අද (11) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවේදීයි ඇය මේ බව සඳහන් කළේ.
මෙම රෝගී තත්ත්වය මී උණ රෝගී තත්ත්වයද යන්න හඳුනා ගැනීම සඳහා මේ වනවිට පරීක්ෂණ පැවැත්වෙන බවද වෛද්‍යවරිය සඳහන් කළාය.
උණ රෝගී තත්ත්වය හේතුවෙන් යාපනයෙන් වාර්තා වූ මරණ 05ක් සම්බන්ධයෙන් විශේෂ පරිෂණයක් ද ආරම්භ කර තිබේ.
විශේෂයෙන් උණ, සහ ශ්වසන අපහසුතා එම ප්‍රදේශ තුළින් වාර්තා වී ඇත.
මේ වන විට මී උණ රෝගයද වේගයෙන් පැතිර යමින් තිබෙන අතර වී ගොවිතැන ආශ්‍රිතව මඩ සහ ජලය ආශ්‍රිතව වගා කටයුතුවල නිරතව සිටින ගොවීන්, ගංවතුරට මුහුණ දී සිටින පිරිස්, කුඹුරු හා ජලය ආශ්‍රිතව වෙනත් රාජකාරි කටයුතුවල නිතරව සිටින්නන්, පතල් ආශ්‍රිතව සහ ජලය ආශ්‍රිත රැකියා කරන්නන් මී උණ රෝගයට ගොදුරු වීමේ වැඩි අවධානමට ලක්වන බවයි වෛද්‍යවරිය පැවසුවේ.
තද උණ, තදබල මස්පිඩු වේදනාව, ඇස් රතුවීම, මී උණ රෝගයේ රොගී ලක්ෂණ වන අතර ඒ සමග වමනය, හිසරදය, ශරීරයේ අප්‍රාණික බව, මුත්‍රා සමග ලේ පිටවීම, මුත්‍රා පිටවීම අඩුවීම වැනි රෝග ලක්ෂණද ඇති විය හැකි හෙයින් මෙම රෝග ලක්ෂණ ගැන අවධානයෙන් පසුවී වහාම ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු බව ඇය ප්‍රකාශ කළාය.
Sri News Media