රක්ත අර්ශස් වලට ගුණදෙන අත්දුටු අත්බෙහෙත… මේ ශරීරය දහසකුත් රෝගාබාධ හටගන්න තැනක…

0
3

රක්ත අර්ශස් වලට ගුණදෙන අත්දුටු අත්බෙහෙත…

මේ ශරීරය දහසකුත් රෝගාබාධ හටගන්න තැනක්. ඒනිසයි මේ කය රෝග වලට නිධානයක්, රෝග වලට කැදැල්ලක් කියලා බුදු දහමෙත් උගන්වන්නේ. මේ දහසකුත් ලෙඩදුක් අතරේ ඔබව මම බොහෝ අපහසුතාවයට පත්කරවන වත්මනේද බහුලවම දැකිය හැකි රෝගී තත්වයක් තමයි අර්ශස්.

ගොඩක් වෙලාවට අර්ශස් ගෙඩි බාහිරයෙන් හඳුනගන්න පුළුවන් වුනාට සමහර වෙලාවට එහෙම බෑ. මොකද සමහර ගෙඩි හැදෙන්නේ ඇඟ ඇතුලෙන්. මලපහ කරනකොට වේදනාවක් ආවම, මල සමඟ රුධිරය පිටවෙනකොට තමයි බොහෝ අය අර්ශස් තියෙනවා කියලා දැනගන්නේ. ඒත් කලාතුරකින් අර්ශස් වලට විතරක් නෙවෙයි ඇඟේ තියෙන වෙන වෙන ලෙඩ රෝග වලටත් මේ රෝග ලක්ෂණ ටික එන්න පුළුවන්. ඒකයි මේ දෙක හොඳින් වෙන්කර හඳුනාගන්න දක්ෂ වෛද්‍යවරයකුගේ සහාය නිරතුරුවම පැතිය යුතු. අපි ඔබට කොච්චර අත්බෙහෙත් කියලා දුන්නත් වෛද්‍යවරයකුගේ උපදෙස් ලබාගන්න කියලා නිරතුරුවම මතක් කරන්නේ මේකේ බරපතලකම ඉතා හොඳින් දන්න නිසා. මොකද අපිට ලෙඩ දුක් එක්ක එහෙම ඕන ඕන විදිහට සෙල්ලම් කරන්න බෑ.

දේශීය වෙදකමේත්, ආයුර්වේද වෙදකමේත් අර්ශස් වලට සිදුකරන බොහෝ ප්‍රතිකාර ක්‍රම තියෙනවා. මඟුල් කරඳ, බිං කරල් හැබ, සාරණ, ඇහැළ පොතු, අරළු, තිප්පිලි, රසකිඳ, නෙල්ලි වගේ බොහෝ ඔසු වර්ග එකතුකර සකසාගත් කෂාය, කල්ක, ගුලි, චූර්ණ වලින් හා ඖෂධ තැම්බූ වතුරේ හිඳගෙන සිටීම, දුම් ඇල්ලීම වැනි ප්‍රතිකාර ක්‍රම මඟින් මෙම අර්ශස් නිට්ටාවටම සුව කරගත හැකියි.

ඒත් ඉතින් ඕනම කෙනෙක් ස්ථීර ප්‍රතිකාර‍යක් ගන්න කලින් පොඩි පොඩි අත්බෙහෙත් හදලා බලනවානේ. ඒ විදිහට අපි කලින් අර්ශස් වලට කියලා දුන්න ලුණුවිල තල තෙල් මැල්ලුමටත් බොහෝ ප්‍රතිචාර තිබුනා. බොහෝ අය ඒ අත්බෙහෙත හදලා සුවපත් වෙලා අපිට කතාකරලා පින් දුන්නා. ඉතින් ඔබව එහෙම සුවපත් වෙනවා දකින එක තරම් වෙන සතුටක් අපිට කොයින්ද?

