මේ දවස්වල කතාවෙන ඇෆලටොක්සින් ගැන ඇත්ත නැත්ත – Sri News

0
5

කොරෝනා කරදර ජරමර අස්සේ ලංකාවේ අලුත්ම ප්‍රශ්නය තමයි විෂ පොල්තෙල් කියන්නෙ. පහුගිය දවස්වල එක පේළියට ඉගෙනගත්ත අලුත් අලුත් වචන ගොන්නට තවත් වචනෙකුයි, ජීවිතේට තවත් හිසරදයකුයි දෙකම එකපාර අරගෙන ඔන්න ඇෆලටොක්සින් කරළියට ඇවිල්ලා. ඉතින් හැමෝම කතාවෙන එකේ අපි හිතුවා මේ කතාන්දරය ගැන ඇත්ත නැත්ත අපිත් කියන්න ඕන කියල. මොකද සමාජයේ මිනිස්සු එක්ක කතාබහ කරද්දි මේ ඇෆලටොක්සින් ගැන සමහර කතන්දර ඇත්ත වුණාට සමහර දේවල්නම් විද්‍යාත්මකව ඇත්ත නොවෙන නිකන්ම කතන්දර බව අපිට දකින්න ලැබෙනවා. ඉතින් ඔහේ කියවන්නන් වාලේ කියවන්නෙ නැතුව, බයවෙන්නන් වාලේ බයවෙන්නෙ නැතුව මේ ඇෆලොටොක්සින් ගැන ඇත්තම ඇත්ත කතාව කියවල හරියටම බයවෙමු. මොකද මේක ඇත්තටම බයවෙන්න ඕන කතාවක්.

 

 

සරලවම කිව්වොත් ඇෆලටොක්සින් කියල කියන්නෙ දරුණු පිළිකාකාරක විෂ වර්ගයක්. පසෙහි තියෙන දිරාපත්වෙන ගස්, පිදුරු සහ ධාන්‍ය වර්ග වල තමයි මේ ඇෆලටොක්සින් සාමාන්‍යයෙන් දකින්න පුළුවන්. හැබැයි හරි විදිහට ගබඩා නොකරපු මිරිස්, ගම්මිරිස්, කපු, මෙනේරි, රටකජු, සහල්, තල ඇට, බඩ ඉරිඟු වගේ ආහාර ද්‍රව්‍ය වලත් මේ ඇෆලටොක්සින් කියන විෂ සහිත පිළිකාකාරකය දකින්න පුළුවන්. ක්ෂ්ද්‍ර ජීවින් විසින් නිකුත් කරන විෂ සහිත සංයෝග මඟින් තමයි මේ ඇෆලටොක්සින් නිෂ්පාදනය වෙන්නෙ. 

 

මෙන්න මේක හැමෝගෙම අතරේ තියෙන වැරදි මතයක්. අපිට ඒ කිව්වේ ලංකාවේ බහුතරයකට මේ ඇෆලටොක්සින් කියන වචනය සමීප වෙන්නෙ ඉතාම මෑතක පොල්තෙල් කියන මාතෘකාවත් එක්ක උනාට ඇෆලටොක්සින් කියන්නෙ කලිනුත් කිව්ව වගේ හරි විදිහට ගබඩා නොකරපු හුඟක් ආහාර වල අඩංගු වෙන්න පුළුවන් දෙයක්. ඒ නිසා පොල්තෙල් විතරක් නොකා පරිස්සම් උනා කියලා ඇෆලටොක්සින් කියන මාරයාගෙන් ගැලවෙන්න අපිට බැහැ. ඒ නිසාම තමයි මේ ගැන හරියට කියවලා දැනුවත් වීම වැදගත්. 

 

ඇෆලටොක්සින් අඩංගු වෙනත් ආහාර ගැන කිව්වොත් ලොකු ලැයිස්තුවක්ම කියන්න වෙනව. ඒ කියපු ආහාරවල පුස් බැඳිල තියෙනවනං, විශේෂයෙන්ම කොළ පැහැයට හුරු පුස් බැඳීමක් දකින්න පුළුවන්නම් ඒ කියන්නෙ  ඒ ආහාරය මත ඇෆලටොක්සින් වර්ධනය වෙනව කියන එකයි. අපි කලින් කියපු මිරිස්, ගම්මිරිස්, බඩ ඉරිඟු, ධාන්‍ය වර්ග වල වගේම කුකුළු මස්, බිත්තර වගේ මාංශ ආහාර වලත් මේ ඇෆලටොක්සින් හමුවුණු වාර්තා පකිස්තානය වගේ රටවල් වලින් හමුවෙලා තියෙනවා. ඒවට මූලිකවම බලපානව කියල කියන්නෙ සත්තුන්ට දෙන සත්ව ආහාර වල මේ විෂ අඩංගු වීම. 

 

 

ඔන්න අපි ඇෆලටොක්සින් ගැන දැනගන්නෙ මෙන්න මෙහෙමයි. මාර්තු මාසයේ අග භාගයේ දවසක ප්‍රවෘත්තියක් එනව ලංකාවට ආනයනය කරල තියෙන පොල්තෙල් බහාලුම් කිහිපයක සාම්පල පරික්ෂා කිරීමේදී ඒවගේ ඇෆලටොක්සින් කියන විෂ අඩංගු බවට තහවුරු වෙලා තියෙන බවටත් ඒවා හොර පාරෙන් වෙළඳපොළට නිකුත් කිරීමේ සැලසුම් තියෙන බවටත්. කතන්දරේ හාරවුස්සල බලපුවහම මේ පොල්තෙල් ප්‍රශ්නේ සම්බන්ධව මුල්ම නියැදි පරීක්ෂණය සිදු කරලා තියෙන්නෙ පෙබරවාරි මාසයේ අග හරියේ දවසක. 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here