මෙවර මුල්ලවයික්කාල් සමරුව මහ ඉහලින්.. සැමට ආරාධනා..

0
9

යුද්දය අවසන් වී වසර 15 ක් ගෙවීම නිමිත්තෙන් අවසන් යුද බිම වූ මුලතිව් වෙල්ල මුල්ලි වයික්කාල්හි පිහිටි යුද ස්මාර්කය අසලදී මේ මස 18 වනදාට යුද්දයෙන් මිය ගිය වැසියන් සිහිකිරීමේ 15 වන යුද සැමරුම් උත්සවය වෙනුවෙන් හැකි සියලු දෙනාට සහභාගී වන ලෙසට මුල්ලිවයික්කාල් නැවත පදිංචි වූවන්ගේ සංගමය ඉල්ලා සිටියි.

මුලතිව්  වෙල්ල මුල්ලි වයික්කාල්හි මිය ගිය වැසියන් වෙනුවෙන් ආශිර්වාද සෙත් ශාන්ති පමුණුවන ස්මාර්කය අසල හා අවට ප්‍රදේශය මේ දිනවල සුද්ද පවිත්‍ර කිරීමේ අවස්ථාවන්ට සහභාගී වෙමින් මුල්ලිවයික්කාල් වැසියන් මේ බව කිය සිටියි.

යුද්දය අවසන් වී වසර 15 මේ වන විට ගෙවී ඇති අතර මේ මස 18 වනදාට යුද්දයෙන් මිය ගිය අයගේ සියලුම ඥාතීන් මෙන්ම නැවත පදිංචි වූ වැසියන් ඇතුලු හැකි සියලුම ජනතවට එදින මුල්ලිවයික්කාල් යුදසැමරුම් ස්මර්කය අශියසට පැමිණෙන ලෙසට ඉල්ලා සිටියි.

මේ අතර අවසන් යුද්දයේදී මිය ගිය සාමාන්‍ය ජනතව වෙනුවෙන් සෙත් පතා ප්‍රදේශයයේ ජනතාව විසින් කැඳ දන්සල්ද මුලතිව් දිස්ත්‍රීක්කයේ සංවිධනය කොට ඇති අතර එහිදීද මැයි 18 වනදට හැකි සියලුම දෙනාට යුදසැමරුම වෙනුවෙන් සහභාගී වන ලෙසට දැනුම් දෙනු ලබයි.

මෙවර සැමරුම වෙනුවෙන් යාපනය සරසවියේ ශිෂ්‍ය සංගමයදසහය දක්වා ඇති අතර විවිධ ස්වේච්ඡා සංවිධාන මෙන්ම ආගමික නායකයින් රැසක්ද දේශපාලන නියෝජිතයින් රැසක්ද සහභාගීවීමට නියමිතව ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here