යුද ගැටුම් හා ආපදා නිසා පසුගිය වසර තුළ මිලියන 76ක් අවතැන් වී ඇති බව හෙළි වෙයි – Sri News ජාත්‍යන්තර පුවත්

0
4

යුද ගැටුම් හා ආපදා හේතුවෙන් පසුගිය වසර තුළදී පමණක් ලොවපුරා අවතැන් වු සංඛ්‍යාව මිලියන 76කට ආසන්න බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

පසුගිය වසරේ දී ගෝලීයව බලපෑ ස්වභාවික ආපදා හේතුවෙන් මිලියන 7යි දශම 7ක පිරිසක් තම රට අභ්‍යන්තරයේම අවතැන්ව සිටින බවයි එම සමීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ.

එමෙන්ම යුද ගැටුම් හා ප්‍රචන්ඩ ක්‍රියා හේතුවෙන් මිලියන 68යි දශම 3ක පිරිසක් අවතැන්ව සිටින බව ද එහි සදහන් වනවා.

රටවල් අභ්‍යන්තරයේ අවතැන්ව සිටින කණ්ඩායම් පිළිබදව නිරීක්ෂණ මධ්‍යස්ථානයක් මෙම සමික්ෂණය සිදුකර ඇති අතර සුඩානය හා ගාසා තීරයේ පවත්නා ගැටුම් අවතැන් පිරිසක් වාර්තා ගත ලෙස ඉහළ නැංවීමට සමත්ව ඇති බව ඔවුන් පවසනවා.

යුද ගැටුම් හේතුවෙන් පසුගිය වසරේ දී මිලියන 68යි දශම 3ක පිරිසක් අවතැන් වුව ද 2022 වසරේ දී එම සංඛ්‍යාව දැක්වුණේ මිලියන 22යි දශම 6ක් ලෙසයි.

 

 

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here