රටක් කැළැඹූ රෝයල් පාර්ක් ඝාතනය – Sri News

0
3

2005 වර්ෂයේ ජූලි මස පළවෙනිදා සිදු වූ රෝයල් පාර්ක් ඝාතනය මුළු රටම තිගැස්මකට ලක් කරන්න සමත් වුණ ඝාතනයක්. ඒකට හේතු වුණේ ඝාතනයට ලක් වූ තරුණිය මරා දමා තිබූ අමානුෂික ආකාරය. නමුත් වැඩි කාලයක් ගත වන්නට පෙර මිනීමරුවා කොටුකර ගන්න ශ්‍රී ලංකා පොලීසිය සමත් වුණා. මෙම ඝාතනය සම්බන්ධ නඩු විභාගයත් ලංකාවේ ඉතාමත් ආන්දෝලනාත්මක නඩු විභාගයක් බවට පත් වුණා. ඉහළ යැයි සම්මත සමාජ පන්තියේ දරුවන් ගත කරන විනෝදකාමී  ජීවිත පිළිබඳව උසාවිය ඉදිරියේ සතිපතා හෙළිවුණා. මේ නිසාම මේ නඩුව පිළි​බඳව කියවීමට ඒ කාලය තුළ බොහෝ දෙනෙක් පෙ​ළඹී සිටියා. මහාධිකරණයෙන් ඇරඹුණු නඩු විභාගය අවසානයේ දී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කෙළවර වුණා. ඒ ලංකාවේ නීතියටත් නව අර්ථකථන එක් කරමින්. හදිසියේම රෝයල් පාර්ක් ඝාතනය නැවතත් කරළියට එන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මෙහි ඝාතකයාට ජනාධිපති සමාව දීමට තමන් සූදානම් බව ප්‍රකාශ කිරීමත් සමග. මේ නිසා අපි හිතුවා රෝයල් පාර්ක් ඝාතනය ගැන කෙටි සටහනක් ඔබ වෙත ගෙන එන්න.

 

බොහෝ දෙනෙක් සිතා සිටින්නේ රෝයල් පාක් සිදුවීමේදී ඝාතනයට ලක් වූ තරුණිය විදේශික කාන්තාවක් බවක්. නමුත් මේ කතාව අර්ධ සත්‍යයක්. ඉවෝන් ජොන්සන් නම් වූ ඇගේ පියා වූණේ ස්වීඩන් ජාතික රොජර් ජොන්සන් නම් කෝටිපති ව්‍යාපාරිකයෙක්. මව චමල්කා නම් ශ්‍රී ලාංකික කාන්තාවක්. රොජර් ජොන්සන් මහතා ලංකාවට පැමිණ ව්‍යාපාර කටයුතු ආරම්භ කර ගැනීමේදී ඇතිවුණු  දැනහැඳුනුම්කමක් ප්‍රේමයකට පෙරළී අවසානයේ ඔවුන් දෙදෙනා විවාහ වුණා. මේ විවාහයෙන් ඔවුන්ට ඉවෝන් සහ කැරොලයින් නමින් දියණියන් දෙදෙනෙක් ලැබුණා.

 

තම දියණියන් දෙදෙනා වෙනුවෙන් සියලු සැප විහරණ ලබාදුන් ජොන්සන් මහතා ඔවුන් දෙදෙනාව කොළඹ ප්‍රකට ජාත්‍යන්තර පාසල් දෙකකට ඇතුළත් කරනු ලැබුවා. එම සමාජ පංතියේ ගති සිරිත් වලට ඔවුන් දෙදෙනාම තදින් ඇබ්බැහි වුණා. රාත්‍රී සමාජ ශාලා, රාත්‍රී සාද, මත්පැන් සාද ආදියේ නිත්‍ය සාමාජිකයන් දෙදෙනෙක් බවට ඔවුන් දෙදෙනා පත්වුණා.

 

මේ අතරතුර කාලයේ දී ඉවෝන් රූපලාවණ්‍ය පාඨමාලාවක් හැදෑරීම සඳහා විදේශගත වුණා. මුලු ජීවිත කාලය පුරාවටම තමන් ළඟින් සිටි අක්කා විදෙස්ගත වීම නිසා කැරොලයින්ට පාළුවක් දැනුණත් ඇය වටා සිටි මිතුරු කැළ නිසා එම පාළුව ඇයට කෙමෙන් කෙමෙන් නොදැනෙන්නට පටන් ගත්තා.

 

මේ කාලය තුළ දී කැරොලයින්, පවිත්‍ර නම් තරුණයෙකු සමග පෙම් සම්බන්ධතාවයක් ඇති කර ගෙන තිබුණා. නමුත් එම පෙම් සම්බන්ධතාවයට වැඩි ආයුෂ තිබුණේ නැහැ.

ඉන් පසුව කැරොලයින්ගේ හිත නැවතුනේ ජූඩ් ශාමන්ත ජයමහ නම් වූ පාසල් වියේ සිට ඇය හඳුනා ගෙන සිටි තරුණයෙකු වෙතයි. ඇත්ත වශයෙන්ම කිවහොත් මේ පෙම් සම්බන්ධතාවයට මුල් පිරුවේ ශාමන්ත විසින්. ඇතැම් වාර්තා වලට අනුව ශාමන්ත මින් පෙර ඉවෝන්ගේ ද පෙම්වතාද වී තිබෙනවා.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here