රගර් දල කාරයන්ගේ ටකල්වලින් ලිස්සා ගොස් ඇමති උත්සාහක දිණුම ලබයි.

0
26


අධිකරණය කිව්වත් ඇමතිට හරි කියලා රගර් ව්‍යවස්තාව වෙනස් කරගන්න දඟළන නඩේ අලුතෙන් ආපු ක්‍රීඩා ඇමති හමු වූ වෙලාවෙ ටකල් කිහිපයක්ම දමා බැලුවත් අමාත්‍යවරයා අවශ්‍යය උත්සාහක දිණුම ලබා ගෙන මිස පස්ස බැලුවේ නැත.ඔවුන් මෙන්ම ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ද නිතරම සමාජ ගත කරන්නට හැදුව අදහස වූයේ පළාත් සංගම් විසින් දැමූ නඩුව නිසා නිලවරණය කල් දැමුණු බවය.නමුත් සැප්තැම්බරයේ ද විශේෂ මහා සභාව නොපවත්වන ලෙස අධිකරණය නොකිව් අතර අධිකරණ නියෝගයේ වූයේ විශේෂ මහා සභාවේ ව්‍යවස්ථා සංශෝධනය ගැන කතාබහට නොගන්නා ලෙසය.

අධිකරණය එසේ කියද්දී ද,අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිතරම මුමුණමින් සිටියේ ව්‍යවස්ථා සංශෝධනය ලෝක රග්බි සම්මේලනයෙන් සිඳු කරන ලෙස බලපෑම් ඇති කරන බවය.එහෙත් කුමන හෝ සංගමයක තාවකාලික භාරකරු ලෙස පත් වූ විට අදාළ සංගමයේ ව්‍යවවස්ථාවෙන් පිට එය නොසළකා වැඩ කළ නොහැකි යන සරල සිද්ධාන්තය අප අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට පෙන්නා දුන්නද,ඔහු උත්සාහ කළේම ව්‍යවස්ථාවෙන් පිටත වැඩ කරමින් ව්‍යවස්ථාව වෙනස් කරන්නටය.

ඔහුට සහයෝගයට පිටතින් සිටියේ කවුරුන්ද යන්න අමාත්‍යවරයා හමු වූ අවස්ථාවේ දී හෙළිදරව් විය.අප අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ සෙලවෙන දෙතොල දුටුවා මිස ඇසුණේ ඔහුගේ හඬ නෙවේය.එම තොල් සෙලවීම්වලින් වාසිදායක තත්ත්වයක් අත් කර ගත්තේ කවුරුන්ද යන්න අපට ඉතාම පැහැදිළි වුව ද,අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තවමත් තේරුම් ගත් බවක් පෙනෙන්නට නැත.නිලවරණය නොපවත්වා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ බලය පවතින මොහොතේ විසුරුවාලන සංගමයේ සභාපතිවරයාම (නලීන් ද සිලවා) හරීන් ප්‍රනාන්දුට ලෝක සම්මේලනය කියූ බව කියා පහසුකම් දෙන්නා හැටියට පත් කර ගැනීමෙන්,තිබුණු තාවකාලික බලය යොදා ගෙන නලීන් කර ඇත්තේ ආසියානු සම්මේලනයේ තනතුරකට රිංගීමය.අනිතික ලෙස ආසියානු නිලවරණයට රිංගා ගැනීමට උත්සාහ දැරීමය.පසුව එය වළක්වා බලධාරියා විසින් නිලවරණ අවස්ථාවට එක්වීමට ගියත් අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ඡන්ද අයිතියද නුදුුන්නේය.රටේ සල්ලි තායිලන්තයට ගොස් එන්න වැයවීමෙන් පමණක් නැවතිණ.

ලංකාවේ රගර් පරිපාලනය වූ ආකාරය
නලීන් යනු මේ වන අලුතෙක් කවුරු පත් වුව ද,නොසළකා නොසිටිය හැකි කරුණක් වන ලෝක සම්මේලනයෙන් පවුම් 50000 ක දඩයක් ගෙවීම සඳහා ශ්‍රී ලංකාවට හේතු වූ පරිපාලනයේ ලේකම්වරයාය.එම දඩය තමන්ගේ නොසැළකිල්ලෙන් රටේ රගර්වලට අපකීර්තිය ළඟා කිරීමක් වුව ද,එම දඩ මුදල වර්ෂිකව කොටස් වශයෙන් ගෙවීම ලංකාවේ රගර් සංවර්ධනයට ගෙවන මුදලින් අඩු කර ගැනීමට යෝජනා කළේ ද එම පරිපාලනයමය.දැන් ලංකාවේ රගර් පරිපාලනවල හැසිරීම් මෙන්ම ඒවා තාවකාලිකව මෙහෙයවන්නට ආණ්ඩු පත් කරපු නිලධාරීන්ගේ වික්‍රමාන්විත පරිපාලන හැකියාව කෙසේද යත්,ඒ විනාශකාරි දරුණු තීරණවල ගොදුරක් බවට ශ්‍රී ලංකාවේ රගර් පත් කරන්නට මුල් වූ පරිපාලනයේ සභාපති සහ ලේකම් දෙදෙනාම අද ආසියානු සම්මේලනයේ ය.

ඒ ආසියානු පරිපාලනය ලංකාවේ රගර් රොඩු බවට පත් කරන්නට උත්සාහ කළ මිනිසුන් රැගෙන වරප්‍රසාද දෙමින් ආසියානු වගකීම් පවරන අතර, එසේ කරමින් ලංකාවේ රගර් හදන්නට උපදෙස් දීමේ හාස්‍යජනක විහිළු ද නොනවත්වා කරගෙන යන්නේය.එම විහිළු සහගත අධිපතිවාදී හැසිරීම්වලට එකඟ නොවී සෘජුව රටේ රගර් වෙනුවෙන් පෙනී සිටිය රිස්ලි ඉල්ලියාස් වැනි සභාපතිවරු ආසියාව තමන්ගේ බලය යොදා තනතුරුවලින් විසි කරන විට,ඒවා සඳහා ආසියානු සභාපතිවරයාට පාවඩ එලා,හේවිසි වයා පිළිගන්න මෙ‘රට දේශපාලකයෝ මෙන්ම නිලධාරී ද එක පයින් එක්ව සිටි අතර,සංගම් අතර සාකච්ඡාවේදී ද අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තම රටේ රගර් පරිපාලන සභාපතිවරයා හරි පරීක්ෂණ වාර්තාවක්වත් ඉදිරිපත් නොකර ඉවත් කරද්දී හිස වනා,තවමත් ඔවුන් කියන විදිහට වැනීම ලංකාවේ වගකීම විය යුතු බව සිතන බව තහවුරු කරමින්,රගර් සංගම් ඔහු ගැන කියද්දී එම තහනම ගැන කියන්නට ගොස් ඇමතිවරයා ඉදිරියේදීම පොඩ්ඩක් විතර කොළය ඉරා ගත්තේය.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here