රගර් ලෝකයට අභියෝග කරන ශ්‍රී ලයන්ස් සහ ශ්‍රී ලංකාවේ රගර් අභියෝගය

0
21


මේ මොහොතෙ ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාව ගැන කතා කරන විට ඒ කාණ්ඩයට ඇතුළත් කරන්නට එකඟ වී තිබෙන ශ්‍රී ලයන්ස් කණ්ඩායම විවාදාත්මක මාතෘකාවක්ව තිබෙනවා.එහෙත් ඔවුන් උපන් රටෙන් පිට ක්‍රීඩා කරද්දි,ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලබද්දි,ඔවුන්ගෙ අඩුපාඩු හැටියට සමහරු මතු කරන දේවල් අවධානයට ගන්න බවක් පෙනෙන්නෙ නැහැ.ක්ලබ් හවුස් එකක්,තමන්ට කියලා පිට්ටනියක් වැනි කරුණු එහිදී කතාබහට ලක් වෙන බවක් පෙනෙනවනම් මෙවර ජාත්‍යන්තර ක්‍රීඩා සමාජවලට විවෘත වුණු ඩුබායි රග්බි සෙවන්ත් හී සූරයන් වන්නට ශ්‍රී ලයන්ස් කණ්ඩායමට හැකි වන්නේ නැහැ.
ශ්‍රී ලයන්ස් හී ලංකාවේ ඉරණම…?

එහෙත් ගැටළුකාරී තත්ත්වය එක අතකින් ශ්‍රී ලංකාවේ රගර් තමන්ගේ උරුමයක් කියා සිතන ක්‍රීඩා සමාජ අතරින්ම මතු කරද්දී,තවත් අතකින් එවැනි තීරණයක් ගැනීමට නිසි රගර් පරිපාලනයක් නැතිකම,ශ්‍රී ලංකාවේ රගර් ව්‍යවස්ථාවත් එක්ක පැන නැඟෙන ගැටළුවක්.මේ වන විට ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට තාවකාලිකව ලැබුණු රගර් පරිපාලනයේ වගකීම ඔහු විසින් අත් නොහැර,පවතින ව්‍යවස්ථාව වෙනස් කිරීමක් දක්වා දුර ගෙන යන්නට උත්සාහ කරමින් සිටිනවා.

එක් අතකින් ඔහු උත්සාහ කරමින් සිටින්නේ පවතින ඡන්ද ක්‍රමයේ වෙනසක් කර මේ වන විට ඒ කාණ්ඩයේ ක්‍රීඩා සමාජවලට ඡන්ද බලය ලබා දීමටයි.ඒ අතර ඔහු ශ්‍රී ලයන්ස් වැනි ක්‍රීඩා සමාජයකට බී කාණ්ඩයේ සූරයින් ලෙස ඒ කාණ්ඩයට උසස් කරන්නට වැදගත් තීරණයක් ද ගනු ලබනවා.එහෙත් එයට ඔහු විසින් බලය වැඩි කර ලබා දෙන්න හදන ඒ කාණ්ඩයේ ක්‍රීඩා සමාජම විරුද්ධත්වයක් දක්වන අතරම,ඒ කාණ්ඩයට කණ්ඩායමක් ඇතුළත් කිරීමට අවශ්‍යය ක්‍රියාමාර්ග ව්‍යවස්ථානුකූලව පත් වුණු රගර් පරිපාලනයක තීරණයක් ලෙස පැමිණීම පසෙකලා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ බලය මත ගෙන එන්නට ගන්නා උත්සාහයේ ඇති ව්‍යවස්ථා විරෝධී බව ද මතු වෙමින් තිබෙනවා.

මෙහිදී ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය මෙවර ජාත්‍යන්තර කණ්ඩායම් සහභාගි වූ වසර 54 ක ඉතිහාසයක පළමු වරට ඩුබායි සෙවන් කුසලානය ශ්‍රී ලයන්ස් වෙත දිනා දෙන්නට සමත් වෙනවා.දිනුක් අමරසිංහ නායකත්වය දැරුව මෙම කණ්ඩායමට ශ්‍රී ලාංකිකයන් මෙන්ම දකුණු අප්‍රිකානු,ෆිජි මෙන්ම ටොංගා ක්‍රීඩකයින් ද එකතු වෙනවා.එය විශාල ආයෝජනයක්.රගර් වෙනුවෙන් ජාත්‍යන්තර කණ්ඩායමකට එතරම් ආයෝජනයක් කළ හැකි මූල්‍යමය පසුබිමක් සහිත කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ රගර් පිටියේ ස්ථාපිත වීම එහි බමුණු කුල ක්‍රීඩා සමාජවලට බියක් ඇති කරනවා.

සමහර විට ක්‍රීඩක ගෙවීම් ආදියත්,මේ වන විට ඩුබායි හී ශ්‍රී ලයන්ස් සමඟ එක්ව පුහුණුකරු ලෙස කටයුතු කරන විදේශික පුහුණුකරුවන්ගේ දායකත්වයත් මේ සමඟ පැමිණීම ඇතැම් විට ඒ කාණ්ඩයේ ක්‍රීඩා සමාජවල රගර්වල පැවත්මට අභියෝගයක් විය හැකියි.

මේ මොහොතේ ලංකාවේ රගර්
ශ්‍රී ලයන්ස් මේ මොහොතේ ශ්‍රී ලංකාවේ රගර් හී ස්ථාවර වන්නට හදන තත්පරය වැදගත්.ක්‍රීඩාවක් හැටියට රගර් හී ඉතිහාසය කොළඹ කේන්ද්‍රීය එකක් නොවේ.විශේෂයෙන්ම පසුගිය ඡන්ද සමයේ කතාවට ලක් වුණ අම්භිගාලගේ වතු අස්සෙත් රගර් තිබුණ ක්‍රීඩාවක්.පාකයො ක්‍රීඩා කළත් ඊට අත් උදව් වෙන්න ගිය පරපුර අතට පත් නොවී අභාවයට ගිය රගර් එවැනි තැන්වලත් පුබුදුවා ගත හැකි ජානමය සාධක සොයා ගන්නට අපහසු නැහැ.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here