යාපනේ හඳුනා නොගත් උණ රෝගයක්. මරණ සංඛ්‍යාව ඉහළට !

0
18


යාපනය ප්‍රදේශයේ හඳුනා නොගත් උණ රෝගයක් හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 05ක් දක්වා ඉහළ ගොස් ඇති බව යාපනය රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ටී. සත්‍යමූර්ති මහතා පවසයි.

මෙම රෝගීන් පිරිස උණ සහ ශ්වසන අපහසුතා හේතුවෙන් මරණයට පත්ව ඇති බවයි රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.

එසේම මෙම රෝගය මී උණ බවට සැක කරන නමුත් ඒ සම්බන්ධව අවසන් නිගමනයන් සඳහා අදාළ රෝගීන්ගේ රුධිර සාම්පල කොළඹට යවා ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

මියගිය අය අවුරුදු 20 – 65 අතර වයස්වල පසුවන්නන් වේ.

යාපනය රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ටී. සත්‍යමූර්ති මහතා මේ බව පැවසුවේ ඊයේ (දෙසැම්බර් 10) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here