මේ ඔබ කිසිදාක ශ්‍රවණය කළ ධර්මයට වඩා අතිශයින්ම වෙනස් මගකින් යන භාග්&#x200d…

0
9

මේ ඔබ කිසිදාක ශ්‍රවණය කළ ධර්මයට වඩා අතිශයින්ම වෙනස් මගකින් යන භාග්‍යවතුන් වහන්සේගේ නිවන් මගයි. බොහෝ කලක් අපගේ ශ්‍රවණයට අහිමිව තිබූ අවස්ථාවයි.
🌸🌸🌸🌸🌸🌸 🙏 🌸🌸🌸🌸🌸🌸

මීට වසර දෙදහස් පන්සීයකට පමණ පෙර ඒ ගෞතම භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ බව අප අසා ඇත්තෙමු. ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් සසර කතරින් එතෙර වීම පිණිස ලෝක සත්වයා වෙත මහා කරුණාවෙන් සදහම් දෙසූ බව ද අප අසා ඇත්තෙමු. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කිරීම තුළින් ඒ ධර්මය ශ්‍රවණය කරන ලද බොහෝ දෙනෙක් ඒ උතුම් සද්ධර්මය තමා තුළින්ම අවබෝධ කරගෙන මෙලොවදී ම ක්ලේශයන්ගෙන් අතමිදුණු බව අප බොහෝ කොට අසා ඇත්තෙමු. එපමණක් නොව භාග්‍යවතුන් වහන්සේගෙන් සද්ධර්මය ශ්‍රවණය කරන ලද ඒ සද්ධර්මය තමාගේ ජීවිතය තුළ ස්ථාපනය කර ගන්නා ලද ඒ ආර්ය මහා සංඝ රත්නය විසින් තවත් බොහෝ දෙනා වෙත සද්ධර්මය දේශනා කළ බව ද, එම දේශනාවන් ශ්‍රවණය කරන ලද තවත් බොහෝ දෙනා ඒ ධර්මය අවබෝධ කළ බව ද අප බොහෝ කොට අසා ඇත්තෙමු.

අපද බොහෝ කලක් තිස්සේ දාන, ශීල, භාවනා වශයෙන් නොයෙක් ආකාරයේ පින් දහම් වල යෙදුනෙමු. අප ද බොහෝ කලක් ගුරු උපදෙස් යටතේ භාවනාව ද කලෙමු. ධර්මය ද ඇසුවෙමු. ගුණ දහම් ද පිරුවෙමු. භාවනා ද කලෙමු. එහෙත් එදා තථාගතයාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කළ ඒ ශ්‍රාවකයන් යම් අවබෝධයක් ලැබුවේ ද ඒ ධර්ම අවබෝධය අපට ලබාගැනීමට හැකියාවක් නොලැබුණු බව අප දන්නෙමු. එහෙත් භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය ස්වාක්ඛාත යැයි ද, අකාලික යැයි ද, සන්දිට්ඨික යැයි ද, ඒහිපස්සික යැයි ද දේශනා කර ඇත. වර්තමානයේ ද නුවණින් සිහි කළ හැකි ධර්මය අවබෝධ කළ හැකි පුද්ගලයෝ නැතැයි කීමට නොහැක. එසේ වී නම් මේ ධර්මය තවමත් අවබෝධ කර ගැනීමට මෙතරම් උගහට වූ කරුණ කුමක්ද? මෙය නිවන පිණිස සදහම් මග නුවණින් සැලකුවා වූ ඕනෑම බෞද්ධයකු තුළ අනිවාර්යයෙන්ම මතු විය යුතු ප්‍රශ්නයකි. සැබවින්ම මෙම ප්‍රශ්නය තුළ බොහෝ දෙනෙකු බොහෝ කලක් සිටි බව ද නොරහසකි. නමුත් ඊට පිළිතුරක් ලබා ගැනීම අතිශයින්ම දුෂ්කර විය.

