යුරෝපයට දුප්පත් වුණත් අපිට වැදගත් රුමේනියාව – Sri News

0
4

රුමේනියාවෙන් ගෙනාපු කොත්තමල්ලි ගැන සුනිල් පෙරේරාගේ ගීතයක තියෙනවා. ඒ වගේම මීට අවුරුදු පනහකට විතර කලින් රුමේනියාවෙන් ගෙන්වපු මැදිරි අපේ දුම්රිය සේවයේ තාමත් තියෙනවා. ඒ හැර රුමේනියාව ඉතාම මෑතකදි ලංකාවේ පුවත්පත් අතරට එකතු වෙන්නේ අපේ රටෙන් ශ්‍රමිකයෝ යන අලුත් රටක් විදිහට. ඉතින් කොරියාව, ජපානය වගේ ලොකු වැටුප් නොලැබුණාට යුරෝපීය රටක් වෙන නිසා මේ රුමේනියාවට, පෝලන්තයට යන්න අපේ රටේ අය ලක්ෂ ගණන් වියදම් කරනවා. ඉතින් රුමේනියාව ගැන අපි කරුණු ටිකක් දැනගනිමු. 

 

 

මේක හොඳ නමක් නෙමෙයි. ඒත් මේ කියන ලිංගික ශ්‍රමික කාන්තාවන් සැපයීම දුප්පත් රුමේනියාව තුළ කොපමණ පැළපදියම් වෙලා තියෙනවාද කිව්වොත් ඇතැම් දැරියන් කුඩා කලදීම යුරෝපයේ සැපවත් රටක ලිංගික සේවාවන් කරා නික්මීමට හීන දකිනවා. යුරෝපයේ ඇතැම් රටවල ලිංගික සේවාවන් නීතිගතයි. ඒ නීතිවල හිල් අතරින් රිංගලා රුමේනියානු ළඳුන් ලිංගික සේවාවන්ට තොග වශයෙන් යොමු කෙරෙනවා. අනෙක් අතින් රුමේනියානු රටේ කලක පටන් තිබෙන දේශපාලනික තත්ත්වයන් නිසා රුමේනියාවේ වැඩි දෙනෙක් වෙනත් හොඳ රටකට පනින්න තමයි බලාගෙන ඉන්නේ. 

 

 

රුමේනියාව භූමි ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර 238,391ක් ලොකුයි. ඒ කියන්නේ ලංකාව වගේ තුන් ගුණයක් විතර රුමේනියාව ලොකුයි. මේ රටේ එක මායිමකින් ඩැනියුබ් ගංගාව ගලනවා. ඒ ගංගාව නැව් පවා ධාවනය වන විශාල ගංගාවක්. ඒ හැර අපිට වගේම කඳුකර පළාත් කිහිපයකුත් රුමේනියාවට තියෙනවා. ජනගහණය ඉන්නේ අපේ රටට ආසන්න ගාණක් වෙන මිලියන 19ක්. මේ රට තවමත් කැළෑබද පළාත් වැඩිපුර තියෙන රටක්. ඒ නිසා සොබාදහම බලන්නට ඇදෙන සංචාරකයින් රුමේනියාව කරා එනවා. 

 

 

ලෝකයේ සමාජවාදය බිඳ වැටුන වසරක් ලෙස සැලකෙන 1989 වසරේදී රුමේනියාවෙත් සමාජවාදය බිඳ වැටෙනවා. ඒත් සමාජවාදී අදහස් මතිමතාන්තර දේශපාලනය තුළ හොල්මන් කරන නිසා බොහෝ කලක් යනතෙක් රුමේනියාවට දියුණු වෙන්නට අවස්ථාව ලැබුණේ නැහැ. රුමේනියාවේ අසූ ගණන් වල අගභාගයේ සිටි ඒකාධිපති පාලකයා උතුරු කොරියාව ආදර්ශයට අරගෙන ඉදිකළ සුවිශාල මාළිගාව තවමත් රුමේනියාවේ අගනුවර වන බුකාරෙස්ට් හි මහා ගොඩනැගිල්ලක් ලෙස විරාජමාන වෙනවා. 

 

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here