තමන්ට මොරටුව විශ්ව විද්‍යාලයේ උපාධියක් නොමැති බව කථානායක අශෝක සපුමල් රන්වල මහතා ප්‍රකාශ කර තිබේ.
ඒ, ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ පළවන තොරතුරුවල සත්‍ය අසත්‍යතාව පරීක්ෂා කරන Sri Lanka Fact Crescendo වෙබ් අඩවිය කළ විමසීමකට පිළිතුරු ලබාදෙමිනි.
එසේම තමන්ට මොරටුව විශ්ව විද්‍යාලයේ උපාධියක් ඇතැයි තමන් ප්‍රකාශ නොකළ බවත් ඔහු සඳහන් කර තිබේ.
එහෙත් තමන්ට ජපානයේ වසේඩා විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධියක් ඇති බවත් ඔහු එම වෙබ් අඩවියට වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
කථානායකවරයාගේ ප්‍රතිචාරය Sri Lanka Fact Crescendo වෙබ් අඩවිය විසින් වාර්තා කර තිබුණු ආකාරය සහ එහි සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.
Sri News Media