ඉතා මෑත භාගයේ තායිලන්තය වැනි රට වලින් ධර්මය අවබෝධ කළ උතුමන් වහන්සේලා ගේ ජීවන චරිත ගැන කියැවුන ද එම දහම් මග නිරාවරණය වීම පැහැදිළි ආකාරයෙන් සිදු නොවුණි. මේ නිසා විමසීමෙන් දහම් මග ගමන් කරන බොහෝ දෙනෙකුට මෙම සද්ධර්ම මාර්ගය පිළිබඳව නොයෙක් ආකාරයේ ගැටළු ඇති වූ තැන් අපමණ විය. නමුත් ඊට පිළිතුරක් සොයා ගැනීම අතිශයින්ම උගහට විය.

මෙම සකල ප්‍රශ්න ජාලාවටම පිළිතුරු සපයමින් මෑත කාලීනව ශ්‍රී ලංකාව තුළම උතුම් යතිවරයාණන් වහන්සේලා දෙපලක් බිහි වීම සැබැවින්ම මහා භාග්‍යමත් කරුණකි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය වශයෙන්ම ශ්‍රවණය කිරීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයන් වූ අපට ද උදාපත් විය. බොහෝ කාලයක් තිස්සේ අප විසින් ශ්‍රවණය කරන ලද්දා වූ ධර්මය අප කියවන ලද්දා වූ අප අසන ලද්දා වූ ධර්මය කුසල පාක්ෂික, පුණ්‍ය පාක්ෂික ධර්මයක් මිස භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද නිවන පිණිස පවතින්නා වූ සතර සතිපට්ඨාන ධර්මයෙන් බොහෝ ඈතින් පැවතිය බව අපට තේරුම් ගැනීමට හැකි විය.

මේ උතුම් අවස්ථාව ලැබීමත් සමඟම භාග්‍යවතුන් වහන්සේ විසින් සසර කතරින් එතෙර වීම පිණිස දේශනා කරන ලද ඒකායන මාර්ගය වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගය අපටද විවෘත විය. මේ විවෘත වූ ධර්ම මාර්ගය තුළ ශීල, සමාධි, ප්‍රඥා වශයෙන් ධර්ම මාර්ගය වඩනා ආකාරයත්, සැබැවින්ම භාග්‍යවතුන් වහන්සේගේ පෙළ දේශනාවන් සමඟ එය පැහැදිළිවම එකඟ වන ආකාරයත්, මේ ධර්ම ශ්‍රවණයට පෙර පෙළ දේශනාවන් ශ්‍රවණය කිරීමේදී සහ පෙළ දේශනාවන් කියැවීමේදී පෙළ පිළිබඳව තිබුනාවූ අදහසත්, සැබැවින්ම ධර්ම මාර්ගය තුළ ඒ පෙළපොත් වල කියැවෙන්නා වූ කාරණාව පිළිබඳව ඇති ගම්භීර අරුතත්, වටහා ගැනීමට හැකියාවක් ලැබීම ඒ උතුම් යතිවරයාණන් වහන්සේලාගෙන් අපට ලැබුණ මහා දායාදය විය.

ශ්‍රී ලංකාව තුළ ධර්ම මාණික්‍යයන් බඳු වූ වසර 1300 කට පමණ පසු ලක් සදහම් අඹරේ පෑයූ හිරු සඳු මඩල වැනි වූ, ලොවට උතුම් පිංකෙතක් බඳු වූ අතිපූජනීය පිටිගල ගුණරතන ස්වාමින්වහන්සේ සහ අතිපූජනීය මාන්කඩවල සුදස්සන ස්වාමින්වහන්සේ විසින් දේශනා කරනු ලබන ඒ භාග්‍යවතුන් වහන්සේගේ සද්ධර්මය ශ්‍රවණය කිරීමේ අවස්ථාව ලෝවාසී අප සැමටම දැන් උදාවී තිබේ.

