රට ඉන්න අපේ උදවියට ආයෙත් ලංකාව හොයාගෙන එන්න හිතෙන අවස්ථා – Sri News

0
3

සමහර වෙලාවට අපි ලෝකේ මොනතරම් දියුණුයි කියන රටක හිටියත් අපි ඉපදුණු රටට ඒ කියන්නෙ ලංකාවට දුවගෙන යන්න තිබ්බා නම් කියලා හිතෙන අවස්ථා ඕන තරම් තියෙනවා. රටෙන් ඈත් වෙන්න හේතුව මොකක් උනත් එහෙම වෙනත් රටකට ආපු ඕන කෙනෙක්ට මේ හැඟීම එන එක හරිම සාමාන්‍යයි. කතාවක් තියෙනවානේ අපි මොනතරම් සුන්දර තැනකට ගියත්, පාරාදීසයකට ගියා උනත් අපේ ගෙදර අපිට මතක් වෙනවා කියලා. ඉතින් පිටරටක ඉන්න කෙනෙක්ම තමයි දන්නේ තමන්ට ආගන්තුක රටකට ආවාම තමන් ඉපදුණු තැන, තමන්ගේ හැම හුස්මක්ම අඳුනන රට මොන තරම් සිහිපත් වෙනවද කියලා. හිතුන ගමන් දුවගෙන යන්න පුළුවන් නම් කියලා කොච්චර හිතෙනවාද කියලා.

ලෝකෙ මොන රටක ජීවත් උනත් තමන්ගෙ රට ගැන තරම් හැඟීමක් වෙන රටක් වෙනුවෙන් කෙනෙක්ට ඇතිවෙන්නෙ නැහැනේ. ජීවන තත්ත්වය ඉහළ යන්න ඕන නිසා හරි, මුදල් හරිහම්බ කරන් එන්න ගිහින් හරි, ඉගෙනගන්න ගිහින් හරි මේ මොන හේතුවක් නිසා පිටරටක ජීවත් වුනත් තමන්ගේ රට මතක් වෙන එක කෙනෙක්ට නවත්තාගන්න බෑ.

ඉතින් මේ කියන්න යන්නේ එහෙම වෙන රටක ඉන්න කෙනෙක්ට ලංකාවට දුවගෙන එන්න හිතෙන හේතු 7 ක්…

 

වටපිටාවේ කොච්චර සෙනඟ හිටියත් දන්න අඳුනන මුහුණු නැති වුනාම ලංකාවෙදි උනත් අපි ටිකක් අප්සට් යන එකේ, දන්න අඳුනන තියා තමන්ගේ කියලා කිසිම ගැළපීමක් ගළපා ගන්න බැරි මිනිස්සු ගොඩක් මැද්දේ තනිවුනාම හිතෙන්නේ තමන්ගේ කියන මිනිස්සු ඉන්න තැනට පියාඹන්න.

අම්මා, තාත්තා, සහෝදර සහෝදරියෝ එක්ක එකගෙදරක ගෙවපු ලස්සන කාලේ වගේම විවාහ වුන කෙනෙක් නම් බිරිඳ හෝ සැමියා දරුවෝ මතක් වෙද්දි, යාළුවෝ එක්ක එකතුවෙලා කරපු කියපු සුන්දර දේවල් මතක් වෙද්දි කොහේ හිටියත් දුවගෙන ලංකාවට යන්නයි හිතෙන්නේ. පිටරටක ගොඩනැගෙන තාවකාලික බැඳීම් වලට වඩා ඒ බැඳීම් කොච්චර ශක්තිමත්ද කියලා දැනෙන්නේ ලංකාවෙන් වෙන් වෙලා ඇවිත් වෙනත් රටක ජීවත්වෙන කෙනෙක්ටමයි.

 

ලංකාවේ අපි කොහොමත් ටිකක් සැරට කන්න කැමති කට්ටියනේ. අපිට තියෙන්නෙත් ලෝකේ කාටවත් නැති විදිහේ රෙසිපි. ඉතින් ලංකාවෙන් වෙන්වෙලා වෙන රටක ඉන්න කෙනෙක් තමයි දන්නේ ඒ රටවල් වල කෑම කන්නේ කොච්චර අමාරුවෙන්ද කියලා. සමහර වෙලාවට කිසිම පිරියක් නැතුව බඩගින්න නිවාගන්න ඕන කමට තමයි කෑම කන්නේ. ලංකාවේ පොලොස් ඇඹුල, කරවල බැදුම, මාළු ඇඹුල් තියල් වගේ කෑම වගේමයි කොත්තුවක්, ඉඳිආප්ප, වඩේ, තෝසේ වගේ කෑම මතක් වෙද්දි ලංකාවට දුවන්න පුළුවන්නම් කියලා හිතෙන වාර කොච්චරද කියලා දන්නෙ පිටරටක තනිවුන කෙනෙක්ම තමයි.

