යුක්තිය මෙහෙයුමෙන් තවත් 667ක් අත්අඩංගුවට

0
10


දිවයින පුරා සිදුකළ යුක්තිය මෙහෙයුමෙන් ගත වූ පැය 24ක කාලය තුළ සැකකරුවන් 667 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරුවන් අතර අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 103 දෙනෙකු ද වන බවයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ.

අදාළ මෙහෙයුමේදී හෙරොයින් ග්‍රෑම් 153යි මිලිග්‍රෑම් 655ක්, අයිස් ග්‍රෑම් 88යි මිලිග්‍රෑම් 255ක්, ගංජා කිලෝග්‍රෑම් 6යි ග්‍රෑම් 462ක්, මත්පෙති 180ක් ඇතුළු මත්ද්‍රව්‍ය තොග පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 564 දෙනා අතරින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 07ක්ද සිටින අතර රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන සැකකරුවන් සංඛ්‍යාව 09ක් බව සඳහන්.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here