රට රටවල ඇඳුම් පැළඳුම් සම්බන්ධ ‘තහනම්’ නීති – Sri News

0
5

ඇඳුම් පැළඳුම්, එහෙමත් නැත්තම් සරලව විලාසිතා කියල කියන්නෙ අපි කවුරුත් ආස කරන දෙයක්නේ. පුද්ගල කණ්ඩායම් වල විවිධ බෙදීම්, ඒ කිව්වේ ජන වර්ග, වයස් කාණ්ඩ, ලිංගික වෙනස්කම් වගේ හැම දෙයක් අනුවම මේ විලාසිතා කියන දේවල් වෙනස් වෙනවා. ඒ වගේම තමයි විවිධ රට රටවල් අනුවත් ඒ අය අඳින පළඳින ඇඳුම් වෙනස් වෙනවා. ලංකාව වගේ ආසියාතික රටවල් වල හුඟක් දුරට සංස්කෘතියට අනුකුල ඇඳුම් දකින්න ලැබෙද්දී යුරෝපානු රටවල වෙනස් සැහැල්ලු ඇඳුම් විලාසිතා දකින්න පුළුවන්.

ඒ කොහොම වුණත් මේ කතා කරන්න යන්නෙ ඇඳුම් විලාසිතා ගැනනම් නෙමෙයි. ඔය විවිධ රටවල් වල සමහර විලාසිතා වලට විවිධ තහංචි යොදවලා තියෙනවා. ඒවාට පසුබිම් වෙච්ච විවිධ හේතුත් තියෙනවා. ඉතින් මේ කතාව ඒ ගැනයි. අපි බලමු මේ විදිහට තහනම් වුනු ඇඳුම් විලාසිතා මොනවද කියලා.

ප්‍රංශය කියන රටේ මුහුණු ආවරණය වෙන පරිදි ඇඳුම් පැළඳුම් භාවිතා කිරීම තනනම්. ඒකට මුහුණු මුළුමනින් ආවරණය වෙන full face හෙල්මට් එහෙමත් ඇතුලත්. ඒ වගේම කාන්තාවන් අඳින බුර්කා සහ නිකාබ් කියන ඇඳුම් මේ රටේ තහනම්. මේ හේතුව නිසා මුස්ලිම් ජාතික කාන්තාවන්ට අසාධාරණයක් සිදුවෙන බව කියමින් ඒ සම්බන්ධ නඩුවක් ඉදිරිපත් කෙරුණු නමුත් මානව හිමිකම් පිළිබඳ යුරෝපීය අධිකරණය විසින් එය ප්‍රතික්ෂේප කර “ආවරණය නොවූ මුහුණු මිනිසුන් එකට ජීවත් වීමට දිරිගන්වනවා” යනුවෙන් ප්‍රකාශ කර තිබෙනවා.

සාමාන්‍යයෙන් බිකිනි එක කියන ඇඳුම අඳින්නේ මුහුදේ හෝ නැතිනම් පිහිනුම් තටාකයක පිහිනීමේ කටයුතු කරන අවස්ථා වලදී නෙ. ලංකාවේ නම් මේ ඇඳුම කොහොමත්ම ප්‍රසිද්ධ නැහැ. පිටරටින් ආපු කාන්තාවන් සහ කලාතුරකින් ලංකාවේ කාන්තාවන් සුළු ප්‍රමාණයක් මිසක් අපේ බහුතර කාන්තාවන් බොහෝ දුරට ඇඟ ආවරණය වෙන ඇඳුම් ඇඳල තමයි පිහිනුම් කටයුතු වල වුණත් යෙදෙන්නෙ. මජෝර්කා, බාර්සිලෝනා, කොඑශියා, මාලදිවයින වගේ ස්ථානවල බලධාරීන් මේ විදිහට මුහුදු වෙරළෙන් පිටත බිකිනි ඇඳගෙන සිටීම තහනම් කරලා තියෙනවා.

