මෛත්‍රී අමෙරිකා යයි

0
8

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එම පක්ෂයේ නිලධාරීන් දෙදෙනෙකු අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඉන්දියාවේ නවදිල්ලි නුවරට ගොස් එතැන් සිට වෙනත් ගුවන් යානයකින් අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බලා ඔවුන් පිටත්ව ගිය බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එලෙස අමෙරිකාව බලා පිටත්ව ගොස් ඇත්තේ එරටදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජන හමු මාලාවකට සහභාගි වීම සඳහා බවයි එම පක්ෂය පැවසුවේ.

එම ජන හමු මාලාව ලබන 15 වනදා සිට ආරම්භ වන බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැඩිදුරටත් පැවසුවා. 

 



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here