සාමාන්‍ය අර්ශස් වලට ප්‍රතිකාරයක් එදා කියලා දුන්නට ලේ පිටවන අර්ශස් වලට කල හැකි අත්බෙහෙතක් ගැන සඳහන් නොකල එක ලොකු අඩුවක් වගේ දැනුන නිසයි අපි ඒ පිළිබඳව තොරතුරු හෙව්වේ. ඉතින් අපි ඒ දේ සොයාගත්තා. ඔන්න අද අපි ඒක ඔයාලටත් කියලා දෙනවා. අද අපි කියලා දෙන්නේ රක්ත අර්ශස් වලට සිදුකරන කෂාය වට්ටොරුවක්. මෙය ශරීර අභ්‍යන්තරයට දෙනු ලබන හොඳ අත් බෙහෙතක්.

ඔබ මේ ප්‍රතිකාරය සිදුකලත් නැතත් රක්ත අර්ශස් තත්වයකදී අනිවාර්යයෙන්ම වෛද්‍යවරයකුගේ සහාය පැතිය යුතු බව මතක තියාගන්න. මොකද මෙය බොහෝ උවදුරු සහිත රෝගී තත්වයක් නිසා.

රක්ත අර්ශස් වලට ගුණදෙන කෂාය වට්ටෝරුව

🔴 අවශ්‍ය ද්‍රව්‍ය :-

🔶. වැටකෙයියා බොඩ
🔶. කොහිල අල
🔶. උම්බලකඩ
🔶. රතුළූණු
🔶. කිතුල් හකුරු

🔴 සාදාගන්නා ආකාරය :-

මේවා සියල්ල කලං 02 යි මංචාඩි 08 බැගින් ගන්න. එයට වතුර පත අටක් එකතුකර පත එකක් වනතුරු සිඳුවාගන්න. එය නිවුනු පසු මීපැණි ටිකක් එකතු කර පත 1/2 බැගින් උදේ සවස පානය කරන්න. මෙය සැබවින්ම මහඟු ගුණ දෙන ප්‍රතිකාරයක්.

🌸 පසුගිය ලිපි 🌸
•••••••••••••••••••••••••

🔸අර්ශස් සුවකරන පුරාණ අත්බෙහෙත “ලුණුවිල, තල තෙල් මැල්ලුම” 👇
https://m.facebook.com/story.php?story_fbid=2408386786122477&id=1839559759671852

🔹අර්ශස් වලට ගෙදරදිම කරන ප්‍රතිකාර 👇
https://m.facebook.com/story.php?story_fbid=1874795732814921&id=1839559759671852

🔸අර්ශස් වලට ගුණදෙන රතු අරලිය දළු මැල්ලුම 👇
https://m.facebook.com/story.php?story_fbid=2136545249973300&id=1839559759671852

🔹ඔබව නිරෝගී කරවන ජීවක අල පානය “කොහිල කැඳ” 👇
https://m.facebook.com/story.php?story_fbid=2353143398313483&id=1839559759671852

👩 තොරතුරු :- වෛද්‍ය එන්. දිල්හාරා ඩයස් මහත්මිය
✍️ සැකසුම :- හෙළ අරණ™️
🌍 www.helaarana.lk
© All Rights Reserved
………………………………………………………………
🔶 මෙවැනි වටිනා විස්තර දිනපතා දැන ගැනීමට අපගේ හෙළ අරණ facebook පිටුවට #Like කරන්න. ඒ වගේම අනිත් යාලුවන්ට දැනගන්න මේ ලිපිය #Share කරන්නත් අමතක කරන්න එපා.

📌️ ඇමුණුම් ( # Tags )
—————————————–
#හෙළඅරණ #හෙළ_අරණ #Hela_Arana #helaarana #අර්ශස් #රක්ත_අර්ශස් #ලේ_අර්ශස් #piles #treatmentsforpiles #ayurvedictreatmentsforpiles




Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here