මෝටර් සයිකලයක් මිලදී ගන්න හිතුවා නම්, ඊට කලින් මේ කරුණු ගැනත් හිතල බලන්න – Sri News

0
9

මෝටර් බයික් කියන්නේ කොයි වගේ පිස්සුවක්ද කියන එක සාමාන්‍යයෙන් කොල්ලෝ ඉතාම හොඳට දන්නවා. කොල්ලෝ විතරක් නෙවෙයි, සමහර වෙලාවට කෙල්ලොත් ඉතාම හොඳින් දන්නවා. ගොඩක් වෙලාවට මෝටර් බයික් එකක් මිලදී ගන්නවා කියන්නේ කොල්ලෙක්ගේ, කෙල්ලෙක්ගේ සිහින සැබෑවීමක් වගේ තමයි. හැබැයි ඉතින් මෙහෙම දේකුත් තියෙනවා. කොයි තරම් මෝටර් බයික් වලට පිස්සු වැටිලා හිටියත්, හිතට අල්ලන බයික් එක ඔහේ අරගෙන ඇවිත් හරියන්නෙ නෑ. විශේෂයෙන්ම සෙකන්ඩ් හෑන්ඩ් බයික් එහෙම ගන්නවා නම් අතිශයින්ම ප්‍රවේසම් වෙන ඕන. ආන්න ඒ නිසා අපි හිතුවා මෝටර් බයික් වලට ආස කෙනෙක්ට මෝටර් බයික් එකක් ගන්න කලින් හිතන්න ඕන දේවල් ලැයිස්තුවක් ඉදිරිපත් කරන්න.

 

මෙන්න මේක ඉතාම වැදගත් ප්‍රධාන කාරණාවක්. බයික් එකක් ගන්න  කලින් හිතල බලන්න ඕන තමන්ට ගැලපෙන්නේ, තමන්ට අවශ්‍ය වෙන්නේ මොන වගේ බයික් එකක්ද කියන එක. ඔන්න ස්කූටර් බයික්ස් තියෙනවා. ස්කූටියක් ඉතින් එදිනෙදා පාවිච්චියට, ලඟ ලඟ දුවන්න මරු. ඊට පස්සේ කෘසර් බයික්ස් තියෙනවා. මේවා දැවැන්ත බයික්. මෙව්වා හරියන්නේ ඉතින් දුර ධාවනයට තමයි. ස්පෝර්ට්ස් බයික් වල ලුක් එක එහෙම සුපිරි. හැබැයි එව්වා ගැලපෙන්නේ එදිනෙදා ට්‍රැෆික් පාරවල් වල යන්න නෙවෙයි. වඩාත් වේගවත් ධාවනයකට. එතකොට ඩර්ට් බයික්ස් නැතිනම් ට්‍රේල් බයික්ස් එහෙම ගත්තහම ඒවා තියෙන්නේ ගොඩක්ම ඕෆ් රෝඩ් වගේ ධාවනයන්ට තමයි. එදිනෙදා පාවිච්චියට ඒ තරම් සැපපහසු නැතිවෙන්න පුළුවන්. ඊට පස්සේ කමියුටර් බයික්ස් කියන්නේ එදිනෙදා ඔෆිස් යන්න එන්න, ට්‍රැෆික් පාරවල යන්න වගේ දේවලට කියාපු බයික්ස්. මේවා වල සැපපහසුවත් හොඳයි. ඒ වගේම ගොඩක් වෙලාවට කමියුටර් වල තෙල් වැඩ කිරීමත් අනර්ඝයි.

 

ඉතින් මෙන්න මේ විදියට තියෙන විවිධ බයික් අතරින්, තමන්ගේ අවශ්‍යතාවය අනුව මොකද්ද හරියන්නේ කියලා හිතලා බලන්න පුළුවන්.

 

සමහරු ඇත්තටම බයික් එකක් ගන්නේ ඒකේ තියෙන පෙනුමට. බොරු නෙවෙයිනේ. හැබැයි පෙනුමට ගන්න බයික් එක පදින්න ගියහම කෙනෙක්ට තේරෙන්න පුළුවන් ඇත්තටම තමන්ට ගැලපෙන බයික් එක ඒක නෙවෙයි කියලා. හැබැයි ඉතින් දැන් මොකද විකුණන්නද, බැහැනේ. ආන්න ඒ නිසා මුලින්ම හිතන්න ඕන අපිට ප්‍රායෝගිකව ගැලපෙන බයික් එකක්ද අපි ගන්න යන්නේ කියන එක. උදාහරණයක් විදියට කිවුවොත්, අර දෙකට නැවිලා පදින්න ඕන විදියේ රේසින් බයික් එකක් ගත්තට, එහෙම බයික් එකක් දිනපතා පාවිච්චිය කෙනෙක්ට අමාරු වෙන්න පුළුවන්.

 

ඊලඟට රයිඩ් එකේ කොලිටිය. මේක නම් ඇත්තටම වැදගත් වෙන්නේ තමන් බයික් එකක් ගන්න කාරණාවට. ඒ කියන්නේ තමන්ට ලඟ අහළ පහළ කඩේකට යන්න නම්, දීර්ඝ ගමනක රයිඩ් කොලිටිය ලබාදෙන බයික් එකක් අවශ්‍ය නෑ. හැබැයි තමන් ගන්න බයික් එක හැබෑවටම එන්ජෝයි කරන්න අවශ්‍ය කෙනෙක් නම් ගන්න ඕන දීර්ඝ ගමනකදී වුනත් තමන්ට දැනෙන රයිඩ් කොලිටියක් තියෙන බයික් එකක් තමයි.   

 

බයික් එකක සයිස් එක ඇත්තටම බලපානවද? ඔව්, බලපානවා. අන්න ඒ නිසා එතනදීත් තමන්ගේ හීන බයික් එක කොහොමහරි ගන්නවට වඩා, තමන්ගේ සයිස් එකට හරියනවද ඒ බයික් එක කියලා පොඩ්ඩක් හිතන්න වෙනවා. උදාහරණ ගමු. දැන් ඔය ට්‍රේල් බයික් තියෙන්නේ. එව්වා සාමාන්‍යයෙන් ගත්තහමත් සෑහෙන්න උසයි. හැබැයි අපිට කොහොම හරි ට්‍රේල් බයික් එකට නැගගත්තත් කකුල් බිම තියාගන්නවත් බැරි නම්? ආන්න ඒක සෑහෙන්න අවදානමක්. එතකොට ඔය රෝයල් එන්ෆීල්ඩ් වගේ බයික් එකක් ගත්තොත් විශාලයි වගේම සෑහෙන්න බරයි. එතකොට එහෙම බයික් එකක් ඕනම කෙනෙක්ට හැන්ඩ්ල් කරන්න බෑ. එතකොට සෑහෙන්න විශාල හොන්ඩා සීබීආර් එකක් නැතිනම් සුසුකි හයබුසා වගේ බයික් එකක් අරගෙන කුරුල්ලා වගේ යන්න අපි ආස වුණත්, ඒ වගේ විශාල බයික් එකක් හැන්ඩ්ල් කරගන්න තමන්ගේ ශරීර ප්‍රමාණය සහ ශරීර ශක්තිය ප්‍රමාණවත් නැති නම්, ඒක කෙළවර වෙන්නේ අනතුරකින් වෙන්න පුළුවන්.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here