ඔබ බොහෝ සෙයින් ධර්මය ශ්‍රවණය කර ඇති බව අපි ඉතා හොඳින් දන්නා කරුණකි. එහෙත් මේ ඔබ කිසිදාක ශ්‍රවණය කළ ධර්මයට වඩා අතිශයින්ම වෙනස් මගකින් යන භාග්‍යවතුන් වහන්සේගේ නිවන් මගයි. බොහෝ කලක් අපට ශ්‍රවණයට අහිමි වූ අවස්ථාවයි. ඔබ යම් අකාරයකින් මෙම ධර්ම දේශනා වලින් එක් ධර්ම දේශනාවක් හෝ නිවැරැදි ආකාරයෙන් ශ්‍රවණය කරගතහොත් තමාගේ ජීවිතය තුළින් එම ධර්ම කාරණාව දැකගත හැකි ආකාරයෙන්ම එම ධර්මය ශ්‍රවණය කළහොත් මේ සසර මගින් එතෙර වීමට එම ශ්‍රවණයම ප්‍රමාණවත් වීමට ඉඩ ඇත. එබැවින් මෙම ධර්ම දේශනාවන් කෙරෙහි සාමාන්‍ය වශයෙන් ඔබ මෙතෙක් ශ්‍රවණය කරන ලද ධර්ම දේශනාවන් වලට දැක් වූ අවධානයට වඩා අතිශයින්ම වැදගත් අවධානයක් යොමු කරන ලෙස මෛත්‍රී සිතින් යුක්තවම කරුණාවෙන් සිහිකරමු. ඔබ සැමට සද්ධර්මාවබෝධය පිණිස මෙම ධර්ම දානය හේතු වේවා!

උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය චතුරාර්ය සත්‍ය ධර්මය වශයෙන් ම ශ්‍රවණය කරමින් එම කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලබමින් සද්ධර්මය ශ්‍රවණය කර තමා තුළින්ම යෝනිසෝමනසිකාරයෙන් නුවණින් මෙනෙහි කර උතුම් වූ සදහම් මගට පැමිණ සදහම් සුව විඳීමට සියලු ලෝක සත්වයිනට හැකිවේවා! යි යන උතුම් ප්‍රාර්ථනය කරමින් මෙම උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මය සකල ලෝක සත්ත්වයා වෙත මෙත් සිතින් මෙසේ පවත්වමු.

————————————————————
🌸 ධර්ම දේශනා 🌸
————————————————————

🔴 අතිපූජනීය මාන්කඩවල සුදස්සන ස්වාමින්වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම දේශනා 👇
https://www.youtube.com/channel/UCt0t1BV-KzWNcUrzRyJ708w

🔴 අතිපූජනීය පිටිගල ගුණරතන ස්වාමින්වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම දේශනා 👇
https://www.youtube.com/channel/UCF0EAOk1oOWlitTN5x5yvHQ
—————————— 🌸 ——————————

මීට අමතරව මෙම ස්වාමින්වහන්සේලාගේ තවත් බොහෝ ධර්ම දේශනාවන් ශ්‍රවණය කිරීම සඳහා youtube එකට පිවිස,

• මාන්කඩවල සුදස්සන ස්වාමින්වහන්සේ
• mankadawala sudassana thero

• පිටිගල ගුණරතන ස්වාමින්වහන්සේ
• pitigala gunarathana thero

ආදී ලෙස type කර තවත් එවැනිම බොහෝ ධර්ම දේශනාවන් ශ්‍රවණය කළ හැකියි. එලෙසින්ම මාන්කඩවල සුදස්සන ස්වාමින්වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වන අතිපූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමින්වහන්සේ විසින් දේශිත තවත් එවැනිම බොහෝ ධර්ම දේශනාවන් ද,

• කොත්මලේ කුමාරකස්සප ස්වාමින්වහන්සේ
• kothmale kumara kassapa thero

යනුවෙන් youtube එක තුල search කිරීමෙන් ඔබට ඉතා පහසුවෙන් ශ්‍රවණය කළ හැකියි.

🔴 කොත්මලේ කුමාරකස්සප ස්වාමින්වහන්සේ විසින් දේශනා කරනු ලබන විභජ්ජවාද සදහම් දේශනා මාලාව 👇

🌸🌸🌸🌸තෙරුවන් සරණයි🌸🌸🌸🌸




Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here