ඒ වගේම තමයි අම්මා අතින් උයලා බෙදලා දෙන බත් එක. ඒක මතක් වෙද්දි නම් සමහර වෙලාවට පිටරට ඉන්න අපේ යාළුවන්ට කඳුළුත් එනවා. මොනතරම් ප‍්‍රණීත ආහාර මැද්දේ වුනත් අම්මාගේ කෑම එක දිව භෝජනයක් වුන අපිට මේ නුපුරුදු රටක නුපුරුදු කෑම එක්ක අම්මාගේ බත් පත හොයාගෙන පියාඹන්න හිතෙනවාමනේ.

 

ලංකාව ටිකක් රස්නේ රටක් වුනාට රට දාලා දුවන්න හිතෙන තරමේ රස්නයක් නෑනේ. අපේ දේශගුණේ ඉතින් අපිට කොහොමත් ගළපා ගන්න පුළුවන්. ඒත් හැම රටකටම ඒ වාසනාව නෑ. සමහර වෙලාවට ඉවසන්න බැරි සීතල. සමහර රටවල දරාගන්න බැරි තරමේ රස්නේ. කාන්තාර වගේ රටවල් වලත් අපිට ඉන්න සිද්ධ වෙනවනේ. ඒ වෙලාවට තමයි ලංකාව කොයිතරම් නම් වාසනාවන්ත රටක්ද කියලා හිතෙන්නෙ. ටිකක් සීතලට ඉන්න ඕන නම් නුවරඑළිය පැත්තෙ යන්න පුළුවන්. රස්නේ ඕන නම් වියළි කලාපෙ පැත්තෙ රවුමක් දාන්න පුළුවන්. අනික සාමාන්‍ය දේශගුණය උනත් අපට ඔරොත්තු දෙන්න පුළුවන් මට්ටමේ නිසා අනික් රටවල දේශගුණය එක්ක ඔට්ටු වෙන්න උනාම තමා ලංකාව හොයාගෙන දුවන්න හිතෙන්නේ.

 

ලංකාවෙන් එළියට ඇවිල්ලා වෙනම රටකට ආවම අපිට බැහැ ලංකාවේ නීතියට අනුව ජීවත් වෙන්න. අපි අනුගත වෙන්න ඕන ඒ ඒ රටේ නීති පද්ධතියට. එහෙම නොවුනොත් ඉතින් කරදර ගොඩයි. ලංකාවේ නීති දාලා තිබුනට ඒ නීති ඇතුළේ අපිට කරන්න පුළුවන් මොනවද කියලා අපිට අදහසක් තියෙනවනේ. පොඩ්ඩක් කතා කරලා හරි විසඳගන්න පුළුවන්. නැත්තන් සාමාන්‍යයෙන් වෙනවා වගේ දන්න අඳුනන කාට හරි කතා කරලා හරි වැඩේ ගොඩ දා ගන්න පුළුවන්. එහෙම දේවල් නම් වෙන රටක් ඇතුළේ අපිට කරන්න ලැබෙන්නෙ නෑ. වරදක් කළොත් දඬුවම අනිවාර්යයෙන් ලැබෙනවා. ඒ වගේ කර කියාගන්න දෙයක් නැතුව අපි අසරණ වෙන වෙලාවල් වල තමා හිතෙන්නෙ තමන්ගෙ රට වුනානම් මොනවාම හරි කරගන්න තිබ්බා නේද කියලා.

 

මොනවා වුනත් අපි වෙන රටකට ගියොත් අපි ඒ රටට ආපු අමුත්තෝ. තමන්ගේ කමක් හිත් වල ඇතිවෙන්නෙම නැහැනේ. ජීවිතේ කොච්චර සැප පහසු වුනත් අපි ඒ රටවල් වල දෙවැනි පුරවැසියෝ. අපේ පළවෙනි පුරවැසිභාවය තියෙන්නෙ ලංකාවේ. අපි වෙන රටක පදිංචියටම ආවත්, ඒ ඒ රටවල විදිහට කොච්චර අනුගත උනත් ඒ ජාතීන් අතර අපි වෙනස් ජාතියක් බව පේන එක නතර කරන්න බෑ. මේ වෙලාවට තමයි පිටරටක ඉන්න කෙනෙක්ට හිතෙන්නෙ තමන්ගේකම රැඳුන තැනක හමන සුළඟත් කොච්චර සනීපද කියලා. ඉතින් ලංකාවෙන් පිට ගිය කාට වුනත් ලංකාවට දුවගෙන එන්න හිතෙන එක පුදුමයක් නෙමෙයි.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here