මෙම වසරේ මේ දක්වා කාලය තුළ මැලේරියා රෝගීන් 9 දෙනෙකු වාර්තා වෙයි – Sri News දේශීය පුවත්

0
17

මෙම වසරේ මේ දක්වා කාලය තුළ මැලේරියා රෝගීන් 09 දෙනෙකු වාර්තා වී ඇති බව මැලේරියා මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ පුබුදු චූලසිරි මහතා පවසනවා.

ඒ් මහතා මේ බව ප්‍රකාශ කළේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මැලේරියා රෝගීන් බහුතරයක් වාර්තා වී ඇත්තේ, අප්‍රිකා රටවලට ගොස් පැමිණි අය අතුරින් බව ඒ් මහතා වඩිදුරටත් ‌පෙන්වා දුන්නා.

මෙරටින් අවසන් මැලේරියා රෝගීයා වාර්තා වූයේ 2012දී වුවත් 2023 වර්ෂයේදීත් මැලේරියා රෝගීන් 62ක් වාර්තා වී තිබෙනවා.

මෙලෙස වාර්තා වූ රෝගීන් සාම සාධක රාජකාරි සඳහා ගොස් පැමිණි හමුදා සාමාජිකයින් සහ මැණික් වෙළෙඳාම සඳහා ගොස් පැමිණි පුද්ගයින් බවයි තහවුරුවී තිබෙන්නේ.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here