උස් අඩි පාවහන් කියල කියන්නෙත් කාන්තාවන් අතර ඉතාම ප්‍රසිද්ධ විලසිතාවක්නේ. නමුත් ග්‍රීසියේ යම් යම් ස්ථාන වල මේ උස් අඩි පාවහන් පැළඳීම තහනම් බව ඔබ විශ්වාස කරනවද? ග්‍රීසියේ Acropolis, Delphi වගේ පෞරාණික වටිනාකමක් ඇති නගර වල කාන්තාවන්ට උස අඩි පාවහන් පැළඳගෙන ගමන් බිමන් යන්න අවසර නැහැ. ඒකට ප්‍රධානම හේතුව තමයි ඔවුන්ගේ වීදි වල දකින්න තියෙන පෞරාණික ස්මාරක වගේ දේවල් වලට මේ පාවහන් අඩි මඟින් හානිවෙන බව ඔවුන් විශ්වාස කිරීම.

ලංකාවෙ නම් කලිසම කියල කියන්නෙ කාන්තාවන් අතරේ ඉතාම ප්‍රසිද්ධ ඇඳුම් විලසිතවක්නේ. හැබැයි කොච්චර ප්‍රසිද්ධ වුණත් කාන්තාවන් කලිසම් අඳිනවාට විරුද්ධ සම්ප්‍රදායික පිරිමි සහ පරණ කාන්තාවන් තවමත් අපි අතරේ නැතුවාම නෙමෙයි. මේ කියන්න යන්නෙ කාන්තාවන්ට කලිසම් අඳින එක තහනම් කරපු රටවල් ගැනයි. උතුරු කොරියාව සහ සුඩානය කියල කියන්නෙ එහෙම රටවල්. මේ රටවල් වල ජීවත්වෙන කාන්තාවන් කලිසම් ඇඳීම නීතියෙන්ම තහනම්. ඒ විදිහට කලිසම් අඳින කාන්තාවන්ට නීතියෙන් දැඩි දඬුවම් ලබාදෙන්න පුළුවන්.

සවුදි අරාබිය කියල කියන්නෙත් මුස්ලිම් ආගමිකයින් වැඩි වශයෙන් ජීවත් වෙන රටක්. ඉතින් මේ රටේ රැඳිලා ඉන්නවා නම් ඔබ මොන රටක කෙනෙක් වුණත් ඒ රටේ නීතියට අනුව ඇඳුම් පැළඳුම් අඳින්න අවශ්‍යයි. මේ රටේ ඉන්න කිසිම කාන්තාවකට ඇඟේ එක අඟලක් හෝ නිරාවරණය වෙන විදිහට ඇඳුම් අඳින්න බැහැ. ඒ කියන්නෙ ඇඟේ සම පිටතට පේන්නේ නැතිවෙන්න සම්පුර්ණයෙන් වැහෙන ඇඳුම් සියලුම කාන්තාවන් අඳින්න අවශ්‍යයි.

විවිධ ආගමික හේතුන් මත ආගමික ස්ථාන වලට ඇතුලත් වෙනකොට අඳින්න ඕන විදිහ ගැන සඳහන් වෙන රටවලුත් ඕනතරම් දකින්න තියෙනවා. ඒ අතරේ අපේ ලංකාවත් තියෙනවනේ. ලංකාවේ අපේ දළඳා මාලිගය, ශ්‍රී මහා බෝධිය වගේ ස්ථාන වගේම විවිධ කෝවිල්, පල්ලි වගේ ස්ථාන වලටත් ඇතුලත් වෙනකොට අත්, කකුල් නිරාවරණය වෙන ඇඳුම් වගේම කලිසම් එහෙමත් අඳින්න බැහැ කියලා විවිධ නීති තියෙනවනේ. ඒ වගේ ලෝකය පුරාම රටවල පල්ලි වගේ ආගමික ස්ථාන වලට ඇතුල් වෙද්දී උරහිස් සහ කකුල් වැසෙන පරිදි ඇඳුම් අඳින්න ඕන කියල නීති තියෙනවා. ඒ ආගමික ස්ථාන වලට ගරු කිරීමක් වශයෙන්.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here