රටපුරා ඖෂධ පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් – Sri News දේශීය පුවත්

0
13

 

රටපුරා ඖෂධ පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කෙරුණා. සමාරම්භක උත්සවය පැවැත්වුණේ ගම්පහදියි.

හෙළ ඔසු මං යනුවෙන් මෙම ව්‍යාපෘතිය නම්කර තිබෙනවා.

මේ යටත්  ඖෂධ පැළ මිලියනයක් ගම්පහ දිස්ත්‍රික්කය පුරා සිටුවීම අපේක්ෂාවයි. එම වැඩසටහන ගම්පහ මාකේවිට ගෝනගහඅමුණ අසළ දී ආරම්භ කෙරුණේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනුයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කර ඉදිරියේදී රාජ්‍ය වැඩසටහනක් ලෙස රට පුරා ඖෂධ පැළ සිටුවීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව ඒ මහතා මෙහිදී කියා සිටියා.

මහාචාර්ය දේශීය වෛද්‍ය අමිල සංජිව මහතාගේ සංකල්පයකට අනුව ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි.

 

 

 

The post රටපුරා ඖෂධ පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් appeared first on Sri News.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here