මෛත්‍රී පාර්ශ්වයෙන් ශ්‍රීලනිපයට නව වැඩබලන මහලේකම්වරයෙක්

0
4

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වයේ වැඩබලන මහලේකම්වරයා ලෙස නීතිඥ කීර්ති උඩවත්ත පත්කර තිබෙනවා.

එම පාර්ශ්වයේ අද (12) පැවති විධායක සභා රැස්වීමේ දී මෙම පත් කිරීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

මෙම විධායක සභා රැස්වීමේ දී මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස් වුණා.

ඉන් අනතුරුව එම තනතුර සදහා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පත්කර ගැනීමට මෙම විධායක සභා රැස්වීමේ දී ඒකමතිකව තීරණය කෙරුණා.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here