රට රස්සා පෙන්නා මුදල් ගැරූ සැකකාරියක් වසර දෙකකට පසු පොලිස් දැලේ!

0
20


ඩුබායි රටේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි දෙකක් වංචා කළ බව කියන සැකකාරියක කොළඹ අපරාධ විමර්ෂණ ඒකකය මගිනු අත්අඩංගුවට ගෙන ඇති බව , පොලිසිය පවසයි.

ඒ අනුව පුද්ගලයන් 37 දෙනෙකුගෙන් රුපියල් දෙකෝටි දොලොස්ලක්ෂ අනූපන්දහසක් වංචා කර ඇති බවට ඇයට චෝදනා එල්ල වන අතර, මහියංගනය , බදුල්ල , බිබිල, අම්පාර ආදි ප්‍රදේශවල පුද්ගලයන්ගෙන් එම වංචාව සිදුකර ඇති බව පැවසේ.

වසර දෙකක් සැගවී සිටි මෙම සැකකාරිය ඇයගේ සැමියා ද සමග වත්තල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙඅ ඇති අතර,අධිකරණය නියෝග කර ඇත්තේ, ඇය ලබන 12 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමටයි.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here