලාකීක මහජන එකමුතුවේ කැඳවුම්කරු කෝනාර මුදියන්සේලාගේ නිහාල් ප්‍රේමතිලක මහතා විසින් එම පැමිණිල්ල සිදුකර ඇත.

එම ව්‍යාපෘතිය වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය විසින් TR/REP&PM/ICB/2022/002/C යන අංකය යටතේ ජාත්‍යන්තර තරඟකාරී ලංසුකැඳවීම (International Competitive Bidding) විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශතේ මඟපෙන්වීම මත සිදුකර තිබුණි.

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මඟින් එම ව්‍යාපෘතිය දියත් කිරීමට කටයුතු සැලසුම් කොට තිබුන අතර ව්‍යාපෘතිය වන්නේ සියඹලාණ්ඩුව ප්‍රදේශයේ මෙගාවොට් 100, AC Solar PV බලාගාරයක් (ground mounted) ගොඩනැගීම,පවරාගැනීම සහ ක්‍රියාත්මක කිරීමේ(Build, Own & Operate – BOO) පදනම ඉදිකිරිම සමඟ කොටියාගල වත්තේගම සිට මොණරාගල ග්‍රිඩ් උපපොළ දක්වා 132kV සම්ප්‍රේෂණ පහසුකම් ඉදිකිරීමය.

එම ව්‍යාපෘතිය වෙනුවෙන් තෝරාගෙන ඇත්තේ ලංසු ඉදිරිපත් කළ සමාගම් දෙක අතරින් වැඩිම ලංසුව ඉදිරිපත් කළ සමාගම් සමුහයයි.

රජයේ මැදිහත්වීමෙන් සිදුවන මෙවැනි ව්‍යාපෘතියකදී අඩු ලංසුවක් පැහැදිලිව දක්වා ඇති පසුබිමක වංචනික ලෙස වැඩි ලංසුව ඉදිරිපත් කළ පාර්ශවය වෙත ව්‍යාපෘතිය පිරිනැමීම පිළිබඳව ලාකීක මහජන එකමුතුව විසින් අදාළ පැමිණිල්ල සිදුකර ඇත.

පැමිණිලිකාර පාර්ශවය පවසන පරිදි ටෙන්ඩරයේ මූල්‍ය යෝජනාව හරහා මුල් අවස්ථාවේ ඉදිරිපත්කළ මිල ගණන් පසුව ටෙන්ඩරය හිමිවූ පාර්ශවය විසින් වෙනස් කිරීමටද කටයුතු කර ඇත.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here