යකිනාරං සෙම කිපීමෙන් හටගන්නා රෝගවලට ප්‍රත්‍යක්ෂව ඖෂධයක් යකිනාරං. …

0
4


යකිනාරං

සෙම කිපීමෙන් හටගන්නා රෝගවලට ප්‍රත්‍යක්ෂව ඖෂධයක් යකිනාරං. පැඟිරි සුවඳ වහනය වන ඝනකම් පත්‍ර ළපටි දළු කැඳක් වශයෙන් සකසා ගත හැකි යි. අනික් කොළකැඳට වඩා ඉතා රසවත්. සුවඳ යි. කටු සහිත යි. මීටර දෙකක් උසට හැදෙනව. හරි සෙමින් වර්ධනය වෙන්නෙ. පත්‍රයක් පළල් වෙන්නත් සෑහෙන කාලයක් ගන්නවා. නාගරික පරිසරයේ නම් දකින්නවත් නෑ. අවුරුදු විසි හයක් වෙනකල් මම යකිනාරං දැකල තිබුණෙ නෑ. ගම්බද වැසියන්ට නම් සුලබ යි. දේශීය ශාකයක්. මුල් මඟින් සහ බීජ මඟින් ව්‍යාප්ත වෙනවා. ඇදුරු වැඩවල දි පැඟිරි පස් පංගුවට පාවිච්චි කරනවා යකිනාරං ගෙඩි. කුඩා ගෙඩි හටගන්නෙ. පැලයක් පරෙස්සමින් හදාගන්න හරි අමාරු යි. මුල් ඉක්මණින් වියැලෙනවා. ගළවනකොට පස් තට්ටුව එක්ක ම වටෙන් හාරල පරෙස්සමට ගන්න ඕන. සිරෝසිස්, අක්මාගත රෝගවලට ගුණදායක යි. පැසවූ සෙම් හෙම්බිරිස්සාවට දුම් ඇල්ලීමත් කළහැකි යි. මේදය නසනවා. සමේ කැසීම් රෝගවලට කොළ තම්බා සේදීම කළ හැකි යි. මදුරුවන් පලවා හරිනවා. වෑංජන රසවත් කිරීමට යොදා ගන්නා රසකාරක හදන්නත් ගන්නවා. සෑම ගෙවත්තක ම අනිවාර්යයෙන් තිබිය යුතු ශාකයක්. පොඩිදරුවන්ට පවා සෙම් අමාරු හැදුණ ම මව්පියො ඉක්මණින් පෙති කරල් ගිල්ලනවා. ඒකෙන් ප්‍රතිශක්තිය වැඩිල කරන්න ඕන දේ සිදුවෙන්නෙ නෑ. හැම දා ම බේත්වලින් යැපෙනවා. මේවායින් රෝගයත් සුව වෙලා ශරීර ප්‍රතිශක්තියත් වැඩෙනවා. කොරෝනා ව්‍යසනය ශරීර ප්‍රතිශක්තිය පවත්වා ගැනීම පිළිබඳ ව අපට ලොකු පාඩමක් කියා දුන්නා.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here