මේ දවස් වල යූටියුබ් ට්‍රෙන්ඩිං යන ගොං පාට් – Youtube Trendings and Whatnot – Sri News

0
5

අපි හැමෝම පාවිච්චි කරන වෙබ් සයිට් එකක් විදියට යූටියුබ් හඳුන්වන්න පුළුවන්. ඒ වුනත් ඒ අපි හැමෝම පාවිච්චි කරන වෙබ් සයිට් එක සල්ලි බලාගෙන කරන සමහර මිනිස්සුන්ගෙ කන්ටෙන්ට් හින්දා හොඳටම අවුල් වෙලා. මේ කියන්න යන්නෙ අන්න ඒ විදියට අවුල් දේවල් ටිකක් ගැන.මේව අහල හිත රිදුනනං, ඒ අයට අපි සොරි කියන්නෙ නෑ. අපිට ඒ අය ගැන දුකක් තියෙනවා. එච්චරයි.

 

ආගම කියන්නෙ යූටියුබ්වල හොඳටම ට්‍රෙන්ඩ්  වෙන දෙයක්. ඒ ඇයි?  ගොඩක් අය කැමතියි සෝෂල් මීඩියා ඇතුළෙ තමුන් ආගමික ඩයල් එකක් කියලා පෙන්නන්න. අන්න ඒ වෙනුවෙන් මිනිස්සු ආගමික දේවල් ෂෙයා කරගන්නවා. අන්න ඒ නිසා මේ වගේ ළපයි සිපයි ක්‍රියේටර්ස්ලා බිහිවෙනවා. මොකක්හරි බණක් හොයාගෙන ඒකෙ තියෙන ආතල්ම කෑල්ල අල්ලගන්නවා. ඊටපස්සෙ දානව හෙඩිමක් මෙහෙම. ගෑනු ළමයින්ගෙ පපුවෙ පේන ඉර ගැන අපේ හාමුදුරුවො කිවුව කතාව, පුංචි කාලෙම රූම්වලට යන කෙල්ලොන්ට ඇන්තනී ෆාදර් කියපු සිරා කතාව වගේ කෑල්ලක් දැම්මම ඕක ට්‍රෙන්ඩ් වෙනවා. ඇත්තටම ඔය ආගමික පූජකයොත් තමුන් ගේ දේශනා ධර්මයට අදාළයිද කියල දෙපාරක් හිතනවනං හොඳයි.

 

හරි ඉතිං කලාව කියන්නෙ කවදත් පුවත් මැවෙන තැනක්නෙ. හැබැයි යූටියුබ් ඇතුළෙ කලාව කියන්නෙ නැති නිවුස් පවා මවන තැනක්. අපි කියන්නං උදාහරණ ටිකක්. ෂනුද්‍රි නටන වෙලාවෙ කාලිංග පිටිපස්සෙන් ඇවිල්ලා කරපු දේ(ඇත්තටම සිද්ධ වෙන්නෙ, ෂනුද්‍රිට අං දෙකක් තියන එක), චාමර අයියා සින්දුව කියද්දි කෙල්ලෙක් චාමර අයියට දීපු බැල්ම(මීටර් සීයක් විතර ඈතින් පන්දාහක් විතර සෙනග මැද්දෙ කෙල්ල ඇහෙන් දෙන බැල්මවල් ඇහුවෙන්නෙ කැමරාවට විතරයි මචං), රූකාන්ත කෑම කන ගමන් ඉන්ද්‍රානි පෙරේරට අනිත් කට්ටියට නොපෙනෙන්න කරපු වැඩේ(අක්කෙ, ඔයා ඉස්සො කන්න ආසයි නේද? ආ!) ඇත්තටම ඉතිං ඕව තමයි ට්‍රෙන්ඩ් වෙන්නෙ.

 

මේකනෙ ඉතිං හොඳටම ට්‍රෙන්ඩ් වෙන කතාව. සෙක්ස්. හොයාගන්නව පරණ සීන් එකක්. එහෙමත් නැත්තං අලුත් නිල් කතාවකින් හරි අයිඩියා එකක් ගන්නවා. වීඩියෝ එකේ තියෙන්නෙ ෆොටෝ විතරක් වුනත් ඇත්ත කතාවක් නෙමෙයි නිසා කොහෙවත් මේකට ෆොටෝ නෑ. ඒ නිසා කෙල්ලොන්ගෙ ලස්සන පින්තූර ටිකක් හොරකං කරලා ඒවයින් අඟපසඟ මනාව පෙනෙන පින්තූර ටිකක් හදාගෙන දානව වීඩියෝ එකක්. ආඩම්බරේට ඉන්න ඉංග්‍රීසි ටීචර් කොල්ලො තුන්දෙනෙකුව පන්තිය ඇතුළෙදි දූෂණය කරපු හැටි කියයි(ඡායාරූප මන:කල්පිතයි)

 

දැන් ඔය කරන්ට් ඉෂූස් තියෙනවනෙ. උදාහරණයකට කියමුකො බෙල්ලන්විල හාමුදුරුවන්ගෙ අභාවය සහ ලන්ඩන් ත්‍රස්ත හිතවාදීන්ගෙ සිද්ධිය කියලා. ඔන්න ඕකටත් නිවුස් එකක් ලියනවා. හාමුදුරුවොන්ගෙන් අලියගෙයි පින්තූර ටිකක් දානවා. දාලා හදපු වීඩියෝ එතට අපේ කතාවක් කියවනවා. ඒ දේවල් කොච්චර ගොං වුනත් කට්ටිය ඒව බලන්නෙ පොර කකා. ඇයි ඉතිං ජාතිකානුරාගය, දේශප්‍රේමය වගේ දේවල් තියෙනවානෙ

 

මිනිස්සුන්ගෙ බය සහ කුතුහලය ඇවිස්සීම තමයි ඊලඟ කාරණේ. මහ දවාලෙ දෙහිවලදි හොල්මනක් ලයික් එකට කරපු වැඩේ. නාට්‍ය කණ්ඩායමේ රූගත කිරීම් අතරතුර ඔවුන්ට තේ දුන් කාන්තාව හොල්මනක්ද? ඔන්න ඔය වගේ හෙඩිමක් ගැහුවම හෙඩිම විතරක් වුනත් ගානට මාකට් කරන්න පුළුවන්. මේක තනිකරම මිනිස්සුන්ගෙ ඔලුවටම ගහන පාරක්.

 

මේ කියන කතා ඔක්කොම ගොසිප් විදියට යන රාගය අවුස්සන සුළු ප්‍රකාශ වුනත් මේවයෙ අන්තර්ගතය ගැන නොකියා ඉන්න බැහැ. මේ අය ස්පෝට්ස් කියල දාන්නෙ හොඳටම ප්‍රසිද්ධ මැච් එකකට මෙයාලගෙ ට්‍රෙන්ඩින් හෙඩිමක් දාන එක විතරයි. නිකමට හිතුවොත් මෙහෙම, දිනන්න එක ලකුණක් ගහන්න තියෙද්දි රවීන්ද්‍ර පුෂ්පකුමාරට කියපු කතාව. වගේ හෙඩින් දැම්මම කුතුහලයට සෙනග ඇදෙන නිසාම ඔටෝ ට්‍රෙන්ඩින් වෙනවා.

 
Cover Image Source – youtube.com / 123rf.com
 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here